(අමල් වික්‍රමරත්න)
ගාල්ල සමුද්‍ර මාවතේ මුහුදු රළ ගොඩබිම දක්වා පැමිණීම හේතුවෙන් අද (22) උදෑසන වාහන ගමනාගමනයට බාධා ඇතිවිය.
ගාල්ල නගර සභාවේ සේවකයින් සහ යන්ත්‍රෝපකරණ යොදා ගනිමින් ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ සමුද්‍ර මාවත පිරිසිදු කිරිමේ නිරතවිය.
කෙසේ නමුත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (22) දහවල් නිකුත් කරන ලද අවවාදාත්මක නිවේදනයක මුහුදු රළ ඉහළ යාම සහ ගොඩබිමට මුහුදු රළ පැමිණීම පිළිබඳ සදහන් කර ඇත.
ඒ අනුව අගෝස්තු මස 21 වැනිදා සිට 23 දින දක්වා පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5 සිට 3.0 දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බව නිවේදනයේ සඳහන් වේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුහුදු රැල්ල එක්ක ප්ලාස්ටික් බෝතල් එහෙමත් ගොඩ ගහලා තියෙනව දැක්කද කවුරුහරි ???