(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
පාස්කු ඉරිදා දින එල්ල වූ ප්‍රහාරය ගැන සොයාබැලීම සඳහා ස්වාධීන අපක්ෂපාතී කොමිෂන් සභාවක් පත්කරන්නැයි ඉල්ලා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන කතෝලික මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබේ.
මෙම ප්‍රහාරයට හේතුව, ඊට වගකිවයුත්තේ කවුද, අන්තවාදීන්ට දේශපාලන රැකවල් දුන්නේ කවුරුන්ද ආදිය සොයාබැලීම සඳහා මෙම කොමිෂන් සභාව පත්කරන ලෙස ඔවුන් ඉල්ලා ඇත.
ජොන්ස්ටන් ප්‍රනාන්දු, නිමල් ලන්සා, ඉන්දික අනුරුද්ධ, සනත් නිශාන්ත යන මන්ත්‍රීවරුන්ගේ සහ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරියගේ අත්සනින් ජනාධිපතිවරයාට මෙම ලිපිය යොමු කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි දැන් ඔය පත් කරලා තියෙන්නේ හැම පක්ෂයකින්ම. ඔයගොල්ලෝ විතරක් ආවම එ්ක ස්වාධීන වෙනවද? මෝඩ කතා...
නිකන් කයිවාරු විතරයි. ඔය එක පරීක්ෂණයක්වත් කොමිටියක් වත් තේරුමක් නැති වැඩක්. නැවත ඒවා සිදුනොවෙන්න වගබලාගන්න ඕන කවුරු වුනත්. උදාහරණයකට ඇමරිකාවේ 9/11 සිදුවීම වුනාට පසු ඇමරිකාව එරට ආරක්ෂාව තර කරගත්තා. ඉන්දියාවත් මුම්බායි ප්‍රහාරයෙන් පසු එහෙම කලා. අපිත් අවශ්‍ය වෙනස්කම් කරමින් ඉදිරියට යන්න ඕන.