( තිළිණි ද සිල්වා)
ලෝකය පුරා සිටින ඩාවුදි බෝරා ප්‍රජාවේ ‘‘ අෂරා මුබාරකා’’ ආධ්‍යාත්මික සමුළුව සඳහා 21000ක බෝරා ජාතිකයින් පිරිසක් ලබන 01 වැනිදා සිට පුරා දින දහයක් කොළඹ රැදී සිටින බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව ලබන මස 01 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වෙන මෙම සමුළුව එම ප්‍රජාවගේ ආධ්‍යාත්මික නායක ආචාර්ය සෙයිද්නා මුෆද්දල් සෙයිෆුද්දීන්ගේ ප්‍රධානත්වයෙන් බම්බලපිටිය මුහුදු මාවතේ ( මැරයින් ඩ්‍රයිව් ) හි පිහිටි ප්‍රධාන ඩාවුදි බෝරා පල්ලිය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනු ඇත.
මේ සමුළුව සදහා මෙරටට පැමිණෙන 21000ක් පමණවන බෝරා ආගමිකයින් සඳහා මේවන විටත් ගල්කිස්ස ,කොළඹ සහ මීගමුව දක්වා ප්‍රදේශයන් හි තිබෙන ප්‍රධාන පෙළේ් සියළුම හෝටල් 100ක , කාමර 3000ක් පමණ ඔවුන් වෙන් කරගෙන ඇති බවත් , මීට අමතරව එම ප්‍රදේශවලින් සුඛෝපභෝගී තට්ටු නිවාසද වෙන් කරවා ගෙන ඇතැයි සංචාරක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීය.
එමඟින් සංචාරක කර්මාන්තයට ඇමෙරිකානු ඩොලර් මිලියන 31 ක ආදායකමක් උපයාගත හැකි වනු ඇතැයි එම අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් කීය.
එසේම අතිවිශාල පිරිසක් පැමිණෙන මෙම සමුළුව ප්ලාස්ටික් භාවිතයෙන් තොර පරිසර හිතකාමී හා ආහාර නාස්තිය අවම ලෙසින් පැවැත්වෙන බවද කොළඹ ප්‍රධාන බෝරා පල්ලිය සඳහන් කර සිටී.
සමුළුවට ශ්‍රී ලංකාව , ඕස්ටේ්රලියාව, බහරේනය, බංග්ලාදේශය, කැනඩාව, චීනය, ඊජිප්තුව, ප්‍රංශය, ජර්මනිය, හොංකොං, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරාකය, අයර්ලන්තය, ජපානය, කෙන්යාව, කුවේට්, මැලේසියාව, මියන්මාරය, නෙදර්ලන්තය, නෝර්වේ, ඕමානය, පාකිස්තානය , පෘතුගාලය, කටාර්, සවුදි අරාබිය, සිංගප්පූරුව, දකුණු අප්‍රිකාව, ස්වීඩනය, ටැන්සානියාව, තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය,ය, උගන්ඩාව, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, යේමනය සහ සැම්බියාව යන රටවල් වල සිටින ඩාවුදි බෝරාවරුන් පැමිණෙති.
මෙම සමුළුව විශේෂ ආරක්ෂාවක් සැපයීමට ආරක්ෂක අංශ විසින් ක්‍රියාත්මක කර ඇති මීට පෙර 2009 වර්ෂයේද ලංකාවේ මෙවැනිම බෝරා ආගමික සමුළුවක් පවත්වනු ලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝරා මුස්ලිම් බහුතරය ඉන්න රටක් තිබුණේම නැද්ද ඕක තියන්න? මේවා හරහා තමයි එක එක අන්තවාදීන් රටට රිංගන්නේ. ඇයි ඉතින් සමුලුවට එනවා කියන්න පුලුවන්නේ ඕනෙ කෙනෙක්ට.. මතකද ළඟදීත් ඔහොම ප්‍රධාන මුස්ලිම් අයගේ ලෝක සමුලුවක් මෙහේ තිබුණා. මේ වක්‍රාකාරයෙන් එන්නේ වෙන පොටකට කියලා නම් පේනවා. මේවාට විරුද්ධව විය යුතුය. ඔය බොරුවට කෑගහන සංවිධාන කෝ..?
ඇමරිකන් ඩොලර් විතරක් බලලා බෑ නේද? මේ මිනිසුන් මොකද මේ රැස්වීම්වලට අපේ රටට එන්නේ? එයාලගේ ආගම අදහන රටවල් නැද්ද?
කුට්ටියක් දුටුකළ ඕනෑම ජරාවක් ගිලින ජාතියක්ද අම්මපා ඉපදිලා ඉන්නේ? හරිම දුකයි මේවා ඇහෙද්දීත්. බලන්නකෝ මේ සෞදි අරාබියට ඇවිත් ඔයවගේ වෙන ආගම්වලින් වැඩමුළු පවත්වන්න පුලුවන්ද කියලා. කාගෙන් අනුමැතිය අරන්ද මේ වැඩමුළු පවත්වන්නේ?
සමුළුවක් නම් තියා ගත්තට කමක් නැහැ. ඒ මුවාවෙන් තුුස්ථයන් එවිද දන්නෙ නැහැ .ඉන්දියාවට ගහනවා කියලා ලංකාවට අයෙ වැඩක් දෙයිද දන්නෙ නැහැ . මේ අාණ්ඩුව ගැන කිසිම විශ්වාසයක් නැහැ .
මේ අය ත්‍රස්තයින්...
නුදුරේදීම ඉස්ලාම්කරණය කරන්න පුළුවන් රටක් තමයි මේකට තෝරාගත යුත්තේ. මේවා මුස්ලිම් රටවල තියල වැඩක් නැහැ. අනෙක වෙනත් ජාතින් ජීවත්වෙන බලවත් රටවල මේවට ඉඩක් නැහැ. එන්න ඉස්සෙල්ලා වතගොත හොයනවා. දැක්කනේ ඇමෙරිකාව පසුගිය කාලේ අරාබි රටවල් ගණනක සංචාරකයන්ට පවා ඇමෙරිකාවේ සංචාරක තහනමක් දැම්ම...
මට ප්‍රශ්න දෙක තුනක් තියෙනවා .1. ඇයි මෙයාලා ලංකාව ම මේ වැඩේට අල්ලගන්නේ ? 2. අපිට සංචාරකයෝ කියලා එන්න ඉන්නේ මේ කාන්ඩේ විතරද ? 3. 21000ක් ආවම , 21000 ම ආපහු ගියා ද කියලා හොයලා බලන්නේ කවුද ? 4. මෙහෙම දේවල් බහුතර මුස්ලිම් නොවන රටවල තියන්නේ මොන පරමාර්තයෙන්ද ?? 5. බෞද්ධ , කතෝලික හෝ හින්දු ආගමක ලෝක සම්මේලනයක් පවත්වන්න මේගොල්ලන්ගේ රටක ඉඩක් දෙයිද මේ සම්මා ජාතියට ?
මේකෙ එන අයට ආරක්ෂාව දීමක් ගැන සඳහන් වුණා. එහෙම ප්‍රශ්නයක් නෑ. මොකද බෝම්බ ගහන්නෙ උන්මයිනේ. මුස්ලිම් 7% ඉන්න රටක මේවගේ ජාත්‍යන්තර සමුළු පැවැත්වීමට තෝරාගන්නේ ඇයි කියන දෙයට පැහැදිලි පිළිතුරක් සොයාගත යුතුමයි.