කීඩෑ උවදුරට ලක්වූ කුඹුරු යායකට රන්න ගොවීහු ගිනි තබති රන්න - කට්ටකඩුවේ කීඩෑ උවදුරට ලක්වීමෙන් විනාශ වූ කුඹුරු යායකට අද (22) සවස ගොවීහු ගිනි තැබූහ. 22 August 2019
‘ලංකාවේ නායකයන් නිදහසින් පසු කළ සේවයට වඩා විශිෂ්ට සේවයක් මම කරනවා’ නිදහසින් පසුව මෙරට රාජ්‍ය නායකයින් සිදු කළ සේවයට වඩා විශිෂ්ට සේවාවක් රටේ ජනතාව වෙනුවෙන් ඉටු කිරීමට තමන් සුදානම් බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද(22) පැවසීය. 22 August 2019
සා.පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2018 විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (22) පස්වරුවේ නිකුත් කෙරිණි. 22 August 2019
නල්ලූර් කෝවිලේ වාර්ෂික දේව මෙහෙයට දසදෙසින් බැතිමතුන් යාපනය ඓතිහාසික නල්ලූර් කෝවිලේ වාර්ෂික පැවත්වෙන මන්චාන්, වයිරවර්, කාර්තිකයි, කායාවලී මහාවලී, තීර්තම්වරව ශාන්ති ආදී විශේෂ දේව මෙහෙයන්ට සහභාගී වීම සඳහා දිවයින පුරා බැතිමත්හු එහි පැමිණි සිටිති. 22 August 2019
‘එජාප අපේක්ෂකයා කවුරු වුවත් පක්ෂය දෙකඩවීම වැළැක්විය නොහැකියි’ එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස කවුරුන් ඉදිරිපත් කළත් පක්ෂය දෙකඩවීම වැළැක්විය නොහැකිවනු ඇතැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (22) පැවැසීය. 22 August 2019
‘ජනපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වෙන්න මට කිසිම බාධාවක් නැහැ’ තම ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගෙන තිබෙන බැවින් ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමට තමන්ට කිසිදු බාධාවක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (22) පැවැසීය. 22 August 2019
‘පාස්කුදා ප්‍රහාරය ගැන හොයන්න ස්වාධීන කොමිෂන් සභාවක් පත්කරන්න‘ පාස්කු ඉරිදා දින එල්ල වූ ප්‍රහාරය ගැන සොයාබැලීම සඳහා ස්වාධීන අපක්ෂපාතී කොමිෂන් සභාවක් පත්කරන්නැයි ඉල්ලා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන කතෝලික මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබේ. 22 August 2019
‘පක්ෂයේ අනාගතය තහවුරු කරන්න නම් පොහොට්ටුව-සන්ධානය එක්විය යුතුයි’ පක්ෂයේ අනාගතය තහවුරු කිරීමටත් ගිලිහෙන පාක්ෂිකයන් එකමුතු කරගැනීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්විය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා කොළඹදී අද (22) පැවැසීය. 22 August 2019
විශ්‍රාම යාමේ ඉල්ලීම ඉල්ලා අස්කරගනී නීතීපති දෙපාර්තමේන්තුවේ දෙවැනියා ලෙස සේවය කරන සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය විශ්‍රාම ගැනීමේ නියමිත කාලයට පෙර එම ධුරයෙන් විශ්‍රාම යෑමට ඉල්ලීමක් කර දින කිහිපයක් ඇතුළත එම ඉල්ලීම ඉල්ලා අස්කර ගෙන ඇතැයි නීතීපති දෙපාර්තමෙන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 22 August 2019
ඩ්‍රෝන යානා පිළිබඳ සංගණනයක් පැවැත්වීමට සැරසේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් ඩ්‍රෝන යානා පිළිබඳ සංගණනයක් පැවැත්වීමට සිවිල් ගුවන්සේවා අධිකාරිය තීරණය කර තිබේ. 22 August 2019
උදලු මිට පහරින් මියගිය දරුවාගේ පියා යළි රිමාන්ඩ් බිරිඳට එල්ල කළ උදලුමිට පහරින් දරුවා මියයාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකාර පියා සැප්තැම්බර් 5 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (22) නියෝග කළේය. 22 August 2019
‘ශක්තිමත් පොදු ප්‍රවාහන සේවයක් ඇතිකරනවා’ මාර්ග තදබදයට විසඳුම් ලබා දෙමින් ශක්තිමත් පොදු ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 22 August 2019
හිටපු ඇමැති ජොන්ස්ටන්ට එරෙහි ප්රතිශෝධන අයැදුම යළි කැඳවීමට දින නියම කරයි හිටපු සමුපාකාර ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවරා තිබු නඩුවක් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඉදිරිපත් කොට ඇති ප්රතිශෝධන අයැදුම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා එම ඇයැදුම ලබන මස 18 වැනිදා යළි කැදවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා අද (22) නියම කළේය. 22 August 2019
අමරවීර පොහොට්ටුවත් ගෝඨාභයත් හමුවීමට සැරැසෙයි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග මෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා සමගද සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා අද (22) පැවසීය. 22 August 2019
‘ජාතික පෙරමුණ පිහිටුවීමට අදාළ ව්‍යවස්ථා කෙටුම්පත සකසන්න’ ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ පිහිටුවීමට අදාළ ව්‍යවස්ථාවේ කෙටුම්පත වහාම සකස් කර දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ට යළිත් වරක් අද (22) දැනුම් දුන්නේය. 22 August 2019
‘ඔළුගෙඩි මාරුවකින් බලය ගන්න පොහොට්ටුව උත්සහ ගන්නේ නෑ’ ජනාධිපතිවරණයකින් හෝ ජාතික මැතිවරණයකින් මිස පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි මාරුවකින් බලය ලබාගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ උත්සාහ නොදරන බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කංචන විජේසේකර මහතා අද (22) පැවැසීය. 22 August 2019
‘ජන දුක හඳුනන නහර හොඳින් ක්‍රියාත්මක වෙනවා’ ජන දුක දකින විට තම හදවත කම්පා වන අතර තමන්ගේ ජන දුක නහර හොඳින් ක්‍රියාත්මක වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරිම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 22 August 2019
ලග්ගල ගොවියෝ රටකජු අස්වැන්නේ සරු ඵල නෙළති මොරගහකන්ද කළුගඟ ජලාශ යෝජනා ක්‍රමය යටතේ ඉදිවූ කළු ගඟ ජලාශයේ මංගල දියවරෙන් වගා කෙරුණු රටකජු අස්වනු නෙලීමේ කටයුතු මේ දිනවල ලග්ගල ප්‍රදේශයේ සිදුවේ. 22 August 2019
‘රාජපක්ෂ කල්ලිය ජනපති පුටුව ඉල්ලන් ආවේ ලේ සෝදාගෙනද?’ අද රාජපක්ෂ කල්ලිය සුදු ඇඳගෙන යළිත් ජනාධිපති පුටුව ඉල්ලාගෙන පැමිණ ඇත්තේ ඇඟපුරා තැවරුණු ලේ සෝදාගෙනදැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මැද කොළඹ ප්‍රධාන සංවිධායක මුජුබර් රහුමාන් මහතා මාධ්‍ය හමුවකදී අද(22) පැවැසීය. 22 August 2019
‘කොළඹ සිංගප්පූරුව වගේ ලෝකයේ අලංකාර නගරයක් කරනවා’ අවුරුදු පනහක් හැටක් කිසිදු සැලැස්මක් නැතුව ගොඩනැගුන කොළඹ නගරය සිංගප්පූරුව වගේ ලෝකයේ අළංකාර නගරයක් බවට පරිවර්තනය කරමින් ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 22 August 2019
සහරාන්ගේ තවත් ගෝලයකු අත්අඩංගුවට රාජ්‍ය බුද්ධි අංශයේ අම්පාර කාර්යාලයට ලැබුණූ තොරතුරු මත තව්හීත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයින් ලෙස කටයුතු කළ ජමාතේ මිල්ලතේ ඉබ්රාහිම් සංවිධානයේ සාමාජිකයකු අද (22) අත්අඩංගුවට ගත් බව අම්පාර පොලිසිය පවසයි. 22 August 2019
ගාල්ලේ මුහුදු රළ ගොඩබිමට පැමිණීමෙන් වාහන ධාවනයට බාධා ගාල්ල සමුද්‍ර මාවතේ මුහුදු රළ ගොඩබිම දක්වා පැමිණීම හේතුවෙන් අද (22) උදෑසන වාහන ගමනාගමනයට බාධා ඇතිවිය. 22 August 2019
‘මාතෘ භූමියේ ආරක්ෂාව වෙනුවෙන් දිවි හිමියෙන් කැප වෙමි‘ ‘මාතෘ භූමියේ ආරක්ෂාව වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කරමින් තමා වෙත පැවරෙන සියලු වගකීම් හා කාර්යයන් සාර්තකව මෙන් ක්‍රමානූකූලව ඉටු කිරීමට කටයුතු කරන බව‘ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 22 August 2019
අනවසරයෙන් මසුන් ඇල්ලු ඉන්දීය ධීවරයින් 4ක් අත්අඩංගුවට ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව ආක්‍රමණය කරමින් අනවසරයෙන් මසුන් ඇල්ලු දකුණු ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු දින නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තමන් වෙතට භාර දුන් බව යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය නියෝජ්‍ය අධ්‍යක්ෂක එස්.ශිවකරන් මහතා පැවසීය. 22 August 2019
බේරේ වැවේ මගී බෝට්ටු සේවය ඇරැඹේ කොළඹ නගරයේ මහා මාර්ග තදබදයට විසඳුමක් ලෙස කොළඹ කොටුවේ සිට යුනියන් පෙදෙස දක්වා මගී ප්‍රවාහන බෝට්ටු සේවයක් ආරම්භ කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන බේරේ වැවේදී ක්‍රියාත්මක කෙරිණි. 22 August 2019
වෛද්‍ය වර්ජනයෙන් රට පුරා රෝහල්හි කටයුතු අඩාලයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද අරඹා ඇති වර්ජනය හේතුවෙන් රටපුරා රෝහල් හි බාහිර රෝගී අංශයේ සහ සායනික කටයුතුහි කටයුතු ආඩාල වී තිබේ. 22 August 2019
ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 60 ක් දිවයිනට කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සදහා ගොස් සිටියදී, විවිධ හිංසනයන්ට ලක් වූ ශ්‍රී ලාංකික කාන්තාවෝ 60 ක් යළි ආපසු අද (22) උදෑසන කටුනායක ගුවන් තොටුපළට පැමිණ සිටියහ. 22 August 2019
ජාතික තත්ත්ව සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සංවිධානය කළ 2017 – 2018 ජාතික තත්ත්ව සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) කොළඹ 07 නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි. 21 August 2019
පාර්ලිමේන්තුවේ බිම පිරිසිදු කිරීමට වැරදි ද්‍රව්‍යයක් යොදා 11 ක් ලිස්සා වැටිලා පාර්ලිමේන්තුවේ බිම් මහලේ සහ පළමු මහලේ බිමට අතුරා ඇති පිඟන් ගඩොල් පිරිසිඳු කිරීමට වැරදි ද්‍රව්‍යයක් යෙදීමෙන් එය දැඩි ලෙස ලිස්සායාමේ ස්වභාවයක් ඇතිව තිබේ. 21 August 2019
බේරේ වැවේ මගී බෝට්ටු සේවය හෙට සිට කොළඹ නගරයේ මහා මාර්ග තදබදයට විසඳුමක් ලෙස යූනියන් පෙදෙසේ සිට කොළඹ කොටුව දක්වා කි‍්‍රයාත්මක වන බේරේ වැව මගී ප්‍රවාහන යාත්‍රා සේවයේ ආරම්භය හෙට (21) සිදු කෙරේ. 21 August 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026