(රේඛා තරංගනී ෆොන්සේකා)
නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සිය ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසුව යුද පෙරමුණේ ක්‍රියාන්විතයේ සිටි රණවිරුවන්ගේ සුවදුක් විමසීමට අත්ඉඩිය මිහිඳු සෙත් මැදුරේ (23) සංචාරයක නිරත විය.
යුදබිමේදී තිබූ සහෝදර සබඳතා සහ සාමූහික වගකීම සිහිපත් කරමින් නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙම සංචාරයේ නිරත වූ අතර මෙම අවස්ථාවට යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති සුජීවා නෙල්සන් මහත්මියද එතුමන්ගේ දියණියෝ ද එක්ව සිටියහ.
කුරිරු යුද්ධයෙන් ආබාධිතව ප්‍රතිකාර ලබමින් විරෝදාර රණවිරුවන්ගේ 50 කට වැඩිපිරිසක් අත්තිඩිය මිහිඳු සෙත් මැදුරෙහි විවේකීව පසුවෙති.
මෙම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ජයන්ත සෙනවිරත්න සමඟින් පුනරුත්ථාපන අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් ශාන්ත රාජකරුණා මහතා සහ එම මැතිණිය මෙන්ම මිහිඳු සෙත් මැදුරෙහි සේනාවිධායක ලුතිනන් කර්නල් ජීවන් ගුණසේකර මහතා විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
ඉන් අනතුරුව, හමුදාපතිතුමන් ඇතුළු පිරිස සුවතා නිකේතනයේ වාට්ටුවල සංචාරයක නිරත වූ අතර එහිදී, ප්‍රතිකාර ලබන රණවිරුවන් හමුවී ඔවුන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගනිමින් හමුදාපතිතුමන් සහ පවුලේ සාමාජිකයෝ ඔවුන්ට ත්‍යාග පාර්සල්ද ප්‍රදානය කළහ.
එම පරිශ්‍රය තුළදී හමුදාපති, මිහිඳු සෙත් මැදුරෙහි සුවය ලබන රණවිරුවන්ගේ නවාතැන්, ඔවුන්ගේ වෛද්‍ය ප්‍රතිකාර සහ මානසික ප්‍රතිකාරයන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ අතර අනාගතයේදී සිදුකළ හැකි වැඩිදියුණු කිරීම් පිළිබඳවද විමසා සිටියේය.
මෙම සංචාරය සඳහා ඉඩම් දේපල හා නිවාස අධ්‍යක්ෂක ජෙනරාල් මේජර් ජෙනරාල් ප්‍රසන්න චන්ද්‍රසේකර මහතා සහ යුද උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් එච්.ජී.අයි. විද්‍යානන්ද මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වූහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තෙන්ම ඔබ විසින් පළමුව ආබාදිත රණවිරුවන් බැලීමටයාම ඔවුනගේ සුවදුක් විමසීම අප අගය කරන්නෙමු. ඔවුන්ගේ තරුණ ජිවිත රටේ අනාගත වෙනුවෙන් කැපකිරීම නිසා ලක්මව ලබාගත් ඒ නිදහස අප මෙමොහොතෙත් එකිනෙකාට බැනවදිමින් මෙන්ම සිනහමුසු මුහුණින් ඉන්නේද ඒ ඔවුන්ගේ ජිවිත පුජාකර ලංකා මාතාව ආරක්ෂා කල නිසා බැවිනි. අප ඔබලාට සැමදා නයගතිය. ලක්මවගේ හදවතේ සියලුම රණවිරුවන් මෙන්ම සියලුම එයට නායකත්ව ලබාදුන් දේශපාලන අධිකාරිය මෙන්ම සියල්ලොගේම නාමයන් රන් අකුරෙන් ලියවී ඇත. එය සක්කරයාටවත් මැකිය නොහැක. ඔබලාට ජය. ඔබලාව මෙලොවට බිහිකළ ඒ ලක්මවගේ ආදරණිය දෙමාපියන්ට අප හදවතින්ම ස්තුතිවන්ත වෙන්නෙමු.
මහපොළවේ පයගසා ජීවත්වෙන රටට ණය නැති නමුත් මුළු රටම ණය පවුලේ කෙනෙක්. ජයවේවා.
සිංහයෝ හැමදාම ගුහාවේ ඉන්නේ නැහැ වගේ ඔබතුමාට ලැබිය යුතු දේ ලැබුනා.! ඇමෙරිකාව නෙවෙයි යුරෝපේ ඇවිලුනත් කරන්න දෙයක් නැහැ. අපි නොබැදි ජාතීන්ට අයත් ස්වාධීන රාජ්‍යයක්. අනික මේ පත්වීම අපට සම්බාධක වැටෙන්න තරම් ප්‍රශ්නෙකුත් නෙවෙයිනම්. කාටත් තියෙන අමාරුව මොකක්ද. ඔබතුමාට දීර්ඝායු.!
4 වෙනි පින්තුරේ?? .......................හරිම දුකයි
ඇස් ඇරලා බලන්න .මේ යුධ සෙබළුන් තම ජීවිතය මවුබිම වෙනුවෙන් පුදකළේ අපේ සුඛවිහරණය වෙනුවෙන් නේද කියලා. පක්ෂ පාට වලට බේදභින්න වෙලා රට ජාතිය වෙනුවෙන් දැන්වත් හිතන්න මේ රට තවතවත් අගාධයට ඇද දාන්නේ නැතුව.
ඔබට මේ ලක්මව රකින්න ශක්තිය සහ දිරිය ලැබේවා..