ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට රාහුල් ගාන්ධි තීරණය කර ඇත.

මහ මැතිවරණයේදී ලද පරාජය තමන් බාර ගන්නා බව ද පක්ෂ නායකත්වයෙන් මෙන්ම විපක්ෂ නායක ධුරයෙන් ද ඉවත් වෙමින් රාහුල් ගාන්ධි සඳහන් කර ඇත.
රාහුල් ගාන්ධි මීට පෙර ද පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර සිටියද පක්ෂයේ අනෙකුත් නායකයන් එය වැළැක්වීය.

රාහුල් ගාන්ධිගේ පියා, මිත්තණිය සහ මී මුත්තා යන තිදෙනාම ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවීය.
සිය ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායකත්වයට දෙමින් මහ මැතිවරණයේ අපක්ෂපාතීත්වය ද හෙතෙම ප්‍රශ්න කර ඇත. “අප දේශපාලන පක්ෂයක් සමඟ සටන් කළේ නැහැ. අපට ඉන්දියානු ප්‍රාන්තයේ සමස්ත මැතිවරණය යාන්ත්‍රණය සමඟම සටන් කරන්න සිදුවුණා” යැයි ඔහු සඳහන් කර ඇත.

ඒ.එෆ්.පී. සහ රොයිටර් ඇසුරිනි 

055