(නාලක සංජීව දහනායක)
එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස කවුරුන් ඉදිරිපත් කළත් පක්ෂය දෙකඩවීම වැළැක්විය නොහැකිවනු ඇතැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (22) පැවැසීය.
මේ වනවිට පක්ෂ නායකත්වයට ගරු නොකරන පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ සිටින බව කී විපක්ෂනායකවරයා පක්ෂයක නායකත්වයට ගරු නොකර එවැනි පුද්ගලයන්ට පක්ෂයක කටයුතු කළ නොහැකි යැයි ද පෙන්වා දුන්හ.
ඒ අනුව ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් කවුරුන් ඉදිරිපත් කළත් ඇතිවී තිබෙන ගැටුම් තව තවත් උග්රවන බව කී විපක්ෂනායකවරයා අගමැතිවරයා, කරූ ජයසූරිය හා සජිත් පේ‍්‍රමදාස ඇතුළු සියලූම දෙනා එක්ව ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීමට ජනතාව ගෙන ඇති තීන්දුවට ඉන් කිසිදු බලපෑමක් එල්ල නොවන බවද කීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී අද (22) පැවැති පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ හමුවකට සහභාගී ඔහු මේ බව සදහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ, ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සහ රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලූත්ගමගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද මේ අවස්ථාවට සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආසාවෙන් බලාගෙන ඉන්න අයියලා, මල්ලිලා, පුතාලා, නෝනලාට සැප විඳින්න ලැබෙනතුරු...
ජය වේවා..!!! පොහොට්ටුවට...65% ඡන්දෙ ලැබෙනවා ශුවර්..
ලංකාවේ ඉන්න බූරුවන් ටික මිනීමරු හොරුන්ට ඡන්දෙ දෙන්න කලින් ටිකක් හිතුවොත් හොඳයි නේද?
ලංකාවේ සියලු පක්ෂ සොයන්නේ අනුන්ගේ කුණුමයි.
තමන් කෙරුවෙත් නොහොබිනා වැඩක් පක්ෂය දෙකට කැඩුවා මදිවට පොහොට්ටුවකුත් හිටෙව්වා. අනුන්ගේ දේ රකින්න. කලින් තමන්ගේ දේ රැකගන්න කතා කරලා බැලුවේ නැතිද? කට්ටියව මුදලට ගන්න ගිය සතියේ පන්සල්වල ලොකු පින්කම් කෙරුවා නේද?
ඒක තමයි. කවුරු හරි අයියලා මල්ලිලා එකතුවෙලා එක පවුලක් ඕක බාරගෙන වැඩ කළා නම් ඔය කිසි අර්බුධයක් නෑ... නේද උතුමාණෙනි?
ඔබ කවුරු ආවත් ඔබ සැමගේ පවුලේ අයටත්, හෙන්චයියන්ටත් හොඳයි. ඔබ සැම දෙනා පරදා අනුර කුමාර දිසානායක දින්නොත් මුළු මහත් රටට සුබ වනු ඇත.
මේ ගොල්ලෝ රෑට කෑම උදේ පාන්දරම උයාගෙන තව ටික දවසකින් පිළුණු වෙනවා දන්නෙම නැතිව. විරුද්ධවාදියා රෑ කෑම හදන්නේ හැන්දෑවේ. උණු උණුවේම නිසා පිළුණු කෑම විසිකරලා මිනිස්සු අලුත් කෑම කයි එදාට..
මේ එකඑකාගේ පක්ෂ දෙකඩ වෙන එක ගැන කතා කරනවට වඩා තමන්ගේ පක්ෂ දෙකට තුනට කැඩෙන එක බලාගත්තොත් හොඳයි.. අප සැමවිටම අනුන්ගේ රෙදි හෝදන "කෙනා" පිළිබඳව අවංක පුරවැසියන් හැටියට කිසිවිට සතුටු නොවන්නේය.
එජාප අපේක්ෂකයා ඉදිරිපත් කිරීමටත් පෙර පොහොට්ටුව පරල වී ඇත.
නූගත් මිනිස්සු ජනාධිපතිවරුන් වෙලා.... ඒකෙ වටිනාකම පහතටම ගියා.
අනේ මහත්තයෝ... අනුන්ගේ මගුල් හොයන්නේ නැතිව ගෝඨාභය මහත්තයාට ඔය වැඩේ කරගන්න ඉඩදෙන්න. ඔයා කතාකළොත් තියෙන ඡන්ද කීයක් හරි නැතිවෙනවා.
පරදිනවා කියලා තේරුණාම දුකට කියන කතානේ... මෙයා ආණ්ඩු කරන කාලේ හැම පක්ෂයම කැඩුවනේ. දැන් ඉතින් බණක් භාවනාවක් කරන් ගෙදරට වෙලා හිටියනන් ලොකු දෙයක්... එහෙම ඉන්න අමාරුනම් අර ජනේල හරි එල්ලිලා හිටියට කමක් නෑ. ඕනෑ නම් අර ඇමෙරිකන් කාරයත් ජනේලේ එල්ලගන්න හොඳේ.
එජාපය කඩන්න රනිල්ටත් බැහැ. කාටවත් බැහැ. සජිත්ට කොහොමත් බැහැ.
බල තණ්හාව යන්නෙම නැහැ වගේ
මොනවා කිව්වත් පොහොට්ටුව බලය ලබන බව නම් පෙන්න තිබෙනවා. ඒකට හේතුව වත්මත් ආණ්ඩුවේ දුර්වලකම්.
මේ යුගයේ නම් පක්ෂ නායකත්වයට ගරුකිරීම යනු එක පවුලක් හෝ වලව්වක් රාජකීයයන් වීමේ සිදුවීමකි. ශ්‍රී ලංකාවේ පවතින්නේ පක්ෂ දේශපාලනයක් නොව පවුල් සහ වලව් දේශපාලනයකි. ගරු කළයුතු නායකත්වයක් තියෙන්නේ පක්ෂයකටය. පවුලක් හෝ වලව්වක් වටා බලය හුවමාරු වෙනවා නම් කිව යුත්තේ රජ පවුල්වලට හෝ වලව්වලට ගරුකරන්න කියාය.
ජාතිය, ආගම විකුණලා, පුහු දේශප්‍රේමයක් මවලා හරි මේ වහල්ලුන්ගේ මුදල් මංකොල්ල කාලා හෝ ඔබ තුමාලා සැප විඳින්න. කුසගින්නේ සිටියත්, මේ ගෝත්‍රිකයින්ට නමට හෝ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හා මේක සිංහල බෞද්ධයින්ගේ රට කියලා කිව්වොත් ඒ ඇති. ඊට පසුව හොරෙන්ම නැගෙනහිර පැත්තේ මුස්ලිම් පල්ලි ටිකක් ගොඩ නංවා, විල්පත්තුව ගරු බදුර්දීන් මහත්තයාට බාරදෙන්න. හරක්ට පුන්නක්කු ටිකක් දිය කර ඔවුන්ගේ කුසගින්න නිවා ගන්න ඉඩ සලස්වන්න නම් අමතක කරන්න එපා මහින්ද මහත්තයෝ. ඕකුන් කුලප්පු වී දිගට හරහට අනින්න ගන්නවා.
දැන් මේ ඔක්කොම කමෙන්ට්ස් වලට විරුද්ධව බමුණු නීතිවේදියා ආවේශ වෙලා වහලුන් වෙනුවෙන් පිටුව පුරාම පෙනී ඉන්න හැටි බලන්න පුළුවනි...
එය කොහොමටත් එ්ක කඩලා, බිඳලා දාන්න තමයි යන්නේ. ඒ පක්සේ දැන් පැරදිලා පැරදිලා ඉන්නේ... නම ඇහුණත් මිනිස්සු බනිනවා. අනික පක්ෂය තිබුණත් එතන මුල් පුටුවට දැන් හෙනහුරා වදින්න යන්නේ. එ්කයි තවත් පක්ෂ එකතු කරලා එ්කේ නායකයා වෙලා පස්සේ ඒ පක්ෂ ටික විනාශ කරලා රජවෙන්න උපායක් කල්පනා කරන්නේ... එතැන වෙන්න යන විදියට එකතු වෙන පක්ෂ නායකයින්ට මිසක් ඉන්න පක්ෂයේ නියෝජ්‍ය නායකයින්ට තැනක් නැහැනේ.. එ්කෙන් මේ පක්ෂය ඇතුලේ ඉන්න අයගේ කෑගැහිල්ල නතර වෙනවා. අනික එතකොට ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ සංධානෙන්. එජාපෙ සාමාජිකයින් කෑ ගැහුවට වැඩක් වෙන්නේ නැහැ. එහෙන් සජිත් මුලින්ම කැපෙනවා. පස්සේ සන්ධානේ ව්‍යවස්ථාවට කරකවලා ගහන කෑල්ලක් දාගත්තම අර තමන්ම කෘත්‍යාධිකාරී සභාව පත්කරලා එ්කට කියලා තමන්වම පත්කරවා ගන්නවා වගේ මොනවා හරි සූත්තරයක් හදාගනියි. කාලෙකින් ඒ එකතුවුණු පක්ෂවල නායකයින් බලුවෙන විදියට කෑල්ල කෑල්ල සංශෝධන දාගෙන ඒ සංධානෙත් සදා රජවෙන්න උප්පරවැට්ටියක් නොදාගත්තොත් මෙන්න කණ... දැන් තේරෙනවනේ සංධානේ හදන්න මොකද තදියම කියලා.. ඒ පක්ෂයේ ජනාධිපති අපේක්ෂක කමෙන් විසිවෙන එක නවත්ත ගන්න... ඔබතුමා හරි, මේකේ අන්තිම ප්‍රතිඵලේ එජාපෙ කැඩෙන එක වෙන්න පුළුවනි.
2015 දීත් කට වරද්දාගෙන වැඩේ කා ගත්ත නේද්? කලබල වී පල නැත්තේ -සිතා මතා කල යුත්තේ කියල මහා දැන මුත්තා කියල තියනවනේ .
ඵස්ම්ය් හොඳයි තමයි නමුත් මේ පොළොවේ ඕක ඔබෙයි මගෙයි ජීවිතකාලේ යතාර්ථයක් වෙන්නේ නැහැ ඒ එයාලගෙම නොහැකියාව හින්ද
කවුරු ජනපති උනත් ප්‍රශ්නයක් නැහැ බලය තියෙන්නේ අගමැතිට එකම පක්ෂයෙන් දෙන්නම පත් උනොත් රට ගොඩ නැති නම් අනතුරේ මැතිවරණයෙන් වැඩිම ආසන ලැබෙන්නේ පොහොට්ටුවට පොහොට්ටුවේ නායකයා අගමැති වෙනවා අනෙක් කට්ටිය විපක්ෂයට යන්න ලැහැස්ති වෙන්න ( අලි, ටිඑන් එල් මුස්ලිම් කොන්ග්රෙස්ස් සහ සීනු ) මීළඟ රජය බහුතර ජනතාවගෙන් එය සිදිවිය යුතුය ඔවුන්ට රටක් අහිමි වෙන්න දෙන්න බැහැ
එකම විකල්පය අනුර කුමාර .
එජාපය දෙකඩ වීමක් ගැන දොඩවනවා. පොහොට්ටුවක් අටවාගෙන මෙයා ශ්‍රීලනිපයයි, පොපෙයි දෙකම කඩාපු හැටි මතක වෙලා වගේ.
මෙන්න මහින්දගේ ජය මාවත එදා තිස්ස ගෙන් කලදේ මෙදා සජිත්
මෙයා කලෙත් ඕක, මෙයාගේ තාත්ත කලෙත් ඕක. දැන් බබා වෙන්න හදනවා.