( තිළිණි ද සිල්වා )
එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේ හමුදා භටයින් සහභාගී නොකර ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගත යුතු බව කොටි හිතවාදී ජාත්‍යන්තර සංවිධානයක් වන ගෝලීය ද්‍රවිඩ සංසදය යෝජනා කර ඇත.
ශ්‍රී ලංකා හමුදාවේ නව හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම සම්බන්ධයෙන් එම්මානුවෙල් දේවගතිවරයාගේ නායකත්වයෙන් යුත් ගෝලීය ද්‍රවිඩ සංසදය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
බි්රතාන්යයේ ලන්ඩන් නුවර මූලික කර ගත් එම සංවිධානය වැඩිදුරටත් කියා සිටින්නේ ශ්‍රී ලංකා හමුදාවේ නව හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම වැනි අසාධාරණ හා අයුක්තිසහගත ක්‍රියා , ශ්‍රී ලංකා රජය විසින් ගනිමින් සිටින බැවින් ජාත්‍යන්තරයද ඊට දැනෙන සුළු විරෝධයක් එල්ල කල යුතු බවද එම සංසදය එම නිවේදනයෙන් පෙන්වා දී ඇත.
ඊට මුලික පියවරක් ලෙස තමන්ද ලබන සැප්තැම්බර් මාසයේදී ජිනීවා නුවරදී ඇරඹෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 42 වැනි සැසියේදී ශ්‍රී ලංකාවට එරෙහිව කරුණු දක්වන බවද ගෝලීය ද්‍රවිධ සංසදය කියා සිටී.
එැබවින් ලංකාවට ලබාදී ඇති වෙළඳ හා බදු සහන ඉවත්කරගැනීමට ජාත්‍යන්තර කටයුතු කල යුතු බවත්, අන්තර් රාජ්‍ය මිලිටරි සහයෝගීතාවයන් සඳහා ශ්‍රී ලංකා හමුදා සහභාගී කරවා ගැනීම පිළිබඳවද ජාත්‍යන්තර සිතා බැලිය යුතු බව එම සංසදය සිය නිවේදනයෙන් පෙන්වා දේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා කමක් නැහැ අපි අයින් කරන්නෙම නැහැ.. හමුදාපතිතුමාව ..
එතකොට කොටින්ගේත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයත් අතර වෙනසක් නෑ. දෙකම ත්‍රස්තවාදී සංවිධාන...
හා අර ඊයේ පෙරේදා හම්බවුනු සින්නයියා දොස්තරගේ කෙරුවාවත් එක්කම මෙහෙන් හමුදාව යවන්න වෙන එක කොහොමත්ම කරන්න අමාරුවෙන පාටක් පෙනෙන්නේ. ස්නයිපර්, ක්ලේමෝ ඔක්කොමත් එක්කම්, බුද්ධි අංශවලට ආණ්ඩුවම පහර දුන්නු වෙලාවේ.. නාඩගමක් නටන්නනේ සින්නයිය හදලා තියෙන්නේ... ද්‍රවිඩ සංසදයේ අයියලත්,.. සින්නයියාට ආධාර දීලා ඇතිනේ..
උඹලට අපිව ඒ සැරයක් එපානම් අපිට උඹලා 10සැරයක් එපා. අනික් සැරේ කියාවි අහවලා ජනාධිපති කමටත් එපා කියලා. අපිව මේ තත්වයට ගෙනාවේ මංගල... රනිල්ට කොන්දක් නැති වුණාට කමක් නැහැ.. සිරිසේන දැන්වත් ඔහේ කොන්ද කෙලින් තියාගන්න.
සිංහල ජාතියට කිසිම රටක ආධාර නැතිව ජීවත් වෙන්න පුළුවන්, අපි අවුරුදු තුනක් හතරක් බඩගින්නේ ඉඳිමු. ඉන්න බැරි අයට රට හැර යන්න කියමු.. සිංහල අපි සූදානම්...
ඔය යුරෝපයේ හැමතැනම හැංගිලා ඉන්න කොටි, මිනීමරුවෝ ටිකට ගිහින් UN එකට බැඳිලා හිතේ හැටියට මිනීමරන්න අවස්ථාව උදාකරගන්න පුළුවන්... මොකද ඔවුන්ට කාලෙකින් සමූල ඝාතනයක් කරගන්න බැරිවුණු එකට බොහොම අමාරුවෙන් ඉන්නේ.. මොකද මිනී මැරීමට ඇබ්බැහි ඇෆ්ගනිස්ථානයට, සිරියාවට, ලිබියාවට ගිහින් හිතේ හැටියට යුද්ධ කරපල්ලා ලේ පිපාසේ සන්සිඳෙනකම්... මොකද ඔය රටවල්වල බුරුතු පිටින් ගියත් ඔය UN කියන එක නෙවෙයි අහක් ඇරලා බලන්නේ...
එතකොට ඇමරිකන් හමුදාවේ නිලධාරීන්ට මෙහෙම චෝදනා නැද්ද?
දැන්වත් ලාංකික අපි මිනිසුන් විදිහට ලෝකය ඉදිරියේ නැගිට ඉන්න බලමු. අපි දුප්පත් නිසා මේ රටේ කාන්තාවෝ මිනිසුන් පිටරටවලට ගෘහසේවිකාවන්, කම්කරුවන්, කුලීහේවායන් විදිහට යවා මුදල් හිඟාකන එක නවත්වා මේ රටතුළ කර්මාන්තශාලා ගොඩනගා ඒවගේ සේවයට යොදාගනිමු. ඕනෙමනම් පුහුණු ශ්‍රමිකයන් පමණක් විදේශවලට යවමු.
කට්ටිය මුහුද හත්ගව්වක් තියාගෙන අමුඩ ඇඳලා නේද?
නියම සුද්දන්ට වැඩිය මේ වගේ කළු සුද්දෝ තමයි මේ රටට වැඩිම හානිය කරන්නේ.
ඔයාලගේ උවමනාවට ඔයාලගේ පදයට නටවන්න පුළුවන් රූකඩයක් වගේ සුදු කොඩි වනන පෙන්දෙක් වගේ හමුදාපති කෙනෙක් එනකන්ද කට බලියාගෙන උන්නේ.
එහෙනම් දෙමල කොටි ත්රස්තයෝ පමණක් සාම හමුදාවලට බඳවාගන්න.
ආර්තික සමිබාදක දැම්මහම ලංකාවේ ඉන්න දෙමල අයට ඒක බලපාන්නෙ නැතැයි....?
ඔයා දන්නවනේ .. දෙමල ඩයස්පෝරාවේ අයට යූ .එන් එක කවදත් උඩ ගෙඩි දුන්නා කියලා . කොහොම උනත් , සිංහල මිනිස්සුන්ට තවම කොන්දක් තියෙනවා කියලා ඒ දෙගොල්ලොම දන්නවා . අතරින් පතර පාවා දෙන්න බලාගෙන ඉන්න අයත් ඉන්නවා කියලත් ඔය දෙපාර්ශවය ම දන්නවා . ඒකයි තියෙන අවුල . අපේ හමුදාව ලෝකයේ සිටින මානුෂීය ම හමුදාව කිව්වෙත් යු.එ.න් අය නේද ?? අපිටත් හරිම ප්‍රශ්නයක් අයි මේ යුධ අපරාධ චෝදනාව ඇමරිකානු හමුදාවන්ට එල්ල වෙන්නේ නැත්තේ ඇයි කියලා . මහේෂිකා ඔයා හරි දෙගොල්ලොම එක ජාතියේ ත්‍රස්තවාදී සංවිධාන දෙකක් තමයි .
චෝදනා කරපු පලියට එහෙම එතුමාව අයින් කරන්න බෑ. මේවා දේශපලකින්ගේ වැරදි. සාදාරන පරීක්ෂණයක් කරලා එතුමා නිර්දෝෂී කියා ඔප්පුකරානම් ඉවරයි නේ . දේශපාලකයන්ට ඕනේ ඔවුන් තමා එතුමාව බේරාගත්තේ කියලා ලකුනුදාගන්න. දක්ෂ නිලදාරීන් බිල්ලට දීලා.
මෙච්චර කාලයක් නැමුන හින්ද තමයි කොන්ද කෙලින් තියාගෙන වැඩක් කරන්න නොලැබුණේ. වැඩිම උනොත් අපිට සම්බාධක පනවයි. එතකොටවත් අපේ එකාලගේ ඇස් ඇරේවි අනුන්ගේ කකා නොහිට රටේ ආර්තියකය ගොඩනගන්න මහන්සි විය යුතුයි කියලා.