‘‘ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ලෙස පත් කිරීමට ජනපති ගත් තීරණය අගය කරනවා‘‘ ත්‍රස්තවාදයෙන් රට මුදවා ගැනීමේ සටනේදී රට වෙනුවෙන් තමන්ගේ ඇති කැපවීම පෙන්නුම් කළ රණවිරුවෙකු ලෙස ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධූරයට පත් කිරීමට ජනපති ගත් තීරණය අගය කරන බව මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම පැවැසූහ. 25 August 2019
‘‘මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනයෙන් සහතිකයක් දෙන අපේක්ෂකයාට සහාය දෙනවා‘‘ පිළිගත් වැඩපිළිවෙලක් සමඟින් මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය තුළින් දෙමළ ජනතාවගේ ගැටළු විසදා දෙන බවට සහතික වන ජනාධිපතිවරණ අපේක්ෂකයාහට දෙමළ ජාතික සන්ධානයේ සහාය හිමිවනු ඇතැයි එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන් මහතා පැවසීය. 25 August 2019
වෙලේ සුදා-පොට්ට නව්ෆර්-කංචිපානි බූස්සට වැලිකඩ හා දුම්බර බන්ධනාගාරවල රඳවා සිටි මරණ දඬුවම නියමවූ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා සහ මොහොමඩ් නව්ෆර් නොහොත් පොට්ට නව්ෆර් නැමැත්තන් වහාම ක්‍රියාත්මක වන පරිදි දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ බූස්ස බන්ධනාගාරය වෙත මාරුකර යවා ඇතැයි බන්ධනාගාර මූලස්ථානය කියයි. 25 August 2019
මාලූ අල්ලද්දී මෝටාර් උණ්ඩ තුනක් දැලක පැටැලේ පොතුවිල කලපුකට්ටුව කලපුවේ මාළු අල්ලමින් සිටි ධීවරයෙකුට අද (25) සවස 81 වර්ගයේ මොටාර් උණ්ඩ තුනක් හමුවී ඇති බව පොතුවිල පොලීසිය පවසයි. 25 August 2019
කාන්තා වෙස්ගෙන ගණිකා වෘත්තියේ යෙදුණු පිලිපීන ජාතිකයන් 7ක් අත්අඩංගුවට කාන්තාවන් ලෙස පෙනී සිටිමින් ගණිකා වෘත්තියේ යෙදී ඇතැයි කියන පිලිපීන ජාතිකයන් 7දෙනෙකු සහ යුක්රේන ජාතික කාන්තාවක කොල්ලුපිටියේ හෝටලයක නවාතැන් ගෙන සිටියදී අද(25) අත්අඩංගුවට ගෙන ඇත. 25 August 2019
ලාංකිකයන් 5 දෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ බාරයට ත්‍රස්ත සංවිධානයක සාමාජිකයින් පිරිසක් ශ්‍රී ලංකාවේ සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පැමිණ ඇති බවට ලද තොරතුරු මත සිදුකළ සෝදිසි මෙහෙයුම් වලදී ශ්‍රී ලාංකිකයින් පස් දෙනෙකු ඇතුළු සැක කටයුතු පුද්ගලයින් 6 දෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ බාරයට ගෙන ඇතැයි එරට පළවන ‘‘ඉන්දියා ටුඩේ ’’ පුවත්පත අද ( 25) වාර්තා කර තිබිණි. 25 August 2019
එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේ හමුදා භටයින් එපා එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේ හමුදා භටයින් සහභාගී නොකර ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගත යුතු බව කොටි හිතවාදී ජාත්‍යන්තර සංවිධානයක් වන ගෝලීය ද්‍රවිඩ සංසදය යෝජනා කර ඇත. 25 August 2019
‘අගරදගුරුතුමන්ගේ ඉල්ලීම අපගේ රජයක් බලයට ආ විට ඉටුකරනවා’ පාස්කු ඉරුදින සිදුවීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පත්කරන්නැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් කරන ඉල්ලීම තමන්ගේ රජයක් බලයට පත්වූවිට නොපමාව ඉටුකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 25 August 2019
විප්ලවීය ආර්ථික වැඩසටහනක් නොවැම්බරයේදී පොදු ජනතාව පෙරටු කර ගනිමින් විප්ලවීය ආර්ථික වැඩසටහනක් නොවැම්බර් මාසයේදී ආරම්භ කරන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද(25) පැවසීය. 25 August 2019
විද්‍යා විෂය මාලාව වෙනස් කරන්න පියවර පාසල් විද්‍යා විෂය මාලාව ඉදිරියේ දී වෙනස් කිරිමට අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 25 August 2019
දරු දෙදෙනාට වස පොවා පියාත් ගෙල වැලලාගනී බිරිඳ සමඟ ඇති වූ ආරවුලකින් පසු දරු දෙදෙනාට වස පොවා ස්වාමි පුරුෂයා නිවස තුළ ගෙල වැලලාගෙන අද (25) දහවල් දිවි නසා ගෙන ඇති බව උඩප්පුව පොලිසිය කියයි. 25 August 2019
තව්හීත් ජමාත් සමාජිකයෙක් මුරුතවෙලින් අත්අඩංගුවට තහනම් කරන ලද තව්හීත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයකු අද (25) අලුයම මාවනැල්ල ,මුරුතවෙල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 25 August 2019
උසස් අධ්‍යාපන ආයතන තුනකට නිසි බලධාරීන් පත්කෙරෙයි යාපනය විශ්වවිද්‍යාලය, ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය සහ මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා ආයතනය සඳහා නිසි බලධරයින් පත්කර තිබේ. 25 August 2019
පහළ මල්වතුඔය ව්‍යාපෘතියට මුල්ගල තබයි පහළ මල්වතුඔය වාරිමාර්ග ව්‍යාපාරය යටතේ ඉදිකෙරෙන තන්තිරිමලේ ජලාශය සඳහා මුල් ගල තැබීම අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) සිදුවිය. 25 August 2019
‘‘ අෂරා මුබාරකා’’ ආධ්‍යාත්මික සමුළුව ලංකාවේදී ලෝකය පුරා සිටින ඩාවුදි බෝරා ප්‍රජාවේ ‘‘ අෂරා මුබාරකා’’ ආධ්‍යාත්මික සමුළුව සඳහා 21000ක බෝරා ජාතිකයින් පිරිසක් ලබන 01 වැනිදා සිට පුරා දින දහයක් කොළඹ රැදී සිටින බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි. 25 August 2019
ඉහළ කොත්මලේ ජලය ඉවත් කෙරේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ ජලය ඉවත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබේ. 25 August 2019
පාසල් නොයන ළමුන් ගැන සමීක්ෂණයක් වයස අවුරුදු 16 ට අඩු පාසල් නොයන ළමයින් සම්බන්ධයෙන් දීපව්‍යාප්ත සමීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ජාතික ළමා රක්ෂක අධිකාරිය සදහන් කරයි. 25 August 2019
ගින්නකින් අත්තනගල්ලේ මුස්ලිම් පල්ලියක නේවාසිකාගාරයක් විනාශයි තිහාරිය ජුනයිඩ් මාවතේ ඉස්ලාම් පල්ලියක ඉහළ මාලයේ අද( 25) අලූයම ඇතිවූ ගින්නකින් එහි පිහිටි අධ්‍යාපන ආයතනයක නේවාසිකාගාරය සම්පූර්ණයෙන්ම විනාශවී ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි. 25 August 2019
නව යුද හමුදාපති ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් විමසයි නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සිය ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසුව යුද පෙරමුණේ ක්‍රියාන්විතයේ සිටි රණවිරුවන්ගේ සුවදුක් විමසීමට අත්ඉඩිය මිහිඳු සෙත් මැදුරේ (23) සංචාරයක නිරත විය. 24 August 2019
කසල ටිපර් වලට එල්ල වූ ගල් පහරින් පොලිස් රියකටත් හානි අරුවක්කාඩු කසල අංගනයට කසල ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථ සඳහා ආරක්ෂාව ලබාදෙමින් ගමන් කල පොලිස් කැබ් රථයකට අද (24) ගල් ප්‍රහාරයක් එල්ල වී ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි. 24 August 2019
’’කන්ස්ට්‍රක්ට් 2019” ප්‍රදර්ශනය ජනපති අතින් විවෘත කෙරේ ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය19 වන වරටත් සංවිධානය කළ ’’කන්ස්ට්‍රක්ට් 2019” ජාත්‍යන්තර ඉදිකිරීම් ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) විවෘත කෙරිණි. 23 August 2019
ජල ව්‍යාපෘතියකදී කොන්ත්‍රාත්කරුවකුට කෝටි 22ක් වැඩියෙන් ගෙවලා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් නැගෙනහිර කොළඹ ජල ව්‍යාපෘතියේදී කොන්ත්‍රාත්කරුවකුට රුපියල් කෝටි 22ක මුදලක් වැඩිපුර ගෙවා ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ‘කෝප් කමිටුව‘ හමුවේ අනාවරණය විය. 23 August 2019
පාර්ලිමේන්තුවේ ලිස්සා වැටුණු ප්‍රමාණය 24ක් දක්වා ඉහළට පාර්ලිමේන්තුවේ බිම් මහලේ පිරිසිදු කිරීමේ කටයුතුවලදී වැරදි ද්‍රව්‍යයක් යොදාගැනීම නිසා ඇතිවූ ලිස්සායාමේ ස්වභාවය මේ වනතුරුත් පවතින අතර ඒ හේතුවෙන් බිම ඇද වැටුණු සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. 23 August 2019
‘‘31 ට පෙර නව සන්ධානය පිහිටුවනවා‘‘ ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ නමින් නව සන්ධානය පිහිටුවීම සහ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම ලබන 31 වැනිදාට පෙර සිදුකරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ලංකාදීපයට පැවසීය. 23 August 2019
‘‘ජනාධිපතිවරණයට පෙර එජාපයේ වෙනසක් සිදුවිය යුතුයි‘‘ ඉදිරි ජනාධිපතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂයේ වෙනසක් සිදුවිය යුතු බව හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා ලංකාදීපයට පැවසීය. 23 August 2019
‘මන්දිරවල නොසිට වීදි ගානේ ගොස් සෞභාග්‍යමත් ලංකාවක් හදනවා’ “තමා 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම තව තවත් ස්ථීර බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මාතර දී අද (23) පැවසීය. 23 August 2019
පෞද්ගලික ඉදිකිරීම් සමාගම් රාජ්‍ය අංශයට වඩා ඉදිරියෙන් අවුරුද්දකින් නිමවිය යුතු ඉදිකිරිමක් ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ මධ්‍යම කාර්යාංශය හැර අනෙකුත් රජයේ ඉදිකිරීම් ආයතනවලට බාරදුන්නොත් එය අවසන් කරන්නේ අවුරුදු දහයකින්. පෞද්ගලික ඉදිකිරිම් සමාගම් රාජ්‍ය අංශයට වඩා බෙහෙවින් ඉදිරියෙන් සිටිනවා යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (23) පැවසීය. 23 August 2019
‘‘සජිත්ව ජනපති අපේක්ෂකයා ලෙස නම් කරනවා‘‘ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවෙන් කතානායක කරු ජයසූරිය මහතාගේ ස්ථීරත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරි සතියේ දී එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා නම් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර අද (23) මාතර දී පැවසීය. 23 August 2019
හදිසි නීතිය අවසන් කිරීමට රජය තීරණය කරයි මාස හතරක් මුළුල්ලේ ක්‍රියාත්මක කෙරුණු හදිසි නීතිය අවසන් කිරීමට රජය තීරණය කර ඇතැයි ප්‍රංශ පුවත් සේවය අද (23) වාර්තා කළේය. 23 August 2019
මාතර රැළියට සජිත් එයි මාතර දී අද (23) පැවැත්වෙන ‘සජිත් එනවා’දෙවැනි ජන රැළියට එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මීට සුළු වේලාවකට පෙර පැමිණියේය. 23 August 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026