කොරියානු විද්‍යායතනයෙන් අති නවීන පර්යේෂණ නෞකාවක් සාගර පර්යේෂණ සදහා නවීන පහසුකම් වලින් සමන්විත අති නවීන පර්යේෂණ නෞකාවක් පරිත්‍යාග කිරීමට සාගර පර්යේෂණය පිළිබද කොරියානු විද්‍යායතනය තීරණය කර ඇත.කොරියානු සාගර පර්යේෂණ විද්‍යායතනයේ නියෝජිත කණ්ඩායමක් හා රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා අතර අද(21) පැවති සාකච්ජාවකදී මෙම තීරණය ගනු ලැබිණි. 21 August 2019
වැඩවර්ජනයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සහය නෑ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කරන වෛද්‍ය වැඩවර්ජනයට කිසිඳු සහයක් නොදක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි. 21 August 2019
විධායක නිලධාරියෙකු බිය ගන්වා ලක්ෂ දෙකක් කොල්ල කාලා ගාල්ල නගරයේ පිහිටි මූල්‍ය සමාගමක විධායක නිලධාරියෙකු ණය වාරික එකතුකරගෙන එමින් සිටියදී පෝද්දල වව්ලගලකන්ද ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ඔහු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ දෙකක මුදලක් අද සවස (21) කොල්ලකා පලා ගොස් තිබේ. 21 August 2019
පැරෂූටයෙන් වැටී මිය ගිය සාජන් මේජර්ගේ සිරුර ඥාතීන්ට බාර දෙයි අම්පාර ගුවන් හමුදා කඳවුරේදි පැරෂුට් පැනීමේ කාර්යේ නියුතු වෙමින් සිටියදි අඩි 10000 උඩු ගුවනේ සිට බිමට වැටී මියගිය තුන්වෙනි විශේෂ බලකායේ සාජන් මේජර් චම්පික කුමාරසිරි මහතාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අම්පාර මහා රෝහලේදි සිදු කළේය. 21 August 2019
බදු ගෙවන්නන්ගේ දරුවන් ජාතික පාසල් වෙත ඇතුළත් කිරීමේ වැඩපිළිවෙලක් ආදායම් බදු ගෙවන්නන්ගේ දරුවන් ජාතික පාසල් වල පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ. 21 August 2019
එජාප ඇමතිවරු සජිත්ව ඉල්ලා අගමැති හමුවීමට යති ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීම සඳහා සුදුසුම අපේක්ෂකයා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා බවත් මේ සම්බන්ධයෙන් පක්ෂ නායකයා සමඟ දිගින් දිගටම සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් පිරිසක් තීරණය කළ බවත් හර්ෂ ද සිල්වා මහතා ලංකාදීපයට පැවසීය. 21 August 2019
බයිසිකලයෙන් ආ අය ඉවත් කරන්න විනිසුරු එකඟ වෙයි මහරගම නගර සභාවට ‘බයිසිකලය‘ ලකුණින් තරඟ කර ජයග්‍රහනය කළ මන්ත්‍රීවරුන් පිරිස ඉවත් කරන්නැයි ඉල්ලමින් එම නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ මන්ත්‍රීවරු පිරිසක් ඉදිපත් කළ පෙත්සම කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (21) පිළිගත්තේය. 21 August 2019
දිය රැළකට ගසාගෙන ගිය විදෙස් ජාතික මව-පුතා බේරා ගැනෙති තංගල්ල මැඩිල්ල මුහුදේ දිය රැළකට ගසාගෙන ගිය විදේශීය ජාතික මවක සහ පුතෙකු තංගල්ල කොට්ඨාස පොලිස් ජීවිතාරක්ෂක සහ පිහිනුම් ඒකකයේ නිලධාරීන් තිදෙනකු විසින් අද(21) බේරාගනු ලැබූහ. 21 August 2019
පාස්කු ප්‍රහාරය ගැන හොයන පාර්ලිමේන්තු කාරක සභාවේ කාලය දීර්ඝ කෙරේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සෙවීම සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට අවසන් වාර්තාව ඉදිරිපත් කිරීමට ලබා දී ඇති කාලය සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය හිමිවිය. 21 August 2019
සබරගමු ආණ්ඩුකාරයාගෙන් අනතුරු ඇඟවීමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි ඇඹිලිපිටිය නගර සභාවේ කටයුතු මාස තුනක කාලයක් අර්බූදයකින් තොරව එකඟත්වයෙන් පවත්වාගෙන යාමට නොහැකි වුවහොත් එහි පාලනය ලේකම්වරයකු යටතට පත්කිරීමට සිදුවන බැවින් එසේ නොවන තැනට පවත්වාගෙන යාමට එම නගර සභාවේ සභිකයන් සමග අද (21) දහවල් එකඟතාවකට පැමිණි බව සබරගමු පළාත් ආණ්ඩුකාරවර ධම්ම දිසානායක මහතා පැවසුවේය. 21 August 2019
අත - පොහොට්ටුව අතර මේ සතියේ තීරණාත්මක සාකච්ඡාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර තීරණාත්මක සාකච්ඡාවක් මේ සතිය තුළ සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය. 21 August 2019
කවුඩුල්ල වන පිවිසුමෙන් හමුවූ අස්ථි වලින් අයෙක් හඳුනා ගනී මින්නේරිය කවුඩුල්ල වන පිවිසුමේ දී හමු වූ පුද්ගලයින් දෙදෙනෙකුට අයත් අස්ථි කොටස් වලින් එහි සිටි එක් පුද්ගලයකු නාවික හමුදාවේ සේවය කළ අයෙකු බවට හඳුනාගෙන තිබේ. 21 August 2019
පොලිස් නිලධාරින්ට බැන්න මන්ත්‍රීවරිය රිමාන්ඩ් පරුෂ වචනයෙන් බැන පොලිස් නිලධාරීන්ට තර්ජනය කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරිය ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාරවිල දිසා මහේස්ත්‍රාත් මහේන්ද්‍ර රාජා මහතා අද (21) නියෝග කළේය. 21 August 2019
‘වසර 11කට පසුවත් එජාපයට අපේක්ෂකයකු ඉදිරිපත් කරගන්න බැරිවෙලා’ වසර එකොළහකට පසුවත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට නොහැකිව එක්සත් ජාතික පක්ෂය ලතවනබව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය. 21 August 2019
පළාත් සභා පනත මළ පනතක් ජනාධිපතිවරණය ව්‍යාකූල කිරීම සඳහා පළාත් සභා මැතිවරණය ඉදිරියට ගෙනයාමේ උත්සාහය කණගාටුවෙන් යුතුව ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය. 21 August 2019
‘කතානායකවරයා ඉල්ලා අස්වීමට ඉඩ ඇති බව ලක්ෂ්මන් යාපා කියයි‘ එක්සත් ජාතික පක්ෂය සංධානය පිහිටවූ වහාම ජනාධිපතිධූරාපේක්ෂකත්වය ලබාගැනීම සදහා කරූ ජයසූරිය මහතා කතානායක තනතුරින් ඉල්ලා අස්වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී (එ.ජ.නි.ස) ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (21) පැවැසීය. 21 August 2019
‘කොළ කෑල්ලකට අත්සන් කරන්න පුත්තලමේ ඉදන් මං එන්නේ නැහැ‘ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ මන්ත්‍රී කණ්ඩායම එකට රැස්කරන්නැයි ඉල්ලන ලිපියකට අත්සන් ගැනීම සඳහා තමාටත් ආරාධනා ලැබුණු බවත්, කොළ කෑල්ලකට අත්සන් කිරීමට පුත්තලමේ සිට එන්නේ කුමටදැයි තමා විමසූ බවත් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී අද(21) පැවැසීය. 21 August 2019
රෑට කුමන්ත්‍රණ තියෙන බව ආශු කියයි මහින්ද රාජපක්ෂ මහතා හොර පාරෙන් අගමැති කළ අයුරින්, නැවත එවැනි කුමන්ත්‍රණයක් සඳහා රෑට රෑට සාකච්ඡා යන බව ආරංචි වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවැසීය. 21 August 2019
එයාර් බස් 4 ක් ගැනීමේ ගිවිසුම අවලංගු කිරීමෙන් කෝටි 1706 ක පාඩුවක් එයාර් බස් හතරක් මිලට ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ රජය විසින් අත්සන් කර තිබූ ගිවිසුම වත්මන් රජය මගින් අවලංගු කිරීම හේතුවෙන් රුපියල් කෝටි 1706 ක පාඩුවක් සිදුව ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) විසින් පාර්ලිමේන්තුවට අද (21) ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වේ. 21 August 2019
‘ආගමික කටයුතු සඳහා අලි-ඇතුන් ලබා දීමේදී ඇතිවන බාධා ඉවත් කිරීමට පියවර විහාරස්ථාන, දේවාල හා ආගමික ස්ථාන පෙරහර මංගල්‍යය කටයුතු සඳහා අලි ඇතුන් දීමට පවතින බාධා ඉවත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. 21 August 2019
මිහින්තලා භූමිය 24 පැයේම ආලෝකවත් කරන්න පියවර ඓතිහාසික මිහින්තලා පූජා භුමිය 24 පැය පුරාවටම විදුලි ආලෝකවත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ. 21 August 2019
කෝපා රැස්වීම මාධ්‍යයට විවෘත වෙයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) රැස්වීම් අද (21) දිනට මාධ්‍ය වෙත විවෘත කිරීමට පාර්ලිමේන්තුව පියවර ගෙන තිබේ. 21 August 2019
‘එස්ටීඑෆ් විකී’ මත්කුඩු සමඟ අත්අඩංගුවට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරියකු ලෙස පෙනී සිට පොලීසිය නොමග යවමින් මහා පරිමාණයෙන් කුඩු බෙදාහරින ‘එස්ටීඑෆ් විකී’ නැමති අනුවර්ත නාමයෙන් හැඳින්වෙන පාතාල සාමාජිකයකු මත්කුඩු සමඟ අද (21) අත් අඩංගුවට ගත්බව ගිරිඋල්ල පොලීසිය පවසයි. 21 August 2019
වන අලින්ට වතුර බොන්න තැනූ පොකුණ හීලෑ අලි දෙදෙනෙක් විවෘත කරති සීගිරිය අභය භූමියේ සියලු වැව් ජල උල්පත් සිඳීයාම හේතුවෙන් වන අලීන්ට සහ වන සතුන්ට වතුර බීම සඳහා වැව ඉස්මත්තේ ඉදිකරන ලද ජල පොකුණ හීලෑ අලි දෙදෙනකු යොදවා විවෘත කිරීම අද (21) සිදු කෙරිණි. 21 August 2019
හෙරොයින් ජාවාරම්කරුවෙක්ට මරණ දඬුවම කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේදී හෙරොයින් තොගයක් බෙදාහැරීම සඳහා ත්‍රිරෝද රථයකින් ගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබු ත්‍රිරෝද රථ රියදුරෙකු ලෙස සේවය කළ කුඩු ජාවාරම්කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (21) මරණ දඬුවම නියම කළේය. 21 August 2019
මුස්ලිම් විවාහ දික්කසාද පනත සංශෝධනයට අනුමැතිය මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 21 August 2019
නව යුද හමුදාපති වැඩ බාර ගනී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාවේ 23 වැනි හමුදාපතිවරයා වශයෙන් මීට සුළු මොහොතකට පෙර වැඩ බාරගත්තේය. 21 August 2019
අරුවක්කාලුවට ගිය ටිපර් රථවලට යළිත් ප්‍රහාරයක් අරුවක්කාලු කසළ අංගනයට කසළ ප්‍රවාහනය කරමින් තිබු ටිපර් හතරකට අද(21) අලුයම කිසියම් පිරිසක් පහර දී ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි. 21 August 2019
රිය අනතුරකින් 8ක් රෝහලේ පුත්තලම-අනුරාධපුර මාර්ගයේ අලුත්ගම 18 කණුව ප්‍රදේශයේදී අද(21) අලුයම සිදුවූ රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ දරුවෙකු ඇතුළු අටදෙනෙකු නොච්චියාගම රෝහලට ඇතුළත් කළ සාලියවැව පොලීසිය කියයි. 21 August 2019
මරණ දඬුවම නියමවූ සිරකරුවෝ 5 කගෙන් ප්‍රකාශ ගන්න සීඅයිඩීයට අවසර මරණීය දණ්ඩනය නියමවූ සිරකරුවන් පස් දෙදෙනකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජීවිතයට තර්ජනයක් සිදු කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාරය වෙත ගොස් ප්‍රකාශ ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (20) වැලිකඩ සහ අගුණකොලපැලැස්ස බන්ධනාගාර අධිකාරිවරුන් වෙත නියෝග කළාය. 20 August 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026