මොළය සමග හදවත දියුණු දරුවන් නිර්මාණය කරන්න මොළය පමණක් දියණු කරන අධ්‍යාපන ක්‍රමයක් වෙනුවට හදවතත් දියුණු සහකම්පනයෙන් යුතු බෝසත් දරුවන් නිර්මාණය කිරීමට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලදී සැලකිලිමත් වන ලෙස අස්ගිරි, මල්වතු උභය මහා විහාර අනුනායක හිමිවරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගෙන් ඉල්ලා සිටියහ. 01 August 2025
ආසියානූ ජායාරූප කළා සංගමයේ අන්තර්ජාතික සමුළුවට චීන මාධ්‍යවෙිදීයෝ එති ආසියානූ ජායාරූප කළා සංගමයේ 28 වන අන්තර්ජාතික සමුළුවට සහභාගී වීම සදහා පළමු කණ්ඩායම ලෙස චීන ජාතික සංචාරක ජායාරූප ශිල්පීන් 15 දෙනෙකු ඊයේ(31 ) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . 01 August 2025
අදත් තැනින් තැනට වැස්ස උතුරු-මැද, ඌව, නැගෙනහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල, වවුනියාව, මුලතිව් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල අද (01) සවස 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 01 August 2025
ට්‍රම්ප්ගේ තීරු බදු ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් ගණනාවකින් ආනයනය කරන භාණ්ඩ සඳහා 41% දක්වා වූ නව අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රකාශයට පත් කර අවසන්ය. 01 August 2025
මාළු ව්‍යාපාරිකයකුට වෙඩි තැබුවත් ගිනි අවිය පත්තු නොවේ හික්කඩුව දොඩන්දූව ධීවර වරායේ සිටි මාලු ව්‍යාපාරිකයකු ඉලක්ක කර අද උදෑසන එල්ල කළ වෙඩි පහර පත්තු නොවීමෙන් නාදුනන තුවක්කුකරුවන් පලා ගොස් ඇති බව හික්කඩුව පොලීසිය කියයි. 01 August 2025
කහල්ල රක්ෂිතය වන පාළුවන් වනසලා කහල්ල කරවිලගල රක්ෂිතයේ ඇති ගස් කොළන් කපා දමා ඩෝසර් කොට ඉඩම් අත්පත් කරගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව ප්‍රදේශවාසීහු පවසති. 01 August 2025
අධිවේගයේ බඳපට සිහිනය අද සිට අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සැහැල්ලු වාහනවල පිටුපස ආසනවල සිටින මගීන් ද ආරක්ෂිත බඳ පටි පැළඳවීම අද (01) සිට අනිවාර්ය කර තිබේ. 01 August 2025
වත්කම් නොදුන් මන්ත්‍රීන් 25 කට හිටපු මන්ත්‍රීන් 100 කට අවවාද ලිපි නියමිත කාලයේදී වත්කම් බැරකම් ප්‍රකාශ භාර නොදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25 දෙනෙකුට සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියයකට ආසන්න පිරිසකට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දැනුම් දීම අනුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අවවාද ලිපි යවා ඇත. 01 August 2025
එළදරුව කන්දේ ගින්නක් බදුල්ල එළදලුව කන්දේ හටගත් හදිසි ගින්නකින් අක්කර දහයක් පමණ විනාශ වී ඇතැයි ආපදා කළමනාකණ මධ්‍යස්ථානය පවසයි. 01 August 2025
යටිනුවර ත්‍රිපුද්ගල මරණයට කෝටිපති ව්‍යාපාරිකයෙක්ගෙන් ප්‍රකාශයක් යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක චම්පික නිලන්ත විජේරත්න මහතා සියදිවි නසා ගැනීමට කලින් ලියා තිබූ පිටු පහක ලිපියෙන් මෙම සිද්ධියට වගකිවයුතු බවට චෝදනා නගා තිබූ මහනුවර කෝටිපති ව්‍යාපාරිකයාගෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් පැය හතරකට ආසන්න කාලයක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශයක් ගත් බව පොලිසිය සඳහන් කරයි. 31 July 2025
අගෝස්තු මස ඉන්ධන මිලේ වෙනසක් නෑ ඉන්ධන මිල සූත්‍රයට අනුව අගෝස්තු මස ඉන්ධන මිල වෙනස් නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගතත සංස්ථාව අද (31) පස්වරුවේ පැවසීය. අගෝස්තු මාසයේ ද ජූලි මස පැවති ඉන්ධන මිල නොවෙනස්ව ක්‍රියාත්මක වන බව ද එම සංස්ථාවේ උසස් නිලධාරියෙක් කීය. 31 July 2025
හිටපු ජනපති වරප්‍රසාද කැපෙන ගැසට්ටුව එළියට ජනාධිපතිවරුන්ගේ හිටපු ජනාධිපතිවරුන්ගේ හා ඔවුන්ගේ වැන්දඹුවන්ගේ නිවාස හා දීමනා ඉවත් කිරීමේ විධිවිධාන ඇතුළත් පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය ඊයේ ( 31) නිකුත් කෙරිණ. 31 July 2025
පාසලේ පීඩනයට සිසුවිය ගත් දැඩි තීරණය වාර විභාගවලදී අඩු ලකුණු ප්‍රමාණයක් ගත්තේ යැයි පවසමින් ගුරුවරයකුගෙන් එල්ල වූ බලපෑම් ඉවසා ගත නොහැකිව හෝමාගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක 15 හැවිරිදි පාසල් දැරියක කිසියම් පෙති වර්ගයක් පානය කිරීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි නුගේගොඩ කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 31 July 2025
දේතිලිඅංග සංගිලි පාලමේ මුල්ගල වසර 26 ක් පැළවෙලා දොඩන්ගස්ලන්දේ වරකාවැහැර හා හිරියාලේ දේතිලිඅංග ගම්මාන දෙක යා කරමින් දැදුරු ඔය හරහා සංගිලි පාලමක් ඉදිකිරීමේ යෝජනාව වසර 26ක් තිස්සේ මුල් ගලකට පමණක් සීමා වී තිබෙන බව ප්‍රදේශවාසීහු පවසති. 31 July 2025
වරද පිළිගත් ‘‘ටොපියාට‘‘ අත්හිටවූ සිරදඬුවමක් රූමත් කාන්තාවන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් අසභ්‍ය කතාන්දර (වල් කතා) ප්‍රචාරය කිරීමේ යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යෑමේ චෝදනාවට වරද පිළිගත් කඩුවෙල පුද්ගලයකුට මාස හයක සිරදඬුවමක් වසර පහකට අත්හිටවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය අද (31) නියම කළාය. 31 July 2025
හොංකොන් ගිය පෞරාණික ධාතු යළි ඉන්දියාවට හොංකොංහි සදබි වෙන්දේසි කාර්යාලය වෙන්දේසි කිරීමට ගිය බෞද්ධාගමට අයත් පිප්‍රහ්වා පෞරාණික ධාතු එකතුව ඉන්දියාවෙන් රැගෙන ගොස් වසර 127 කට පසුව නැවතත් ඉන්දියාවට ලැබුණු බවත් එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් කෝටි 10 ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 3000 ක් පමණ) බවත් එරට සංස්කෘතික අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. 31 July 2025
එස්.එම්ගේ ඇප ඇයැදුමට 16 කරුණු කියන්න කියයි ඉන්ධන දීමනාව වැටුපට එක්කර තිබියදී උතුරුමැද පළාත් සභා මුදලින් රුපියල් ලක්ෂ 80කට අධික ඉන්ධන ලබාගැනීමේ චෝදනාවන්ට වරදකරුවන් කරමින් තමන්ට වසර 16 සිර දඩුවම් පැනවීමට එරෙහිව අභියාචන ගොනු කර ඇති හෙයින් තමන් ඇප මත මුදාහරින්නැයි ඉල්ලා උතුරුමැද පළාත් සභාවේ හිටපු මහ ඇමති එස්.එම්. රංජිත් මහතා සහ ඔහුගේ නෑනා වන ශාන්ති චන්ද්‍රසේන මහත්මිය ඉදිරිපත් කළ ඇප ඇයැදුම් සම්බන්ධයෙන් අගොස්තු 16 වැනිදා කරුණු දක්වන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා අද නියම කළේ 31 July 2025
පෙරහර තොරතුරු බලන්න පොලිසියෙන් වෙබ් අඩවියක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවෙන් වාර්ෂිකව පවත්වනු ලබන ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් ‘මහනුවර ඇසළ පෙරහර 2025‘ නමින් තොරතුරු කළමනාකරණ පද්ධතියක් පොලිසිය හදුන්වා දී ඇත. 31 July 2025
ප්‍රේමලාල් ජයසේකර නිදහස් කිරීමට එරෙහි නීතිපතිගේ පෙත්සම විභාගයට 2015 ජනාධිපතිවරණ සමයේ රත්නපුර කහවත්ත ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වී මරණ දඩුවම නියමව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව නීතීපතිවරයා ගොනුකර ඇති විශේෂ අභියාචන පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය. 31 July 2025
බොරැල්ලේ මෙහෙයුමෙන් 1180 අල්ලයි අපරාධ මැඩපැවැත්වීම සදහා දිවයිනපුරා කරනු ලබන මෙහෙයුම්වලට සමගාමීව පෙරේදා (30) පුද්ගලයන් 1180 ක් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි. 31 July 2025
පැනි බීම බී සිසුන් දහයක් ලෙඩ වෙලා පාසලේ අතිරේක ශිෂ්‍යත්ව පංතියට සහභාගි වී සිටි හතර වසර සිසුන් දස දෙනකු පැණි බීම වර්ගයක් පානය කිරීමෙන් පසු අසාත්මිකතාවයට ලක්ව ඔවුන් ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව ගම්පොළ පොලිසිය පවසයි. 31 July 2025
’’මේ අවුරුද්ද ලංකාවට ජය වෙයි- හෝටල් හදන්න එන්න’’ මේ වසරේදී ශ්‍රී ලංකාවට සංචාරකයින් ලක්ෂ තිහක් පැමිණේ යැයි අපේක්ෂා කෙරෙන බැවින් නව හෝටල් ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට මාලදිවයින් ආයෝජකයන්ට මහඟු අවස්ථාවක් පවතින බවද ජනපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයිනේ දී පැවසීය. 31 July 2025
රජයේ නළදරු ගැබ් ගැන්වීම සාර්ථකයි නළදරු තාක්ෂණය භාවිත කරමින් රාජ්‍ය අංශයේ පළමු සාර්ථක ගැබ් ගැන්වීමේ දරු ප්‍රසූතිය අද (31) උතුරු කොළඹ ශික්ෂණ රෝහලේදී සිදු කෙරිණි. 31 July 2025
ඉඩම් සිතියම් නිවසටම ගෙන්වා ගැනීමට අවස්ථාව ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ 225 වැනි සංවත්සරය වෙනුවෙන් හෙට (1) සිට මාර්ගගත ක්‍රමයට ගෙවීම් කර ඉඩම් සිතියම් නිවසටම ගෙන්වා ගැනීමට අවස්ථාව හිමිවන බව මැනුම්පති වයි.ජී.ඥාණතිලක මහතා පැවසීය. 31 July 2025
කාන්තා මන්ත්‍රී සංසදයට පාට පක්ෂ බේද නෑ දේශපාලන නියෝජිතයන් ලෙස තේරී පත්වීම මෙන්ම බිම් මට්ටමේ දේශපාලන ක්‍රියාකාරීත්වයේදී කාන්තාවන් බල ගැන්වීම සිය අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය. 31 July 2025
දූෂණ මඩින්න ජනපති ලේකම් ආයතන ලොක්කන්ට වගකීම් පවරයි රාජ්‍ය-පෞද්ගලික ආයතන ප්‍රධානීන් ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා සැලැසුමක් සකස් කළ යුතු බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා දැනුම් දුන්නේය. 31 July 2025
කඩු පිහි රැගෙන විත් කැලණියේ ස්පා ආයතනයක් කොල්ලකාලා කැලණිය ටයර් හන්දිය ප්‍රදේශයේ සම්බාහන ආයතනයකට කඩුවක් සහ පිහියක් රැගෙන පැමිණි තිදෙනකු මුදල් අයකැමිගේ බෙල්ලට කඩුවක් තබා ලාච්චුවේ තිබූ රුපියල් 60000 ක මුදලක් සහ ජංගම දුරකතන දෙකක් කොල්ලකා පලාගොස් ඇති බව පෑලියගොඩ මූලස්ථාන පොලිසිය පවසයි. 31 July 2025
’’සෙමෙන් එහෙත් ස්ථාවරව රට හදනවා’’ සෙමින් එහෙත් ස්ථාවරව ලංකාව ගොඩ නඟමින් මුහුණ දී තිබෙන අභියෝගවලින් රටත් ජනතාවත් මුදා ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාල දිවයිනේදී පැවසීය. 31 July 2025
බොරු රට රැකියා පෙන්වා වංචා කළ ලක්ෂ 1994ක් යළි අයිතිකරුවන්ට මේ වසරේ ගෙවුණු මාස හතේ විදේශ රැකියා වංචනික ක්‍රියාවල නිරත වූ පුද්ගලයින් හා බලපත්‍ර රහිත රැකියා නියෝජිතායතන වලට එරෙහිව නඩු පවරා වින්දිතයින්ට රුපියල් ලක්ෂ 1994කට අධික මුදලක් අයකර දීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 31 July 2025
රෝහිතගේ දියණියට ඇප ආන්දෝලනයකට තුඩු දුන් එකලස් කරන ලද ලෑන්ඩ් කෲෂර් වර්ගයේ ජීප් රථයක් විකිණීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මන්ත්‍රි දියණියක වූ රොෂෙල් මෙලනී අබේගුණවර්ධන රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ. අයි .හෙට්ටිවත්ත මහත්මිය නියම කළාය. 31 July 2025
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026