වන අලියාගේ පහරින් දැරියක් මරුට හම්බන්තොට සීනික්කු ගල ප්‍රදේශයේදී අද (03) වන අලි ප්‍රහාරයකට ලක්ව අට හැවිරිදි දැරියක් මරුමුවට පත්ව ඇති බව පොලීසිය කියයි. 03 August 2025
මස්සිනා පැදවූ ටිපරයෙන් මාරයා එයි වවුනියාව නෙදුන්කේනි සිය නිවසේ වූ මඩුවක නිදා සිටි පුද්ගලයෙකු ටිපර් රථයකට යට වී ජිවිතක්ෂයට පත්ව ඇති බව නෙදුන්කේනි පොලිසිය සදහන් කරයි. 03 August 2025
කුෂ් සමඟ විදෙස් ජාතිකයින් දෙන්නා මාට්ටු රුපියල් කෝටි දහයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් , ඒවා ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් විදේශික ගුවන් මගී කාන්තාවක සහ පිරිමියෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 03 August 2025
ගන්දර වෙඩි තැබීමක් ගන්දර , කපුගම ප්‍රදේශයේදී අද (03) උදෑසන නාඳුනන තුවක්කු කරුවකුගේ වෙඩිපහරට ලක්වූ ව්‍යාපාරිකයෙක් තුවාල ගබා රෝහල්ගතකර ඇතැයි පොලීසිය කියයි. 03 August 2025
අද අඳුරු දවසක් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි උතුරු , උතුරු - මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමන පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. 03 August 2025
සංචාරකයන්ගේ පැමිණීම සියයට 6.6කින් ඉහළට පසුගිය ජූලි මාසයේදී මෙරටට සංචාරකයන් 200,244 ක් මෙරටට පැමිණ ඇති බවත් එය පසුගිය වසරේ ජූලි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයන් 187,810 ට සාපේක්ෂව සියයට 6.6 ක වර්ධනයක් බවත් ශ්‍රී ලංකා සංචාරක අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය. 03 August 2025
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුරගේ හෝ හරිනිගේ නොවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අධ්‍යාපන අමාත්‍යංශයේ හෝ ජනපති අනුරගේ හෝ අගමැති හරිනිගේ නොවන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය. 02 August 2025
විදෙස් සංචාරකයන්ට හෙට සිට කටුනායකින්ම වාහන ලයිසන් කෙටි කාලීන වීසා මත මෙරටට සංචාරය සඳහා පැමිණෙන විදේශකයින්ට ස්වයං ප්‍රවාහන පහසුව සලසා ගැනීමට අවශ්‍ය රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුවක් හෙට (3) සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයෙහි ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සඳහන් කරයි. 02 August 2025
දොඩංගොඩ සභාපති සමග කැබ් රථය කාණුවේ දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පැදවූවේ යැයි කියන ප්‍රාදේශීය සභා නිල කැබ් දොඩම්ගොඩ දි අනතුරකට ලක්ව ඇතැයි පොලිසිය කියයි. 02 August 2025
ලොරියක් මාර්ගයෙන් ඉවතට : කතකට බරපතලයි බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කනුව ප්‍රදේශයේ දී අද (2) පස්වරුවේ ලොරියක් මාර්ගයෙන් ඉවතට පැන නිවසකට කඩා වැදීමෙන් කාන්තාවක බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ශණ රෝහලට ඇතුළත් කළ බව හාලිඇල පොලිසිය පවසයි . 02 August 2025
හුංගම වෙඩි තැබීමකින් අයෙක් මරුට හුංගම පොලිස් වසමට අයත් පිංගම ප්‍රදේශයේදී අද (02) පස්වරුවේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය පැවසීය . 02 August 2025
මාධ්‍ය ප්‍රචාර නිසා පීඩාවන අයගේ අයිතීන් රකින්න නව නීති මාධ්‍ය ප්‍රචාරයන් හේතුවෙන් පීඩාවට පත්වන පුරවැසියාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරදීමට නව නීති සම්පාදනය කිරීමට ද සිදු වී තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 02 August 2025
ගිය මාස හතට ’’අයිස් කාරයෝ’’ 45111ක් පොලිස් දැලේ 2025 ජනවාරි මස 1 දින සිට අගෝස්තු මස 1 දින දක්වා වන මාස 7ක කාලයේදී පමණක් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1398.499 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර ගත වූ මාස 7ක කාලය තුළදී පුද්ගලයන් 45111ක ප්‍රමාණයක් අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ද වැරදි සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි. 02 August 2025
ජනතාවට නීතිය කියා දෙන්න අධිකරණ අමාත්‍යාංශය රට පුරා යයි ජනතාව තවදුරටත් රාජ්‍ය සේවාවන් ලබා ගැනීම සඳහා ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් පසුපස යා යුතු නැතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පැවැසීය. 02 August 2025
චෝදනාවලට ’’යූත් ක්ලබ්’’ උත්තර දෙයි යූත් ක්ලබ් වෙත එල්ලවන චෝදනා පදනම් විරහිත බැවින් එම සියලු චෝදනා එකතු වී පරාජය කළ යුතු බව යූත් ක්ලබ් කොළඹ දිස්ත්‍රික් සම්මේලනයේ අධ්‍යාපන හා කාර්යාංශ බාර ලේකම් යුත් ක්ලබ් හෝමාගම ප්‍රාදේශීය සම්මේලනයේ සංවිධායක ලහිරු පෙරේරා මහතා පැවසීය. 02 August 2025
දුම්රිය මගීන්ගේ දුරකථන සොරාගත් අයෙක් මාට්ටු ගම්පහ සිට දුම්රියෙන් දෙමටගොඩ දක්වා පැමිණ මගීන්ගේ ජංගම දුරකථන සොරාගන්නා සැකකරුවෙකු ඇතුළු දෙදෙනෙකු ජංගම දුරකථන 23 ක්, laptop පරිගණක දෙකක්, ටැබ් පරිගණකයක් ඇතුළු භාණ්ඩ රැසක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර අපරාධ කොට්ඨාශය පවසයි. 02 August 2025
’’පෙන්ෂන් එක නැති කළොත් මරාගෙන මැරෙනවා’’ තමන් ජීවත් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුපෙන් බවත් එම වැටුප අහෝසි කළහොත් ඒ වෙනුවෙන් මරාගෙන මැරෙන්න හරි සූදානම් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතා සඳහන් කළේය 02 August 2025
මහවැලි ජනතාවට ඉඩම් ඔප්පු 25000ක් මහවැලි කලාපයේ ජනතාවට ඉඩම් ඔප්පු 25000ක් ඉදිරි මාස කීපයේදී ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය කේඩී ලාල් කාන්ත මහතා පැවසීය 02 August 2025
හිටපු ජනපතින්ගේ නිවාස ඉවත් කිරීමේ පනත මේ මස අග මැතිසබයට ජනාධිපතිවරුන්ගේ හිටපු ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ වැන්දඹුවන්ගේ නිවාස හා දීමනා ඉවත් කිරීමේ පනත් කෙටුම්පත බොහෝ දුරට මේ මස අග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව අධිකරණ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂන නානායක්කාර මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය. 02 August 2025
සරසවි හතක ’’හොස්ටල්’’ නැතුව දරුවෝ අමාරුවේ රජයේ විශ්ව විද්‍යාල 17න් හරි අඩකම ශිෂ්‍ය නේවාසිකාගාර ගැටළුව බරපතළ තැනකට පැමිණීමෙන් ඒවායේ සිසු සිසුවියෝ දහස් සංඛ්‍යාත පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති. 02 August 2025
ඇගලුම් සේවකයන් ගෙන ගිය බසයක් පෙරලී 42කට තුවාල කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ ඉහල තල්දුව තිඹිරිපොල ප්‍රදේශයේදී ඇගලුම් කම්හලක සේවකයන් ප්‍රවාහනය කරනු ලබන බස් රථයක් මාර්ගයෙන් ඉවතට පෙරලීයෑමෙන් අද (02) උදැසන සිදුවූ අනතුරකින් එහි ගමන්කල 42 දෙනෙකු තුවාල ලබා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇත 02 August 2025
දේශබන්දු නෙරපන විවාදයට ආණ්ඩුවේ මන්ත්‍රීන්ට කොළඹ ඉන්න කියයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් නෙරපීමේ යෝජනාව විවාදයට ගන්නා ලබන අඟහරුවාදා(5) දින කොළඹ රැඳී සිටින ලෙස ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත. 02 August 2025
රටට කාන්තා නායකත්වය අත්‍යවශ්‍යයි වර්තමාන සමාජයේ කාන්තා නායකත්වය ගොඩනැගීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය කීවාය. 02 August 2025
වසරකදී දරුවෝ විසිදාහක් පාසලට සමුදෙති ආර්ථික ප්‍රශ්න ඇතුළු විවිධ සමාජමය කාරණා හේතුවෙන් සෑම වර්ෂයකම දරුවන් විසිදාහක් පමණ පාසල හැර යන බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න මහතා ලංකාදීපයට පැවසීය. 02 August 2025
වැසිකිලි වළෙන් ගිනි අවියක් මඩකලපුව, තිරිකුණාමලය මාර්ගයේ පිහිටි වැසිකිලි වළක තිබී ටී පනස් හය ගිනි අවියක්, මැගසින් දෙකක්, උණ්ඩ 62 සොයා ගත්බව මඩ කලපුව පොලිසිය පවසයි. 02 August 2025
තැනින් තැනට අදත් වැස්ස උතරු,උතුරු - මැද, ඌව, නැගෙනහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කුරුණෑග සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහි වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 02 August 2025
පොලිස් කොමිසමේ ටෝනර් උස්සලා ජාතික පොලිස් කොමිෂන් සභාවේ තිබූ රුපියල් 566,400/= ක් වටිනා ප්‍රින්ටර් ටෝනර් 12 ක් සොරා ගැනීම සම්බන්ධයෙන් එම කොම්ෂන් සභාවේ කාර්යාල කාර්ය සහයකයකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි. 02 August 2025
ගිලන් රථ - ත්‍රී රෝද රථ ගැටී 11ක් රෝහලට දිවුලපැලැස්ස මහියංගන ප්‍රධාන මාර්ගයේ හෙබරව ප්‍රදේශයේ දී අද (1) අලුයම රෝගින් පිරිසක් රැගෙන යමින් තිබු ගිලන් රථයක් ත්‍රිරෝද රථයක ගැටීමෙන් 11 දෙනකු තුවාල ලබා මහියංගන රෝහලට ඇතුළත් කළ බව දිවුලපැලස්ස පොලිසිය පවසයි . 02 August 2025
ගල්කිස්සේ ගැටුමකින් අයෙක් මරුට ගල්කිස්ස අරලිය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකුට තියුණු ආයුධයකින් පහර දීමෙන් එක් අයකු මියගොස් ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි. 02 August 2025
පුංචි මල් කැකුළක් හදිසියේ මිය ගිහින් කැකිරාව නගරා සන්නයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක 11 හැවිරිදි සිසුවියක හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් මිය ගොස් ඇතැයි කැකිරාව පොලිසිය පවසයි. 01 August 2025
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026