(කටුනායක ටී.කේ.ජී.කපිල )
චීනයේ වූහාන් නුවර, ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි සිසුන් පිරිස රැගෙන මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්රී ලන්කන් විශේෂ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත අද (01) පස්වරුවේ පැමිණියේය.
මෙම ශ්රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්.- 1423 දරන ඒ.- 330 - 243 වර්ගයේ එයා බස් ගුවන් යානයකි.
මත්තල ගුවන් තොටුපළ වෙත ළඟාවීමෙන් පසු, ගුවන් යානය තුළට විශබීජ නාශක දියර යොදාගනිමින් පිරිසිදු කර, ගුවන් යානය තුළ විෂබීජ හරණය කිරීමෙන් අනතුරුව, මෙම ගුවන් යානය පැය 03ක් ගුවන් තොටුපළ තුළ වසා දමා තිබුණි.
පසුව මෙම ගුවන් යානය අද (01) දහවල් 12.48ට මත්තල ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ බලා පිටත් වූ අතර, එය පස්වරු 1.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟාවිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ගුවන් යානයේ වායු සමීකරණ නාල සහ ෆිල්ටර තුළ විෂබීජ නැතිබවට සහතිකයක් ඊළඟ ගුවන් ගමන් සඳහා එන මගීන්ට දෙන්න පුළුවන්ද?
මෝඩ දෙනා දහසක් ප්රශ්න අසනු ඇත. පවතින වාතාවරණය තුළ තම ජනතාව වෙනුවෙන් කරන ලද මේ සේවය ඉතා ඉහළ බුද්ධිමත් ක්රියාවකි. ඝර්ම කලාපීය රටක් වන අප රටතුළ මෙම වෛරසය ඒ තරම් පැතිර යා නොහැක...
මට සිංහල ටිකක් පුළුවන්... ගුවන් යානය තුළ විෂබීජ හරණය කිරීමෙන් අනතුරුව කියලා කිව්වට පස්සේ තෙරුණේ නැද්ද? ඉතාලි භාෂාවෙන් කියන විදිහ දන්නේ නැහැ.
කොම්පැනි කියන දේවල් පිළිනොගෙන රජයේ රස පරීක්ෂක වාර්තාවකින් තහවුරු කිරීමක් කළොත් නේද හොඳ...?
ෆිල්ටර සියල්ල කටුනායකදී ඉවත් කළා.. එහි විෂබීජ නැහැ.