(අනීෂා මානගේ)
තංගල්ල මැඩිල්ල මුහුදේ දිය රැළකට ගසාගෙන ගිය විදේශීය ජාතික මවක සහ පුතෙකු තංගල්ල කොට්ඨාස පොලිස් ජීවිතාරක්ෂක සහ පිහිනුම් ඒකකයේ නිලධාරීන් තිදෙනකු විසින් අද(21) බේරාගනු ලැබූහ.
මෙලෙස බේරාගෙන ඇත්තේ එංගලන්ත ජාතික සමන්තා ෆෙන්(49) සහ ඇයගේ පුතු වන ස්ටීව් ෆෙන්(31) දෙදෙනාය.
තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටින අතරතුර මැඩිල්ල මුහුදු තීරයේ දින නෑමට ගොස් සිටියදී මොවුන් අනතුරට මුහුණපා ඇත.
ප්‍රදේශයේ අවට මුහුදේ තිබූ රළු ස්වභාවය හේතුවෙන් සහ මොවුන් දෙදෙනාටම පිහිනීමට නොහැකි වීමත් නිසා දිය රළකට හසුව ගසාගෙන ගොස් ඇත.
ස්ටීව් ෆෙන් මහතා ඔහුගේ මව තදින් අල්ලාගෙන උදව් ඉල්ලමින් කෑ ගසමින් සිටියදී ඒ අවට ආරක්ෂාවට යොදවා සිටි පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීහු මොවුන් දැක ක්ෂණිකව ඉදිරිපත් වී ඔවුන් දෙදෙනා බේරාගැනීමට සමත් වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අති විශිෂ්ඨයි. මෙම වීරක්‍රියාව සිදුකළ පොලිස් ජීවිතාරක්ෂක සහ පිහිනුම් ඒකකයේ නිලධාරීන් තිදෙනාටත් එවන් අත්‍යාවශ්‍ය සේවයක දිනපතා යෙදී ඉන්නා සියලුම දෙනාට අපගේ සුබපැතුම්...!!!
ඉතා උතුම් ක්‍රියාවක්.. කාහටත් අස්වැසිල්ලකි.
ඉතාම අගනා ක්‍රියාවක්... ඔබසැමට අප හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරන්නෙමු. අහිංසක මිනිසුන්ගේ අවංක ප්‍රාර්ථනාවන් ඔබලාගේ ජිවිත ආලෝකමත් කරනවා ඇත.
මේ වගේ පුවත් අහන්නත් ආසයි.
ඔබ වැනි ලක්මවගේ වීරයන් නිසා, අපේ රටේ හොඳ නම ලොව පුරාම පැතිර යනවා. සුබ පැතුම් ඔබ සැමටම.
දරුවනේ නුඹලා වැදූ මවටත්, පෝෂණය කළ පියාටත් දීර්ඝ කාලයක් නිරෝගීව ජීවත් වීමට ලැබේවා..!!!
ඉතාමත් අගෙයි විරුවනි. අපේ රටේ වීරත්වය, මනුස්සකම ලොවට කිව්ව ඔබලාට ජයවේවා...!!!
ඔබගේ වීර ක්‍රියාවට අපගේ ප්‍රණාමය...
මේ උත්තමයින්ට ගොඩක් පින්...
මේ මූද දිහා බලන්න මේ වගේ වැහිබර අඳුරු දවසක, මේ වගේ මුහුදක මාරයා හැංගිලා ඉන්න පුළුවන්... කොහොම වුණත් ජීවිත දෙකක් බේරීම නම් සතුටක් අනිත් අය මේකෙන් පාඩමක් ඉගෙන ගන්නවා නම් ඊටත් සතුටක්...
විදේශිකයන් දෙදෙනාගේ ශරීර සහ අපේ විරුවන් තිදෙනාගේ සරීර දෙස බලන විට ඔවුන් තිදෙනා කරඇති ප්‍රශංසනීය සේවය කෙතරම් ශ්‍රේෂ්ඨද? ඔබ තිදෙනාට මාගේ ප්‍රණාමය...