(රංජන් කස්තුරි)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කරන වෛද්‍ය වැඩවර්ජනයට කිසිඳු සහයක් නොදක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩවර්ජනය අසාධාරණ හා යුක්ති සහගත නොවන එකකැයිද එය දේශපාලන අරමුණක් උදෙසා සිදු කරන්නකැයිද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න මහතා කීය.
මෙම වැඩවර්ජනය අතිශය අසාර්ථක එකක්වන අතර රෝහල් බහුතරයක කටයුතු අද සාමාන්‍ය පරිදි සිදුවනු ඇතැයි ද ලේකම්වරයා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැබෑ වෛද්‍යවරු කවුද, දොස්තර මාෆියා කල්ලිය කවුද කියන බව දැන්වත් මේ රටේ ජනතාවට වැටහෙයි. මේ රටේ සිටින දක්ෂ සැබෑ වෛද්‍යවරුන්ගේ ප්‍රතිරූපයට හා උතුම් වෛද්‍ය වෘත්තියට නිගාකරමින් බඩගෝස්තරවාදී දේශපාලනයක නිරත වෙන මේ අමන දොස්තර මාෆියා කල්ලිය හෙලාදැකිය යුතුයි. මේ මාෆියා කල්ලියෙන් සෞඛ්‍ය ක්ෂේත්රය මුදවා ගැනීම අනාගත ජනාධිපති තුමාට භාරයි.
මේ රාජිතගේ ගෝලයනේ...
රාජිතගේ නෙමෙයි මොකාගේ ගෝලයෙක් වුණත් දේශපාලන පරමාර්ථ උදෙසා ජනතාව අසාධාරණ විදිහට පෙළන අමන දොස්තරලට විරුද්ධයි නම් ඔවුන්ට අපේ ප්‍රණාමය..
පොහොට්ටුවේ පාදේනියට සොයිසලාට ඕනෑ විදියට රට නවටන්න දෙන්න හොඳ නෑ. මොනවා වුණත් මෙසේ අලුත් සංගමයක් ඇතිවීම හොඳයි. කොහොමත් බොහෝ දොස්තරලා පාදේනියගේ දේශපාලන ගේම් එක දන්නවා. ජාතික ලැයිස්තු උණ හැදුණු පාදේනිය රටින්ම එලවන්න ඕනෑ.
එව්වට තමයි කියන්නේ නැට්ට බල්ලව වනනවා කියලා...
රජයේ රෝහල්වලට මේ අය රිංගුවාම ලෙඩ්ඩුන්ටයි, අවංකව සේවය කරන දොස්තර මහත්තුරුන්ටයි දෙගොල්ලන්ටම කරදරේ. මේ දෙගොල්ලෝම මේ අයගේ ග්‍රහණයට හසුවෙලයි ඉන්නේ. මොවුන් හැකිතාක් ඉක්මනින් කප්පාදු කළයුතුයි. කොහෙද ඉතින් රටේ මහාඑකත් කප්පාදු කළ එකෙක්නේ? එයාට කොහෙද හයියක් මේ අයව කප්පාදු කරන්න..
රෝගීන් ඇපයට තියලා හරි රජ වෙන්නයි බලන්නේ . එහෙනම් ඔවුන්ව ගෙදර යවන්නම සුදානම් වෙමු. සංසදයට මේවා රටට හෙලි කිරීම අගය කළ යුතුයි .
සංසදයේ සාමාජික සංඛ්‍යාව වැඩිකිරීමෙන් බඩ ගෝස්තරවාදී GMOA එකේ බලය අඩුකලහැකි වේවි...
මේක මේ ත්‍රීවීල් සංසදයනේ. වර්ජනය කොහොම වුණත් රාජිතගේ වැඩ පිළිවෙල පරාජය කළ යුතුයි කුමන ක්‍රමයකින් හෝ... මෙයා ඉස්පිරිතාල ටික කෑවා. බේත් ගන්න ගියාම වැඩිපුරම ගන්න වෙන්නේ ෆාමසි වලින්... ෆාමසියට ගිහිල්ලා බේත් ටික වාට්ටුවට ගේන්න වෙලා. මෑතකදී මම ගියා ගාල්ලෙ පිළිකා රෝහලට. සත්‍ය තේරුණා. නියමිත බේත් හොයාගන්න බැරුව ලෙඩුන් මිය ගිය බවටත් ආරංචි වුණා. සල්ලි තියෙන පවුල්වල ලෙඩුන්ට විතරයි ජීවත්වීමේ වරම තියෙන්නේ. පිටතිත් බේත් රාශියක් ගන්න වෙලා...
ඔය සංගමයට පුලුවන් මාද්‍යය නිවේදන නිකුත් කරන්න විතරයි .....
ලංකාවේ දේවත්වයෙන් සැලකිය හැකි විශාල ප්‍රමාණයක් මෙම උතුම් වෘත්තියේ යෙදී සිටිනවා. වෛද්‍ය සංගමයේ සිටින නොමනා පිරිසක් නිසා මෙම වෘත්තියට වන හානිය වළක්වා ගැනීමට ඉදිරිපත්වීම ගැන බොහොමත් පින්... ස්තුතියි...!!!
වඳ සැත්කම් ප්රශ්නයේදී මීක් නැතිව හිටපු මාෆියා සංගමය තමන්ගේ එක්කෙනා අපේක්ෂකයා වුන ගමන් වැඩේට බැහැල. නව වෛද්‍ය සංසදයට අපේ උත්තමාචාරය .
දැන් රුපියල් 3000ට ගන්න බෙහෙත් වට්ටෝරුවට ඒ කාලේ රුපියල් 5000ක් විතර ගියා මහත්තයෝ. රාජිතට පින්..
වැඩවර්ජන කිරීම පොලිසි, හමුදාවලට මෙන් වෛද්‍යවරුන්ටද තහනම් කළයුතුය. නොඑසේනම් සෑම රජයේ රෝහලක්ම හමුදා සේවයක් කළයුතුය. මේ වැඩ වර්ජන කරන වෛද්‍යවරු රටකට කරන්නේ මහා විනාශයකි. ඔවුන් ජනතාව ගෙවන බදුවලින් ඉගෙනගෙන මාසික වේතනයත් ලබමින් ස්ට්‍රයික් කරමින් ඒ අසරණ ජනතා මෙහෙවර කරන්නට රජය ජනතාවට ලබාදී ඇති අවස්ථාව අහිමි කරමින් මහා කුරීරු අමනුෂ්‍ය ක්‍රියාවක් කරමින් සිටියි. මොවුන් සියලු වෛද්‍යවරුන්ගේ ගෞරවය අහිමිකරන පාපතරයින් පිරිසකි.