(හැටන් රංජිත් රාජපක්ෂ)
වේයන්ගොඩ සිට නුවරඑළිය හරහා කැප්පෙටිපොල දක්වා ධාවනය වූ ලොරි රථයක් හරස්කර එම ලොරිරථය තුළ තිබුණේ යැයි කියන රුපියල් ලක්ෂ 4 ½ක මුදලක් පැහැරගත් බවට එම ලොරි රථයේ රියදුරා විසින් වටවල පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව වටවල පොලිසිය පැවසීය.
කැප්පෙටිපොල සහ නුවරඑළිය ප්‍රදේශවල එළවළු ගොවීන්ගෙන් එළවළු තොග එක්රැස්කර වේයන්ගොඩ ප්‍රදේශයට ගොස් අලෙවි කර ඒ සඳහා මුදල්ද රැගෙන යළිත් කැප්පෙටිපොල දක්වා ලොරි රථය ධාවනය කරවන අවස්ථාවේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේදී වටවල රොසැල්ල මංසන්ධියේදී මෝටර් රථයකින් පැමිණි පස්දෙනෙකු විසින් (31) රාත්‍රි 12.30ට පමණ ලොරිරථය හරස් කර වෑන්රථය නවත්වා උල්ආයුධයක් පෙන්වා රියදුරාගෙන් මුදල් ඉල්ලා ඇති බව පොලිසිය පැවසීය.
රියදුරා මුදල් නොමැති බව පැවසීමත් සමග මංකොල්ලකරුවන් විසින් රියදුරාව බියගන්වා ලොරිරථයේ සඟවා තිබූමුදල් රැගෙන එම මෝටර් රථය හැටන් දෙසට පලාගිය බව එම ලොරි රථයේ රියදුරා වන සුනිල් මහතා අප සමග කියා සිටියේය.
එළවළු ලොරියේ මුදල් පැහැර ගැනිම් සම්බන්ධයෙන් වටවල පොලිසිය සහ හැටන් පොලිසිය ඒකාබද්ධව මේ වනවිට විමර්ෂණයක් ආරම්භ කර ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක එළවළු ලොරියක් විකුණලා ලක්ෂ හතරහමාරක් හම්බකරන එළවළු මුදලාලිලාට එළවළු මිල අඩුකිරීමේ අදහසක් හැකි ඉක්මණින් පහළ වේවා...!!!
ඇතුලේම වැඩක ලක්ෂණ පේන්න තිබේ. හොඳ ඇඟ සාත්තුවකට පස්සේ ඇත්ත නිකම්ම එළියට එයි.
දැන් කාලේ ඔහොම මුදල් රැගෙන යන අය බොහොම අඩුයි. මීටපසු භාණ්ඩ අලෙවිකළ ප්රදේශයේ බැංකුවකින් තම ගිණුමට මුදල් බැරකරන්න.