(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ඉ. ජයකොඩි)
තිහාරිය ජුනයිඩ් මාවතේ ඉස්ලාම් පල්ලියක ඉහළ මාලයේ අද( 25) අලූයම ඇතිවූ ගින්නකින් එහි පිහිටි අධ්‍යාපන ආයතනයක නේවාසිකාගාරය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි.
අලුයම 3.00 ට පමණ මෙහි හිදිසි ගින්නක් හට ගෙන ඇති අතර එහි රැදී සිටි සිසුන් වහා ඉවත්වීම නිසා ඔවුනට කිසිදු හිරිහැරයක් වී නැති බව පොලිසිය සදහන් කරයි.
උසස් පෙළ අධ්‍යාපනය හදාරන දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි සිසුන් 35 දෙනෙකු මෙහි නේවාසිකව ඉගෙනුම ලබන බව පොලිසිය කියයි. ගම්පහ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරනු ලැබීය.
නේවාසිකාගාරයේ තට්ටු දෙකකින් යුත් ඇදන් ආදිය පවා ගින්නෙන් විනාශ වී ගොස් තිබිණි. සිදුව ඇති අලාභය ගණන් බලානැති අතර රුපියල් ලකෂ ගණනක අලාභයක්වී ඇතැයි විශ්වාස කෙරේ. මෙම ගින්නෙන් පහත මාලයට හානියක් වීමට පෙර ගින්න නිවා දැමීමට හැකිවී ඇත. ගොඩනැගිල්ලේ වහල ද විනාශයට පත්ව තිබිණි.
ගින්නට හේතුව විදුලි කාන්දුවක්ද නැතහොත් වෙනත් හේතුවක්දැයි මෙතෙක් හෙළිවී නැත. ගින්නට හේතුව අනාවරණය කරගැනීම සදහා අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන් කැදවා පරීකෂන පවත්වන බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මධු.. එහෙම ඔය පැත්තේ හිටියාද කියලා හොයලා බලන්න. කොහොමත් මිනිහව අල්ලගන්න පොලිසියට බැහැ. එක්කෝ බයයි, නැතිනම් හිරිකිතයි. මම හිතන්නේ දෙවෙනි එක...
තව ටික දවසකට පස්සේ අරාබියේ අයට පෙන්නයි පහුගිය කාලේ ගිනි තිබ්බා කියලා. එහෙම කියලා කෝටි ගාණක් හම්බ කරයි. අපි නොදන්න චෙස්..!
මම නම් මොනවත් ලියන්නේ නැහැ..
ගිනි තියන එක අර ගොල්ලන්ගේ ජාතික ක්‍රීඩාවනේ...
මුස්ලිම් අය සිටින ස්ථානවල මෙවැනි ගිනි ඇවිලෙන්නේ විදුලි කාන්දුව නිසා .. පසු ගිය කාලය පුරාවටම මෙවැනි ආයතනවලත් විදුලි කාන්දු නිසා නිතර ගිනි ඇවිලුනා...
මේකෙන් එක්කෝ අපේ රටේ නම ට හානි කරයි ජාතිවාදීන්ගේ වැඩක් කියලා එහෙම නැතිනම් මේගොල්ලන්ගේ " රටවල් " වලින් තව ආධාර ගොන්නක් එවයි මේකත් හැදෙන තව මොන මොනවා හරි හදාගන්න කියලා ... දෙකෙන් මොකක උනත් අන්තිමේ ලංකාවට හානියක් තමයි ...