(කාංචන කුමාර ආරියදාස)
ජමාත් සංවිධානයේ නියෝජිතයන් බව පවසා දඔුලු නාහිමියන්ගෙන් රුපියල් කෝටි 10 කප්පම් මුදල් ඉල්ලූ බවට චෝදනා මත අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිටි තරුණයන් තිදෙනා ලබන (17) දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා අද (03) නියෝග කළේය.
මෙසේ බන්ධනාගාර ගත වූයේ දඹුල්ල උසාවිය හන්දිය ප්‍රදේශයේ පදිංචි එන්. කේ. මිහිඳු ගුණරත්න (33) සීගිරිය පොතාන ප්‍රදේශයේ පදිංචි ඩී. එම්. ඩබ්ලිව්. අතුල ජයසාන්ත දිසානායක (25) සහ දඹුල්ල රත්මල්කඩුව ප්‍රදේශයේ පදිංචි ජී. පී. ජී. චාමර සුසන්න කරුණාරත්න (19) යන තිදෙනා ය.
ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාරය සහ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක රන්ගිරි දඹුල්ල වළගම්බා පිරිවෙන් මැද පන්සලේ විහාරාධිපති අඹගස්වැව රාහුල හිමියන් හට දුරකථනය හරහා තර්ජනය කරමින් රුපියල් කොටි 10ක කප්පම් මුදල ඉල්ලා ඇති බවත්, උන්වහන්සේ දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා වෙත ලබා දුන් තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගත් බවත් පැවසේ.
බන්ධනාගාර ගතවූ මිහිදු ගුණරත්න නැමැති ප්‍රධාන සැකකරු නා හිමියන් වැඩ සිටින වලගම්බා පිරිවෙනෙහි මැද පන්සලේ දායක සභාවේ සාමාජිකයකුගේ පුතෙකු බවත් ඔහු පෙර සිටම වෙහෙර විහාරස්ථාන පන්සල්වල භික්ෂූන් වහන්සේලා සමඟ සමීපව ඇසුරු කළ අයෙකු බව පොලිසිය කියයි.
රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අනිත් පුද්ගලයන් දෙදෙනා ද ප්‍රදේශයේ ව්‍යාපාරික කටයුතුවල නිරතවෙමින් ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලා සමඟ ඉතා ළඟින් ඇසුරු කර පුද්ගලයන් බව හඳුනාගෙන තිබේ.
පසුගිය නඩු වාරයේදී මෙම කණ්ඩායමට දුරකථන සිම්කාඩ් පත් ලබා දුන් පුද්ගලයා විසින් සැකකරුවන් හදුනාගැනීම සිදුවිණි.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීන් සැකකරුවන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියද මුලස්ඨාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා සැකකරුවන් නැවත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටීයේය. ඒ අනුව මෙම නියෝගය ලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඹගස්වැව රාහුල හිමියන්ට අපි සියලුදෙනාම ඔහුගේ නුවණට හුරු ක්රියාවට ප්රශංසා කළ යුතුයි. උන්වහන්සේ ඉවසීමෙන් කටයුතු කළ නිසා ලොකු ජාති භේද කොලාහලයක් වැළකී ගියා...