කොරෝනා වයිරසය පුද්ගලයින් 75,000 කට ආසාදනය වෙලා චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් මාරාන්තික කොරෝනා වයිරසය 75,000කට වැඩි පිරිසකට ආසාදනය වී ඇතැයි නව පර්යේෂණ වාර්තාවක් උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි. 02 February 2020
ගුවන් යානා මිලට ගැනීමේ දී වූ අක්‍රමිකතා ගැන සොයන්නැයි ජනපතිගෙන් නියෝග ගුවන් යානා මිලට ගැනීමේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එයාර් බස් සමාගම අතර සිදුවූ ගනුදෙනුවේ දී සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට නියෝග කර ඇත. 02 February 2020
කෝටි තුනකට වැඩි කේරළ ගංජා සමඟ 4 ක් අත්අඩංගුවට ඉන්දියාවේ සිට ධීවර බෝට්ටුවක් තුළ සඟවා මෙරටට රැගෙන එමින් තිබූ රුපියල් කෝටි තුනහමාරකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 300 ක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු යාපනය, පුංකුතිව් මුහුදු කලාපයේ දී අද (2) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. 02 February 2020
‘තවත් වෛද්‍ය වාර්තා 2ක් එනතුරු චීන කාන්තාව මුදාහරින්න බෑ’ අංගොඩ උණරෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන කොරෝනා වයිරසය වැළඳුණු චීන කාන්තාවගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරී තිබුණත් වෛද්‍ය පරීක්ෂණ වාර්තා දෙකක් තවමත් රෝහලට ලැබී නැති නිසා ඇය රෝහලෙන් මුදාහැරීමට නොහැකි වී ඇතැයි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය චින්තා සූරියආරච්චි මහත්මිය කීවාය. 02 February 2020
‘කොරෝනා සුවකරන්න වෛද්‍ය ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙන් උපදෙස් ගන්න’ කොරෝනා වයිරසය ආසාධිත රෝගීන් සුව කිරීමට සමත් බටහිර හා දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳව ක්ෂේත්රයේ ප්‍රවීණයන් කැඳවා තොරතුරු ලබාගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය. 02 February 2020
නිදහස් දා සිරකරුවෝ 516 කට නිදහස 72 වැනි ජාතික නිදහස් දින සැමරුම නිමිත්තෙන් සිරකරුවන් 516 දෙනෙකුට මේ මස 4 වැනිදා නිදහස ලැබෙන බව බන්ධනාගාර මුලස්ථානය පවසයි. 02 February 2020
ශ්‍රී ලංකාවේ සිටින චීන කම්කරුවන්ට ජනාකීර්ණ ස්ථානවලට නොයන්නැයි දන්වයි නේවාසික වීසා යටතේ වසරක කාලයකට ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉදිකිරීම් ක්ෂේත්රයේ ව්‍යාපෘතිවල සේවයේ නියුතු චීන ජාතිකයින්ට මාසයක පමණ කාලයක් පොදු ස්ථානවල ගැවසීමට හෝ ජනාකීර්ණ ස්ථානවලට යාමට ඉඩ නොදෙන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව එම ව්‍යාපෘති අධ්‍යක්ෂවරුන්ට උපදෙස් දී තිබේ. 02 February 2020
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ධූරය ශ්‍රී ගෝපාල් බාග්ලේට ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස ශ්‍රී ගෝපාල් බාග්ලේ මහතා පත් කර ඇතැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 02 February 2020
චීනයේ සිට පැමිණි 141 ක් ගෙදර යවති චීනයේ සිට පැමිණි ගුවන් යානා තුනකින් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 141 ක් කටුනායක ගුවන් තොටුපළට ඊයේ (1) සහ අද (2) අලුයම පැමිණ තිබේ . 02 February 2020
දියතලාවට ගෙන ආ සිසුන් 33 දෙනා දිනකට දෙවරක් වෛද්‍ය පරීක්ෂණයකට චීනයේ වූහාන් නගරයේ සිට ගුවන් යානකියන් ශ්‍රී ලංකාවට රැගෙන ආ සිසුන් 33 දෙනා දියතලාව යුද හමුදා කඳවුරේ ස්ථාපිත කළ නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන එනු ලැබීය . 02 February 2020
රිය අනතුරකින් හිමිවරු දෙනමක් ඇතුළු තිදෙනෙකු රෝහලේ හල්දුම්මුල්ල නගරය ආසන්නයේදී අද (2) සිදුවූ ත්‍රිරෝද රථ අනතුරකින් පිරිත් පින්කමකට සහභාගී වී ආපසු පැමිණෙමින් සිටි ස්වාමීන් වහන්සේලා දෙනමක් ඇතුළු තිදෙනකු බරපතළ තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව හල්දුම්මුල්ල පොලීසිය කියයි. 02 February 2020
තවත් සිසුන් 204 ක් චීනයේ චීනයේ සිට යළි මෙරටට ඒමේ අපේක්ෂාවෙන් තවත් සිසුන් 204 දෙනෙකු සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි. වූහාන් නගරයේ සිට සිසුන් 33 දෙනෙක් විශේෂ ගුවන් යානයකින් අද (01 වැනිදා) ශ්‍රී ලංකාවට පැමිණියේය. 01 February 2020
කොරෝනා ආසාධිත චීන ජාතික කාන්තාව සුවය ලබයි චීනයේ හූබෙයි නගරයේ සිට මෙරටට පැමිණි කොරෝනා වෛරසය ශරීරගත වූ 43 හැවිරිදි චීන ජාතික කාන්තාවට අයි.ඩී.එච් රෝහලේදී ලබාදුන් ප්රතිකාරවලින් සම්පූර්ණ සුවය ලබා අති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය. 01 February 2020
යූ.එල්. 1423 කාර්ය මණ්ඩලයට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රණාමය චීනයේ වූහාන් නගරයේ සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒම සඳහා ස්වේඡාවෙන් ඉදිරිපත් වෙමින් ඔවුන් කැඳවාගෙන ඒමට ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලයට ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිය කෘතඥතාව පළකර සිටී. 01 February 2020
වූහාන් ගිය ගුවන් යානය මත්තලින් කටුනායකට චීනයේ වූහාන් නුවර, ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි සිසුන් පිරිස රැගෙන මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් විශේෂ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත අද (01) පස්වරුවේ පැමිණියේය. 01 February 2020
මහ මැතිවරණයෙන් විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරනවා ජනාධිපතිවරණයේදී ශ්‍රීලංකා පොදුජන පෙරමුණ පරාජය වූ නුවරඑළිය දිස්ත්‍රික්කය එළඹෙන මහ මැතිවරණයේදී විශිෂ්ඨ ජයග්‍රහණයක් කරා රැගෙන ගොස් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට 2/3 බහුතර බලයක් ලබාදීමට දායක වන බව ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය. 01 February 2020
ගුරු පුහුණුව දුන්නත් 1300කට රැකියා දෙන්න බෑ ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය මඟින් ගුරු පුහුණුව ලබා දුන් 1300කට රැකියා ලබාදීමේ හැකියාවක් නැතැයි ජනාධිපති ලේකම් කාර්යාලය ඔවුන්ට දැනුම් දී තිබේ. එහෙත් අතරමග නතර කර ඇති පුහුණුව සම්පූර්ණ කිරීමට පහසුකම් සලසා දිය හැකි බව ජනාධිපති ලේකම්වරයා ඔවුන්ට දැනුම් දී ඇත. 01 February 2020
කිතුණු පුතුන් 5කට පූජක සේවාවරම් කිතුණු පුතුන් 5 දෙනෙකු වෙත පූජක සේවාවරම් ලබා දීමේ විශේෂ දිව්‍ය පූජා මෙහෙයක් (01) පෙරවරු කාර්මෙල් දේව මාතාවන් නමින් කැපකර ඇති හලාවත ආසන දෙව් මැදුරේදී හලාවත රදගුරු අති උතුම් දෙව්ශ්‍රිත වැලන්ස් මෙන්දිස් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 01 February 2020
එළවළු ලොරියෙන් ලක්ෂ 4.5 ක් කොල්ලකයි වේයන්ගොඩ සිට නුවරඑළිය හරහා කැප්පෙටිපොල දක්වා ධාවනය වූ ලොරි රථයක් හරස්කර එම ලොරිරථය තුළ තිබුණේ යැයි කියන රුපියල් ලක්ෂ 4 ½ක මුදලක් පැහැරගත් බවට එම ලොරි රථයේ රියදුරා විසින් වටවල පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව වටවල පොලිසිය පැවසීය. 01 February 2020
වූහාන්වල සිටි සිසුහු 33දෙනා මත්තලට චීනයේ වූහාන් නගරයේ සිටි ශ්‍රී ලාංකීය සිසුන් 33 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත අද (01) ළඟාවිය. ඔවුන් දියතලාව යුද හමුදා කඳවුර වෙත රැගෙන යාමට නියමිතය. 01 February 2020
කොරෝනා වෛරසය පැතිරීම සාර්ස් වසංගතය අභිභවා යයි ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 2003 දී චීනයෙන් ආරම්භ වී ව්‍යාප්ත වූ සාර්ස් වසංගතයෙන් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව ඉක්මවා ගොස් ඇත. 31 January 2020
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වෙයි මහ බ්‍රිතාන්‍යය අද (31) එරට වේලාවෙන් රාත්‍රී 11 ට යුරෝපා සංගමයෙන් ඉවත් වීමට නියමිතය. 31 January 2020
කැබ් රියක් වෙළඳසලකට කඩා වැදී කාන්තාවක් මරුට කැබිතිගොල්ලෑවේ සිට පදවිය දෙසට ධාවනය වූ කැබ්රථයක් පාරෙන් ඉවතට පැන කුඩා වෙළඳ සැලක ගැටීමෙන් එහි සිටි 70 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇතැයි කැබිතිගොල්ලෑව පොලිසිය කියයි. 31 January 2020
වී මිලදී ගැනීමේ කටයුත්තට හමුදාව මැදිහත්වෙයි හමුදාවේ මැදිහත්වීම මත අතරමැදියන් නොමැතිව සාධාරණ මිලක් යටතේ ගොවීන්ගේ වී අස්වැන්න වී අලෙවි මණ්ඩල මගින් මිලදී ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් අද (31) සිට රටපුරා ක්‍රියාත්මක කර ඇති බව හමුදාව කියයි. 31 January 2020
ප්‍රමිතියෙන් තොර මුඛ ආවරණ තොගයක් පිටකොටුවෙන් හමුවෙයි අලෙවි කිරීම සඳහා නීත්‍යානුකූල නොවන අයුරින් ඉන්දියාවෙන් ආනයනය කර තිබූ ප්‍රමිතියෙන් තොර මුඛ ආවරණ 36,400 ක් පිටකොටුවේ පිහිටි ගබඩාවක සහ වෙළඳ සැලක තිබී පාරිභෝගික සේවා අධිකාරිය විසින් ඊයේ (30) සහ අද (31) අත්අඩංගුවට ගනු ලැබීය. 31 January 2020
පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි තවත් තරුණියක් මියයයි පාස්කු ඉරිදා දිනයේදී කොච්චි කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා රාගම, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 26 හැවිරිදි තරුණියක් පෙරේදා (29) මියගොස් තිබේ. 31 January 2020
‘‘කොරොනා මඩින්න ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරන්න‘‘ මාරාන්තික කොරොනා වෛරසය මැඩලීම සඳහා ජාතික වැඩපිළිවෙළක්, ජාතික සැලැස්මක් අවශ්‍ය බවත් ඒ සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. 31 January 2020
දඹුලු ආර්ථික මධ්‍යස්ථානයේ ලොකු ලූනු ජාවාරමක් හෙළිවෙයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පෞද්ගලික ගබඩාවක මිනිස් පරිභෝජනයට නුසුදුසු විදේශයෙන් ගෙන්වූ ලොකු ලූණූ තොගයක් පැළවුණු ගොබ කපා ඉවත්කර හොඳ ලූනුවලට කලවම්කර වෙළඳපොළට යැවීමේ ජාවාරමක් අනාවරණය කර ගැනීමට දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස්.පි .එදිරිසිංහ මහතා ඇතුළු කණ්ඩායමට හැකිවිය. 31 January 2020
පෙබ : 3 වැනි දා කොළඹ පාසල් 15 ක් වහයි නිදහස් දින සැමරුම් පෙරහුරු හේතුවෙන් පාසල් 15 ක් පෙබරවාරි 3 වැනිදා වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. 31 January 2020
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026