(අංජුල මහීක වීරරත්න)
විහාරස්ථාන, දේවාල හා ආගමික ස්ථාන පෙරහර මංගල්‍යය කටයුතු සඳහා අලි ඇතුන් දීමට පවතින බාධා ඉවත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගෙන තිබෙන ඉහත තීරණය අනුව පෙරහර සඳහා අලි ඇතුන් හිඟ වීමේ ගැටලුව විසඳාගැනීමට හැකිවේ.
ඉපැරණි සාම්ප්‍රදායික පෙරහර මංගල්‍යය කටයුතු සඳහා අලි ඇතුන් යොදවා ගැනීමට පවතින නීතිමය බාධා ලබන සතිය වන විට ඉවත් කළ යුතු බවටද අග්‍රාමාත්‍යවරයා දුන් උපදෙස්වල වැඩිදුරටත් සඳහන්ය.
පෙරහර මංගල්‍යය කටයුතු සඳහා පවතින බාධා ගැන මහානායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය මෙන්ම බස්නායක නිලමේවරුන් කාලයක් තිස්සේ අග්‍රාමාත්‍යවරයා දැනුම්වත් කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වුණත් අපේ සංස්කෘතිය රැකගන්න එපැයි.., අලින්ට නම් මොනවා වුණත් මොකෝ..?
කළයුත්තේ ආගමික කටයුතු සඳහා අලි-ඇතුන් ලබා දීමේදී මේ සතුන් ගැන වගකීමක් ඇතුව කටයුතු කළයුතු බවට සහතික වීමක් අවශ්‍ය බව තහවුරු කිරීමක්. අඩු වශයෙන් පශු වෛද්‍යවරයෙකුගෙන් පරීක්ෂා කිරීමක් වත් ඕනෑබවට නීති පනවන්න.
නාකි අලි පෙරහැරේ ගියපු කාලේ ඉවරයි. ඒත් නායකත්වය ගන්න තරම් සුදුසු දළඇතුන් දැන් නෑ.
මේක නම් "අලියාව පාවාදීමක්"
මෙච්චරකල් මොන තරම් නම් හාමුදුරුවරු පිරිසක් හිරගෙට ගාල්කරාද මේ අලි ප්රශ්නය නිසා... අවසාන කාලේ ලංවෙද්දී කාටත් ඔහොම තමයි, තමන් කළ පව් මතක්වෙලා ඒවා නිවැරැදි කරගන්න දඟලනවා. එ්ත් බැහැ.. මොකද කාලේ අවසාන නිසා, පඩිසන් දෙනවාම තමයි.
අම්මපා... සූත්තර පුංචාට මේ හැදුනු ලෙඩේ මොකක්ද? එකපාරට ආගමික කටයුතු මතක් වුනේ.. ම්ම්..ම්ම්.. අපි දන්නවා. එනවා නේද මහා බූරුවා තෝරන තරගයට... ලැජ්ජා වෙන්න එපා පුංචෝ එනවානේ?
සිරිකොතෙන්ද සර් අලි ඇත්තු දෙන්නේ...?
සිංහල බෞද්ධ සංස්කෘතිය නොදන්නා අතරමගදී බෞද්ධාගමට පැමිණි අය අවුරුදු දහස් ගණනක් පවතී. මේ සිංහල බෞද්ධ සංස්කෘතිය වෙනස් කරන්න යාම ඔවුන්ටම කෙලවාගන්න වැඩකි.