(ජයන්ත සමරකෝන්)
විශ්‍රාම වැටුප් විෂමතාවය මෙම මාසයේ සිට ඉවත් කිරීමත් සමඟම වැඩිවන වැටුප් ජූලි 10 වැනි දා සිට ලබාදීමට නියමිත බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසයි.
ජූලි මාසය ඇතුළුව අගෝස්තු හා සැප්තැම්බර් මාසවලදී විශ්‍රාම වැටුප් විෂමතාවය 575,000 ක් පමණ ඉවත්වන බවද එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා පැවසීය.
අංක 1 / 2019 දරණ 2019.16.11 දිනැති විශ්‍රාම වැටුප් චක්‍රලේඛයට අනුව දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 331 කදී වැටුප් විෂමතාවය ඉවත්කර ඉහළ යන වැටුප විශ්‍රාම වැටුපට එකතු කරන බවද, මෙම මාසයේ වැටුප් වැඩිවිම් නොලැබෙන අයවලුන්ට ජුලි මස සිට හිඟ මුදල් ලැබෙන බවද ඒ මහතා කීය.
මෙම මාසයේ 10 වැනිදා විශ්‍රාම වැටුප වැඩිවන්නේ විශ්‍රාමිකයින් 50,000 ක පමණ පිරිසකට බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයවැය කථාවෙදි කිව්වා ජූලි පළමුවැනිදා සිට ගෙවනවා කියලා. පළමුවැනිදා කිව්වා අද සිට ගෙවනවා කියලා අද කියනවා 10 වැනිදා සිට 50000 (පනස්දාහකට පමණක්) කට ගෙවනවා කියලා. මෙම පනස්දාහ තෝරාගත්තේ එල්ලා මැරීමට හතරදෙනෙකු තෝරාගත්තා වගේද කියන්න...