ශ්‍රී ලංකන් හිටපු විධායක නිලධාරීගේ-බිරිඳගේ බැංකු ගිණුම් ගැන සීඅයිඩීයෙන් පරීක්ෂණ ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා 10 ක් මිලදීගැනීමේදී ඇමරිකානු ඩොලර් ලක්ෂ 20ක අල්ලසක් ලබාගන්නා ලදැයිද මුදල් විශූද්ධිකරණය කරන ලදැයිද කියන සිද්ධීන්වලට සම්බන්ධ බව කියන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ හා ඔහුගේ බිරිඳගේ ජාතික හැඳුනුම්පත්වලින් ආරම්භ කර ඇති බැංකු ගිණුම් පිළිබඳ විස්තර ලබාගෙන පරීක්ෂණ කරන බව රහස් පොලිසිය කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතාට දැනුම් දුන්නේය. 04 February 2020
72 වැනි ජාතික නිදහස් සැමරුම ශ්‍රී ලංකාවේ 72 වැනි නිදහස් සැමරුම් උත්සවය අභිමානවත් අයුරින් කොළඹ නිදහස් චතුරස්රයේදී දී අද (4) පෙරවරුවේ පැවැත්විණි. 04 February 2020
චීනයට ආධාර යැවීමට සාකච්ඡා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පූර්ණ සහයෝගය පළ කරමින් චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතාට මේ සතියේදී ලිපියක් යවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 04 February 2020
යුද හමුදා නිලධාරීන් 244 කට උසස්වීම් 72 වැනි ජාතික නිසදහස් දිනය වෙනුවෙන් යුද හමුදා නිලධාරීන් 244 දෙනකුට උසස්වීම් ලබා දී ඇතැයි යුද හමුදාව පවසයි. 04 February 2020
යාපනය සරසවි සිසුහු කළු කොඩි එල්ලති 72 වන ජාතික නිදහස් දිනය සැමරීමට දෙමළ ජනතාවට සැමරීමට නිදහසක් නොමැති බව පවසමින් යාපනය විශ්ව විද්‍යාල සිසුහු අද (04) සරසවිය ඉදිරිපිට කළු කොඩි එල්ලා තැබූහ. 04 February 2020
එරාවුර්හි නිදහස් වෙළඳ කලාපයක් ඇරඹීමට යයි මඩකලපුව එරාවුර් ප්‍රදේශයේ නව නිදහස් වෙළඳ කලාපයක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 04 February 2020
නිදහස් දිනයදා රැදවියෝ 512 කට නිදහස 72 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ සුළු වැරදි සදහා බන්ධනාගාර ගත වූ රැඳවියන් 512 දෙනෙකුට අද (04) දින නිදහස ලබා දීමට බන්ධනාගාර දෙපාර්මේන්තුව පියවර ගෙන තිබේ. 04 February 2020
නිදහස් දිනයදා ආගමික වතාවත්-නිදහස් සැමරුම් අභිමානවත් 72 වැනි ජාතික නිදහස් සමරු උළෙලට සමගාමිව පැවැත්වෙන සර්ව ආගමික වතාවත් අද 04 උදෑසන දිවයින පුරා පිහිටි ආගමික මධ්‍යස්ථාන වලදී පැවැත්විණි. 04 February 2020
එජාප ප්රමුඛ සන්ධානය ඡන්දෙට එන්නේ අලියා ලකුණින් ඉදිරි මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පුළුල් සන්ධානයෙන් ඉදිරිපත් වන්නේ අලියා ලකුණින් යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතා ඊයේ (3) පැවැසීය. 04 February 2020
නිදහස් දින සැමරුම උලෙළ නිමා වෙයි නිදහසේ පියා වන ඩී.එස් සේනානායක මහතාගේ පිළිරුව සෙවණේ, කොළඹ 07,නිදහස් චතුරස්රයේදී අභිමානවත් අයුරින් පැවැත්වුණු 72 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ කටයුතු අද පෙරවරු 11.00ට ජාතික ගීය වාදනය කිරීමෙන් අනතුරුව නිමාවිය. 04 February 2020
සන්ධානයෙන් ආවත් සම නායකයන් නැහැ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගතවී මහ මැතිවරණයට ඉදිරිපත් වුව ද පක්ෂ දෙකෙන්ම සම නායකයන් පත්නොකරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා බත්තරමුල්ලේදී ඊයේ (3) පැවැසීය. 04 February 2020
කුවෙට්හිදී හිරිහැරයන්ට ලක්වූ ගෘහ සේවිකාවෝ 58 ක් යළි ශ්‍රී ලංකාවට කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී , එරට හාම්පුතුන්ගෙන් විවිධ හිරිහැර , කරදර වලට ලක් වූ , ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 58 දෙනෙකු අද (04) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත ආපසු එවා තිබුණි . 04 February 2020
නිදහස සමරා රුක් රෝපණය කරති 72 වැනි නිදහස් දිනය සමරමින් දිවයින පුරා විවිධ ස්ථානයන්හි අද (04) රුක් රෝපණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරිණි. එම අවස්ථාවන්හි ඡායාරූප පහත දැක්වේ. 04 February 2020
‘අන්තවාදයට යළි හිස ඔසවන්න දෙන්නේ නැහැ‘ ත්රස්තවාදයට මග පාදන අන්තවාදයට යළි කිසිදු දිනක ශ්‍රී ලංකාවේ හිස ඔසවන්න ඉඩ නොදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) පැවසීය. 04 February 2020
නිදහස් දින උළෙල ඇරැඹේ ශ්‍රී ලංකාවේ 72 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙල කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ආරම්භ විය. 04 February 2020
72වැනි නිදහස් සැමරුම නිදහස් චතුරස්රයේදී ශ්‍රී ලංකාවේ 72 වැනි නිදහස් සැමරුම් උත්සවය අභිමානවත් අයුරින් කොළඹ නිදහස් චතුරස්රයේදී දී අද(4) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය. 04 February 2020
ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ඉවත් කෙරේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස පසුගිය 30 වැනිදා වැඩබාරගත් රෝහණ දේව පෙරේරා මහතා අද (03) එම තනතුරින් ඉවත් කර ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 03 February 2020
වෘත්තිකයන්ගෙන් ජනපතිට වාර්තාවක් ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් බිහි කිරීමට රාජ්‍ය නායකයා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් කරමින් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ සකස් කළ වාර්තාව අද (03) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පිළිගැන්විණි. 03 February 2020
කෝටි 200 ක හෙරොයින් ප්‍රවාහනය කළ කැබ් රථය සොයාගනී රුපියල් කෝටි 200 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගය සහ මිලිමීටර් නවය වර්ගයේ නවීන පිස්තෝල ප්‍රවාහනයට යොදාගත් බව කියන කැබ් රථය අද (03) කොළඹ ප්‍රදේශයේදී සොයාගත් බව පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසය කියයි. 03 February 2020
ගතවූ පැය 24 තුළ කොරෝනා මරණ 57 ක් ඉකුත් පැය 24 ඇතුළත මාරාන්තික කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 57ක් බවත් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 3,105කින් ඉහළ ගිය බවත් ප්‍රංශ පුවත් සේවය අද (3) වාර්තා කළේය. 03 February 2020
නව විනිසුරුවරු දෙදෙනෙක් දිවුරුම් දෙති යසන්ත කොදාගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වශයෙන් ද දිලිප් නවාස් මහතා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වශයෙන්ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ ජනාධිපති කාර්යාලයේදී අද (03) පස්වරුවේ දිව්රුම් දුන්හ. 03 February 2020
රුසියානු ගොඩබිම් හමුදා ප්‍රධානියා රණවිරු ස්මාරකයට උපහාර දක්වයි දින පහක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි රුසියානු ගොඩබිම් හමුදා ප්‍රධානී ජෙනරාල් ඔලෙග් සල්යුකොව් මහතා අද(03) බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගනය අසළ රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට එක්වූයේය. 03 February 2020
‘‘අපි වීරයන් නෙමෙයි - රට වෙනුවෙන් අපේ රාජකාරිය ඉටුකළා’’ ‘‘අපි වීරයන් නෙමෙයි රට වෙනුවෙන් අපි අපේ රාජකාරිය ඉටුකළා’’ යැයි මාරාන්තික කොරොනා වෛරසය හේතුවෙන් සිර වී සිටි ශ්‍රී ලාංකිකයන් 33 දෙනා මුදා ගැනීමට චීනයේ වුහාන් බලා ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමු චමින්ද ද සොයිසා මහතා පැවැසීය. 03 February 2020
එච්.එන්.ඩී.ඒ. සිසුහු විරෝධතා පාගමනක අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලා (එච්එන්ඩීඒ) සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව සංවිධානය කළ විරෝධතා පා ගමනක් අද (03) කොළඹ පැවැත්විණි. 03 February 2020
වූහාන් ගිය ගුවන් යානයේ කාර්ය මණ්ඩලය ජනපතිගේ ඇගයීමට කොරෝනා වයිරසය පැතිරයාම නිසා වසා දැමුණු චීනයේ වූහාන් නගරයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් යළි මෙරටට රැගෙන ඒම සඳහා ජීවිත අවදානම ද නොතකා ස්වේච්ඡාවෙන් ක්‍රියා කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය අද (03) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇගයීමට ලක්විය. 03 February 2020
‘‘සජිත්ගේ නව සන්ධානයේ මහලේකම් 6 වැනිදාට පෙර නම් කරනවා‘‘ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු නව සන්ධානයේ මහලේකම්වරයා ලබන බ්‍රහස්පතින්දා (06) වැනිදාට පෙර නම් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා කොළඹදී පැවැසීය. 03 February 2020
පුරාවිද්‍යා රක්ෂිතයක නිධන් හෑරූ තිදෙනෙකු අත්අඩංගුවට සියඹලාණ්ඩුව දොඹගහවෙල ගල්වැටිය ප්‍රදේශයේ පුරාවිද්‍යා රක්ෂිතයක නිධන් හාරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අද (03) අත්අඩංගුවට ගත් බව සියඹලාණ්ඩුව පොලීසිය පවසයි. 03 February 2020
ලෝක සෞඛ්‍ය සංවිධානය දෙන්න ගිය උප සභාපතිධූරය පවිත්‍රා එපා කියයි ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ලබාදීමට යෝජනා කළ උප සභාපතිධූරය තමා ප්‍රතික්ෂේප කළ බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. 03 February 2020
ශ්‍රී ලංකන් හිටපු විධායක නිලධාරී-බිරිඳ අත්අඩංගුවට ගන්නැයි නීතිපති කියයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ නයෝමි විජේනායක යන අය මුල්‍ය විශුද්ධිකරණ චෝදනාව යටතේ වරෙන්තුවක් ගෙන අත්අඩංගුවට ගන්නැයි නීතිපති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර තිබේ. 03 February 2020
නිදහස් දින සැමරුම් වියදම් අඩුවෙයි පෙර වසරවලට සාපේක්ෂව මෙවර නිදහස් දින සැමරුම් ජාතික උළෙලේ වියදම් අඩු කර ඇතැයි රාජ්‍ය කළමනාකරණ හා ගිණුම් කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ලංකාදීපයට අද(3) පැවසීය. 03 February 2020
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026