( රොමේෂ් මධුෂංඛ)
උතුරේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් ලබාගත් ණය මුදල්හි පොලිය මුදල් අමාත්‍යංශය විසින් කපා හැරීමට පියවර ගන්නා ලෙස දැනුම් දී තිබුණද තවමත් එම ආයතන සාමාන්‍ය ජනතාවගෙන් පොලී මුදල් අයකර ගැනීමට උත්සාහ දැරීම හේතුවෙන් එම ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති.
අදාළ ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයන්ගෙන් ණය ලබාගත් පිරිසෙන් ණය මුදල් වෙනුවෙන් අයකරන අධික පොලී මුදල දරා ගත නොහැකිව මේ වන විට කාන්තාවන් 16 දෙනෙකු සියදිවි හානිකර ගෙන ඇති අතර ණය මුදල් ලබාගෙන පවුල් ආරවුල් වී කාන්තාවන් 65 දෙනෙකු දික්කසාද වී ඇති බවට වාර්තා වී ඇත.
මේ අනුව යාපනය දිස්ත්‍රික්කයේ කාන්තාවන් 1596ක්ද, කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ කාන්තාවන් 1580ක්ද, මන්නාරම් දිස්ත්‍රීක්කයෙන් කාන්තාවන් 458ක්ද, මුලතිව් දිස්ත්‍රික්කයේ කාන්තාවන් 670 ක් හා වව්නියාව දිස්ත්‍රික්කයේ කාන්තාවන් 1343 ක්ද විවිධ ක්ෂ්‍රද්‍ර මූල්‍ය ණය ආයතන මගින් ණය ලබා ගෙන ඇත.
මෙම වාතාවරණය අනුව උතුරේ කාන්තා සංවිධාන කිහිපයක් විසින් අදාළ මූල්‍ය ආයතන වෙත ගොස් විරෝධය දක්වා ඇත්තේ රජය විසින් එම ණය මුදල්හි පොලී මුදල් කපා හරින ලෙස දැනුම් දී ඇති අවස්ථාවක පොලී මුදල් එකතු කිරීමට නියෝජිතයින් නිවෙස් වෙතට යොමු නොකරන ලෙසටත් අදාළ ණය මුදල පමණක් ලබා ගැනීමට පියවර ගන්නා ලෙසටත්ය.
කෙසේ වෙතත් අදාල මූල්‍ය ආයතන මගින් මේ දක්වා එම වැසියන්ට සහනයක් නොලැබීම දැඩි අසාධාරණයක් මෙන්ම පීඩාවක් බවද උතුරේ කාන්තා සංවිධාන පෙන්වා දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ක්ෂුද්රර මුල්‍ය කියල කියන්නේ ඉතාමත් හොද සංකල්පයක් දරිද්‍රතාවයෙන් ගොඩට එන්න නිර්මාණය කල සංකල්පයක් මහාචාර්ය මොහොමඩ් ය්නුස් මැති තුමාට මේ සම්බන්දව නොබෙල් තැග්ග පවා ලැබුන අවාසනාවකට ලංකාවේ මේක දුප්පතුන් සුර කන හෙමදම දුප්පතුන් සිර කර තබන තවත් ණය උගුලක් වෙලා මේ මාෆියාව පාලනය කළ හැක්කේ පොලි අනුපාතිකය පාලනයෙන් පමණි මේවගේ පොලි අනුපාතිකය 60-70% තරම් ඉහල අගයක් ඒ වගේම අනිවාර්ය ඉතිරුම් කියල තියෙනවා මේක නියාමනය කළ යුතුයි ඒ වගේම ගෙවෙම් පැහැර හරින්නන්ට දඩුවම් කිරීමේ ක්‍රමයකුත් අනවශ්යි මේ ණය ගන්න අය නොගෙවා පැහැර හරිනවා මොකද කිසිම ඇපයක් නැතිවි මේ ණය දෙන්නේ