(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර ගුවන් හමුදා කඳවුරේදි පැරෂුට් පැනීමේ කාර්යේ නියුතු වෙමින් සිටියදි අඩි 10000 උඩු ගුවනේ සිට බිමට වැටී මියගිය තුන්වෙනි විශේෂ බලකායේ සාජන් මේජර් චම්පික කුමාරසිරි මහතාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අම්පාර මහා රෝහලේදි සිදු කළේය.
අම්පාර මහා රෝහලේ මෘත ශරිරය තැන්පත් කර තිබු අතර අම්පාර වැඩ බලන මහේස්ත්‍රාත් සුනිල් දිසානයක මහතා විසින් ස්ථාන පරීක්ෂාව සිදුකරනු ලැබිය.
එහිදී මියගිය චම්පික කුමාරසිරි මහතාගේ සහෝදරයා වන ධම්මික කුමාරසිරි මහතා විසින් මියගොස් ඇත්තේ තම සහෝදරයා බව හදුනාගනු ලැබිය.
අනතුරුව දේහය ඔහුගේ පවුලේ ඥාතීන්ට භාර දුන්නේය.මරණය පිළිබඳව වැඩිදුර සාක්කි විභාගය 2019.08.24 වැනි දින අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයේදි පවත්වන බව පැවසු වැඩ බලන මහේස්ත්‍රාත් සුනිල් දිසානායක මහතා එදිනට සාක්කිකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කළේය.
පසුව මෙම මරණය පිළිබදව පශ්චාත් මරණ පරීක්ෂණය අම්පාර මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරි රොෂාන් එරංග මහතා විසින් සිදුකරනු ලැබිය.
මියගිය අයගේ රුධිර සහ මාංශපේශී කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමුකර මෙම මරණය පිළිබදව තින්දුව ලබාදෙන බව විවෘත තින්දුවක් දෙමින් අධිකරණ වෛද්‍ය නිළධාරි රොෂාන් එරංග මහතා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කණගාටුදායක පුවතක්. ඔබට නිවන් සුව අත්වේවා !!!
කණගාටුදායක පුවතක්... මේ ගැන නම් හොයන්න වෙනවා. අම්පාරේ සිදුවෙච්ච දෙයක් නිසා. පලපුරුදු කෙනෙකුට ඔහොම වෙන්න බැහැ..
පැරෂුට් එකෙන් වැටිලා කොහොමද මැරෙන්නේ ? පැරෂුට් එක වැඩ නැතුව මේ කොල්ලා මැරුනේ ...