රුපියල් 10,620 ක් බලෙන් ලබාගත්තැයි කියන පොලිස් නිලධාරියෙකුට ඇප අයිස් මත්ද්‍රව්‍ය විකුණන ස්ථානයකදී පොලිස් නිලධාරියකු ලෙස පෙනී සිටිමින් රුපියල් 10620ක මුදලක් බලෙන් ලබා ගත්තැයි කියන කෙසෙල්වත්ත පොලිසියේ හිටපු පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂ 2ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (20) නියෝග කළාය. 20 August 2019
ඇමෙරිකානු සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීම කල් යයි යෝජිත ඇමෙරිකානු සහශ්‍ර සංවර්ධන සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීම ලබන ජනවාරි වන තෙක් කල් දමන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20) පැවැති කැබිනට් රැස්වීමේදී දැනුම් දී ඇති බව වාර්තාවේ. 20 August 2019
ශවේන්ද්‍ර සිල්වාට යුරෝපා සංගමයෙනුත් විරෝධය ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධූරයට පත් කිරීමෙන් ශ්‍රී ලංකාව මේ වසරේ මාර්තු මාසයේදී සාධාරණත්වය සහ වගවීම තහවුරු කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැක්වූ සහයෝගය සම්බන්ධයෙන් ගැටලු මතුවන බව යුරෝපා සංගමය සඳහන් කරයි. 20 August 2019
’’මෙහෙවර පියස” අද ජනතා අයිතියට රටේ ශ්‍රම බලකායට ඵලදායී සහ විශිෂ්ට සේවාවක් එකම වහලක් යටින් ලබාදීමේ අරමුණ ඇතිව ඉදිකළ කම්කරු දෙපාර්තමේන්තුවේ ’’මෙහෙවර පියස” ගොඩනැගිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරු අතින් අද (20) විවෘත කෙරිණි. 20 August 2019
ලංකාව අන්තවාදය පරාජය කිරීම අන් රටවලට පාඩමක් ශ්‍රී ලංකාව අන්තවාදය පරාජයට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා අතර රටේ වාර්ගික සාමය සහ සංහිඳියාව ස්ථාපිත කිරීමට සමත්වීම ලෝකයේ අනෙක් රටවලටත් සැබෑ පාඩමක් යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නියෝජිතයකු සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු යසුෂි අකාෂි මහතා අද (20) පවසා ඇත. 20 August 2019
රජයේ විශේෂ ඉඩම් විධිවිධාන පනත ඉල්ලා අස්කරගනී රජයේ ඉඩම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා බව සභානායක, ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (20) ප්‍රකාශ කළේය. 20 August 2019
ආයතන 8 ක් කෝප් කමිටුව හමුවට ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන අටක් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට කැඳවනු ලැබ තිබේ. 20 August 2019
ශානි අබේසේකරගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කළ ඉල්ලීම කල් යයි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ඇතුලු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීම ඕනෑකමින් නොකර හැරියැයි කියන සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසට කළ ඉල්ලීමකට අදාළ නියෝගය ලබන 23 වැනිදා ලබා දිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (20) තීරණය කළාය. 20 August 2019
එජාපයේ පළාත් සභා මන්ත්‍රීවරු 97 ක් සජිත්ව යෝජනා කරති ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පෙරමුණේ අපේක්ෂකයා ලෙස පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළයුතුයැයි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන් 97 දෙනෙක් අද (20) ඒකමතිකව යෝජනා කළ බව අජිත් පී. පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය. 20 August 2019
‘‘ජාතික ආරක්ෂාව තහවුරු වන අයුරින් පුපුරණ ද්‍රව්‍ය බෙදාහරින්න‘‘ ජාතික ආරක්ෂාව තහවුරු වන අයුරින් පුපුරණ ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු සිදුවිය යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20) ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 20 August 2019
කෘෂිකර්ම ගොඩනැගිල්ල ගත්තේ අමාත්‍ය මණ්ඩල තීරණයකින් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා මාසික කුලී පදනම මත ලබා ගත් බත්තරමුල්ල ඩී.පී.ජයසිංහ ගොඩනැගිල්ල අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව ලබා ගත් එකක් යැයි හිටපු කෘෂිකර්ම අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා අද (20) ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි දෙමින් කියා සිටියේය. 20 August 2019
ශවේන්ද්‍ර සිල්වාගේ පත්වීම ගැන එස්.ශ්‍රීධරන්ගේ විරෝධය යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කිරීම සම්බන්ධයෙන් ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතා අද (20) පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කළේය. 20 August 2019
ඒකාබද්ධයේ පක්ෂ නායක හමුවක් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාමේ පිහිටි නිල නිවසේදී මේ වන විට පැවැත්වේ. 20 August 2019
අපගේ කණගාටුව ‘පිළිකා ප්‍රතිකාර යන්ත්‍රයකට කියමින් කෝටි ගණනක මුදල් ගැරීමක්’ යනුවෙන් ලංකාදීප වෙබ් අඩවියේ පළවූ ප්‍රවෘත්තියේ ඇතුළත් ඇතැම් කරුණු සාවද්‍ය බව වාර්තා වේ. 20 August 2019
සහරාන් යටතේ පුහුණුව ලැබූ මව්ලවිවරු 2 ක් අත්අඩංගුවට නුවරඑළිය බ්ලැක්ෆූල් කඳවුරේ සහරාන් යටතේ පුහුණුව ලද මව්ලවිවරු දෙදෙනෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය. 20 August 2019
යුද හමුදාපති පත්කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක් ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා පත්කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක් යැයි විදේශ කටයුතු අමාත්‍යාංශය අද (20) නිවේදනයක් නිකුත් නිකුත් කරමින් කියා සිටී. 20 August 2019
දුම්රිය කාර්යක්ෂම කරන්න ඩොලර් මිලියන 160 ක් දුම්රිය කාර්යක්ෂමතාව නැංවීමේ ව්‍යාපෘතිය මගින් හදුනාගත් උප ව්‍යාපෘති සහ මිලදී ගැනීම් 32 ක් සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකා රජයට පිරිනමා තිබෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 160ක මුදලට අදාළව ගිවිසුම් අත්සන් කිරීම අද (20) මුදල් අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි. 20 August 2019
මාස දෙකක් යාල වහයි යාල ජාතික වනෝද්‍යානය ලබන සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් මාස දෙකේදී පමණක් වසා තබන බව යාල වනෝද්‍යානයේ පාලන අධිකාරිය කියයි . 20 August 2019
නිර්වින්දන කටයුතු සඳහා විශේෂිත හෙද පුහුණුවක් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට වේදනා පාලනය හෙවත් නිර්වින්දන කටයුතු සඳහා විශේෂිත හෙද පුහුණුවන් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ. 20 August 2019
දහම් පාසල් අවසාන විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි දහම් පාසල් අවසාන විභාගයේ (2018/2019) ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 20 August 2019
සහරාන්ගේ බිරිඳ යළිත් අධිකරණය හමුවට තව්හීත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන්ගේ බිරිඳ මොහොමඩ් සාකියා නැමැත්තිය නැවතත් රහස් ප්‍රකාශයක් ලබාදීම සඳහා කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (20) යොමු කර ඇත. 20 August 2019
‘එජාප ජනපති අපේක්ෂකයා කවුරුන්දැයි ඉක්මණින් තීරණය කරන්න‘ එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයා කවුදැයි එකට වාඩි වී සාකච්ඡා කර ඉක්මනින් තීරණයක් දෙන ලෙස එක්සත්ජාතික පක්ෂ නායකයින්ගෙන් සහ නියෝජ්‍ය නායකයින්ගෙන් ඉල්ලා සිටීමට එක්සත් ජාතික පක්ෂ පසු පෙළ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත. 20 August 2019
අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා නිදහස් කරන්නැයි ඉල්ලා විරෝධතාවයක් ත්‍රස්ත කටයුතු වලට සම්බන්ධ බවට පවසමින් අත්අඩංගුවට ගත් පලෙයි රෝහලේ වෛද්‍ය නිලධාරියා මුදාහරින්නැයි ඉල්ලා පලෙයි ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (20) පලෙයි රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ. 20 August 2019
ශවේන්ද්‍රගේ පත්වීමට එ.ජා. මානව හිමිකම් කොමසාරිස්ගෙනුත් කණගාටුව ශ්‍රී ලංකා යුද හමුදාපති ලෙස ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැචෙලෙට් මහත්මිය ද නිවේදනයක් නිකුත් කරමින් සිය කණගාටුව ප්‍රකාශ කර තිබේ. 20 August 2019
හිටපු යුද හමුදාපති ජනරාල් නිලයට උසස් කරයි හිටපු යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අද (20) සිට ජනරාල් නිලයට උසස් කර ඇති බව හමුදාව කියයි. 20 August 2019
හිටපු සතොස සාමාන්‍යාධිකාරීට ලිහිල් සිරදඬුවමක් හිටපු සතොස සාමාන්‍යාධිකාරි විමල් පෙරේරා මහතාට වසරක ලිහිල් සිරදඬුවමක් නියම කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (20) නියම කළාය. 20 August 2019
වන අලියෙක් පාසල් ඇවිත් අලි කලබලයක් නව ලග්ගල පල්ලේගම මහ විද්‍යාල භූමියට අද ( 20) කඩා වැදුණු වන අලියෙකු පැයක පමණ මෙහෙයුමකින් පසු අසළ ගඟ රක්ෂිතයේ කැලෑවකට පන්නා දැමීමට කටයුතු කළ බව වනජීවී නිලධාරීන් පවසයි. 20 August 2019
ගෝඨාභයගේ රුව සහිත කටවුට් ඉවත්කරන්නැයි දැනුම් දෙයි තමන්ගේ රුව ප්‍රදර්ශනය කරමින් දිවයින පුරා ප්‍රදර්ශනය කර තිබෙන කටවුට් සහ බැනර් සියල්ලම වහාම ගලවා ඉවත්කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සියලූම සංවිධායකවරුන්ට දැනුම් දී තිබේ. 20 August 2019
ඇමැති පියසේන ගමගේට එජාපයේ හිනිදුම ආසන සංවිධායක ධුරය එක්සත් ජාතික පක්ෂයේ හිනිදුම ආසන සංවිධායක වශයෙන් හිටපු ඇමැති පියසේන ගමගේ මහතා පත්කර ඇත. 20 August 2019
පැරෂූටය ක්‍රියාත්මක නොවීමෙන් යුද හමුදා නිලධාරීයෙක් මරුට අම්පාර , උහන ගුවන් හමුදා කඳවුරේ පැරෂුට් පුහුණුවීම් කටයුතු හි නිරතව සිටි යුද හමුදාවේ තුන්වැනි විශේෂ බළකායේ බලලත් පුහුණු නිලධාරීවරයකු පැරෂූටය ක්‍රියාත්මක නොවී බිම ඇද වැටීමෙන් අද (20) මිය ගොස් තිබේ. 20 August 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026