(ජයන්ත සමරකෝන්)
වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ ‘සී 3‘ සිරමැදිරිවල කරනු ලබන හදිසි අලුත්වැඩියා කටයුතු හේතුවෙන් එහි රඳවා සිටි මරණ දඬුවම නියමවූ සිරකරුවන් 200 කට අධික පිරිසක් බන්ධනාගාරයේ ‘එච්‘ වාට්ටුව වෙත මාරුකර යවා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
මෙම පිරිස එහි රැකවල් මධ්‍යයේ රඳවා සිරකුටි ද වසාදමා ඇතැයිද පැවැසේ.
ජනාධිපතිවරයා වෙත යවා ඇති මරණ දඬුවම් ලැයිස්තුවේ සිටින 18 දෙනාද මේ අතර වන බවත් මෙම සිරකරුවන් කිසිවෙකුටත් නොපෙනෙන අයුරින් රඳවා ඇති බවද දැනගන්නට තිබේ.
මේ අතර නව අළුගෝසුවන්ට එල්ලුම් ගහ පිළිබඳව අවබෝධයක් ලබාදීම සඳහා වැලිකොට්ට එල්ලා එහි ක්‍රියාකාරීත්වය පරීක්ෂා කර බලා ඇතැයිද බන්ධනාගාර නිලධාරියෙක් පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනම හේතුවකටවත් මිනිසෙකු එල්ලා මැරීමට නියම කරන්නාටත් එසේ එල්ලා මැරීම කැමැත්තෙන් කරන්නාටත් මරණින් මතු මහමුහුදේ බලයන් වී ඉපිද හුස්ම හිර වේවි. මැරි මැරී බලවත් මිනිසෙකුව හිටි කාලයේ පීඩනයට ලක් කළ හා මැරූ මිනිසුන්ටම ආහාරයක් වෙමින් බුද්ධාන්තර අසංඛ්‍ය කාලයක් අපාගතව මිනිසත් බවක් නොලැබී සිට මනුෂ්‍යයෙකු වී ඉපදුණු පසුත් හුස්ම හිරවන පෙනහළු හා ශ්වසන පද්ධතිය ආශ්රිත රෝග ඇතිවේ.