( ජයන්ත සමරකෝන් )
නේවාසික වීසා යටතේ වසරක කාලයකට ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ව්‍යාපෘතිවල සේවයේ නියුතු චීන ජාතිකයින්ට මාසයක පමණ කාලයක් පොදු ස්ථානවල ගැවසීමට හෝ ජනාකීර්ණ ස්ථානවලට යාමට ඉඩ නොදෙන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව එම ව්‍යාපෘති අධ්‍යක්ෂවරුන්ට උපදෙස් දී තිබේ.
නේවාසික වීසා ලබාගත් චීන ජාතිකයින් 10,000 කට අධික පිරිසක් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රවලට අයත් ව්‍යාපෘති 1800 ක පමණ සේවය කරන බවත් ඔවුන්ගෙන් 3,500 ක් පමණ දැනට සිය අවුරුදු සැමරීම සඳහා චීනයට පිටත්ව ගොස් ඇතැයිද ආගමන විගමන පාලක ජනරාල් පසන් රත්නායක මහතා අද (02) පැවසීය.
චීනයේ සිට ලෝකය පුරා පැතිර යන ‘කොරෝනා වෛරසය‘ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා වැසියන්ගේ ආරක්ෂාව උදෙසා මෙම පියවර ගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය. සංචාරක වීසා මත මෙරටට පැමිණ සිටි චීන ජාතිකයින් බොහෝමයක් දැනට ආපසු චීනයට ගොස් අතැයිද ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන්නුන් සෑහෙන්න සිගරට් බොනවා. අනික මේ රටවැසියන් සෑහෙන ප්‍රමාණයක් මෙරට තියන චීන සමාගම්වල සේවය කරනවා. ඉතින් මේ අවශ්‍යතාවයන් මත එකිනෙකා අතර ගැවසීම සාමාන්‍ය දෙයක් නොවේද? අනවශ්‍ය බියක් ඇතිකරගන්නවා නොවේද? ඊට නරකද නිවාඩුවට ගොස් මෙරටට පැමිණෙන අයවලුන් පමණක් විශේෂ ආරක්ෂක ක්‍රමවේදයකට නිරීක්ෂණය කළොත්...
බුදු අම්මෝ, මෙච්චර චීන්නු අපේ රටේ වැඩ කරනවද? ඒ අයට කවුද පඩි ගෙවන්නේ? අපේ අය කරකියාගන්න දෙයක් නැතුව ඉන්නේ...