IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


72 වැනි ජාතික නිදහස් සැමරුම

 ( ඡායාරූප - ඉෂාන් සංජීව )

( ඡායාරූප - ළහිරු හර්ෂණ) 

 



අදහස් (11)

72 වැනි ජාතික නිදහස් සැමරුම

Anuradha Tuesday, 04 February 2020 09:59 AM

හරිම අභිමානවත්...

:       0       101

ලාල් Tuesday, 04 February 2020 12:56 PM

මෑත අතීතයෙ, ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල පොදු මහජනතාවට තම ප්‍රාන්ත මහරජාගේ ජීවන රටාව (තොටිල්ලේ සිට මිනීවළ දක්වා) වෙනුවෙන් ඔවුන්ගේ ජීවිත පූජා කරන්න සිදුවුණා. පොදු ජනයාට පුද්ගලික, පෞද්ගලික නිදහස සහ සිවිල් අයිතිවාසිකම් තිබුනේ නැහැ. බොහෝදුරට ඔවුන් මහරජාගේ වහලුන් වුණා. මහා බ්‍රිතාන්‍ය ඉන්දියාව ආක්‍රමණය කර එය එක්සේසත් කළා. අපි පිළිගන්න කැමති වුවත් නැතත්, ඉන් පසුවයි සාමාන්‍ය ජනයාට පෙරට වඩා හොඳ නිදහසක් භුක්ති විඳින්න හැකි වුනේ... ඉන්පසුවයි මහත්මා ගාන්ධි මහතා නිදහස් සටන දියත් කළේ. පසුව ඉන්දියාවට නිදහස ලැබුණා. ඊටපස්සේ අපිටත් නිකම්ම නිදහස ලැබුණා. නිදහස ලැබීමෙන් වසර 72කට පසු අපි ලබාගෙන තියෙන්නේ මොනවද? අපි දැන් කොහෙද ඉන්නේ? අපේම දේශපාලන නායකයන් බහුතරයක් රට වෙනුවෙන් කරලා තියෙන්නේ මොනවද? රට කොල්ලකෑමට අමතරව... ඉදිරි පරම්පරාවන් ගණනාවක් වෙනත් රටවලට ණයගැතියි. අපිට සතුටු වෙන්න පුළුවන්ද? කෙසේවෙතත් ආඩම්බරයි... ස්වාධීන රටක ජීවත් වීමට ලැබීම...

:       0       227

siri Tuesday, 04 February 2020 01:01 PM

4 වෙනිදා වව්නියාවේ පැවැත්වුණු නිදහස් දින උත්සවයේදී ජාතික ගීය සිංහලෙන් සහ දෙමලෙන් ගායනා කළ බව ඇතැම් වෙබ් අඩවිවල පලවී තියෙනවා.

:       0       101

Champa Tuesday, 04 February 2020 01:35 PM

ඒකීය රටේ ජාතික ගීය එහි නියම භාෂාවෙන් පමණක් ගයන්න කොන්ද පණ තිබුණු එක අගය කරනවා. අනික් එක විකෘති ගීයක්. ජාතික ගීයේ දෙමළ පරිවර්තනයක් තිබුණා කියන්නේ ඒක දෙමළෙන් ගයන්න පුළුවන් කියන එක නෙමෙයි. 2015 ජාතික ගීය දෙමළෙන් ගායනා කලේ සංහිඳියාවට නෙමෙයි, දුන්නු ඡන්ද පොරොන්දුවක් ඉෂ්ඨ කරන්න..

:       51       124

siriTuesday, 04 February 2020 06:42 PM

වව්නියාවේ පැවැත්වුන නිදහස් දින සැමරීමේ උත්සවයේදී ජාතික ගීය දෙමල භාෂාවෙන් ගායනා කල බව ඔබතුමා දැක්කේ නැද්ද ? වෙබ් පිටුවක ඒ වග විස්තර ඇතුව ලස්සනට පළකර තියෙනවා. කැමතිනම් බලන්න.

:       35       21

ChampaWednesday, 05 February 2020 02:42 PM

ඔබතුමා කියන එක මම දැක්කා. ජාතික ගීය එහි නියම භාෂාව වන සිංහලෙන් නැතුව වෙන භාෂාවලට පරිවර්තනය කරලා විකෘති ජාතික ගීයක් ගායනා කරන එක නවත්තන්න නම් ඒ පිළිබඳ නීති රීති පාර්ලිමේන්තුවට ගේන්න ඕනේ. එහෙම කරන්න තරම් කොන්දක් තියෙන දේශපාලකයන් ලංකාවේ නැහැ. සිංහල බෞද්ධයින්ට බොහෝ වෙනස් කරපු වහල් ආණ්ඩුව එලෙව්වටත් පස්සේ සිංහලයන්ට නැවත 2020 දී තමන්ගේ රට, ජාතිය වෙනුවෙන් මේ ආණ්ඩුවේ හොර ගල් ඇහිලිල්ලටත් එරෙහිව සටන් කරන්න වුණා. සිංහලයින්ට විචිකිච්ඡාවක්, නොසන්සුන්බවක් සහ බියක් ඇති වුනේ යූටර්න් ආණ්ඩුව නිදහස් උළලේදී ජාතික ගීය දෙමලෙන් ගායනා කරලා සිංහල ජාතිය පාවා දෙයි කියලා. එහෙම නොකළ එක ගැන සතුටුයි.

:       0       0

Kumar Tuesday, 04 February 2020 02:54 PM

72 වෙනි නිදහස් දින සැමරුම බොහොම චාමෙට කරනවා කිව්වා නේද? ඔබ සියලු දෙනාම මේ අවස්ථාව දැක බලාගෙන සතුටු වුණා කියලයි මම සිතන්නේ. මේ සැමටම බිල ගෙවන්නේ ඔබලාමයි. රජයෙන් කරන සැමදෙයකටම වියදමක් තිබෙන වග අමතක කරන්න එපා...

:       201       243

lalithm Wednesday, 05 February 2020 03:38 AM

කන්න අඳින්න බෙහෙත් ටිකට පිට රටට අත පාන හිඟන ජාතියක් ලෙස අවුරුදු 72ක් ගතකරපු අපිට මොන අභිමානයක්ද තියෙන්නේ. හම්බවෙන සල්ලි ටිකත් එන්නේ අපේ කාන්තාවන් මැදපෙරදිග බැලමෙහෙ කරලා උපයන ටික. සුද්දෝ මෙරටින් ධනය සුරගත්ත කිව්වට නිදහසට කලින් සංවර්ධන යෝජනා ක්‍රම වලට වියදම් කලේ අපේම සල්ලි. නිදහසෙන් පසු මුල් කාලයේ ආණ්ඩු ණය ගත්තේ සංවර්ධන යෝජනා ක්‍රමවලට. ඒවා ගසා කාල නැහැ කියල අදටත් පෙනෙනවා ගල්ඔය මිනිපේ අල්ලෙයි වගේ ප්‍රදේශවල තිබෙන තත්වයෙන්. එහෙත් ඉන් පස්සේ වුන දේවල් සහ දැනටත් සිදුවෙන දේවල් වලින් පෙනෙන්නේ ලංකාව අසමත් පාලකයින්ගේ සහ හොරුන්ගේ දේශයක් ලෙසට. ඉතින් කොහොමද මහජනයා නිදහස සමරන්නේ. පාලකයින් මිස..

:       0       31

Aris Wednesday, 05 February 2020 11:15 AM

ජනපති, ඇමති කෙනෙකුට වැදීමෙන් සිය තනතුර හෑල්ලුවට ලක්වෙනවා වගෙයි මට නම් හැඟෙන්නේ... සැමවිටම තනතුර හොබවන්නා තනතුරේ ගරුත්වය ආරක්ෂා වන අයුරින් කටයුතු කිරීම වැදගත්...

:       2       0

menna Wednesday, 05 February 2020 01:16 PM

මැයි 22 වෙනිදා මෙවැනි උත්සවයක් තිබුණා නම් හොඳයි. මොකද ලංකාවේ ජනරජ දිනය එදින බැවින්... පෙබරවාරි 04 වෙනිදා විදේශික අමුත්තන්ටත් ආරාධනා කරලා අපි යටත් විජිතයක්ව හිටියා කියා ලෝකයට පෙන්නන එක පසුගාමී වැඩක් කියා මට නම් හිතෙන්නේ. ලංකාව ජනරජයක් වී ඉදිරියටම යන රටක් කියා පෙන්වීමට මැයි 22 වෙනිදා මෙවැනි හොඳ උත්සවයක් තිබුණා නම් හොඳයි කියා සිතනවා.

:       0       0

ChampaWednesday, 05 February 2020 02:49 PM

ඔබේ කතාව හරි. මමත් ඇතුළු බහුතර සිංහලයන් පෙබරවාරි 4 සමරන විදිහට කැමති නැහැ. ඒ කියන්නේ පෙබරවාරි 4 සැමරුමෙන් අපි ගෞරවය දෙන්නේ බ්‍රිතාන්‍යයට අපිට නිදහස දුන්නා කියලා. නමුත් ඉංග්‍රීසි ආණ්ඩුව මොනතරම් මේ රටේ යුද අපරාධ කළාද? වෙල්ලස්සේ වගේ සමූහ මිනිස් ඝාතන මොනතරම් කළාද? ඒ විතරක්ද අත්සන් කරපු උඩරට ගිවිසුමත් සම්පූර්ණයෙන් කඩ කළා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site