IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


යූ.එල්. 1423 කාර්ය මණ්ඩලයට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රණාමය

චීනයේ වූහාන් නගරයේ සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒම සඳහා ස්වේඡාවෙන් ඉදිරිපත් වෙමින් ඔවුන් කැඳවාගෙන ඒමට ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලයට ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිය කෘතඥතාව පළකර සිටී.

යූ.එල්. 1423 අංකය යටතේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් චීනයේ වූහාන් බලා ඊයේ (31 වැනිදා) පිටත්ව ගිය මෙම කාර්ය මණ්ඩලය වූහාන් නගරයේ සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනකු රැගෙන අද (1 වැනිදා) උදෑසන මත්තල ගුවන් තොටුපොල වෙත ගොඩබැස්සාහ. පසුව මෙම සිසුන් 33 දෙනා දියතලාව යුද හමුදා කඳවුරේ සථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත බස්රියකින් ගෙනයනු ලැබිණ.

“අර්බුදකාරී අවස්ථාවලදී අපි නිරන්තරයෙන් අපේ ජාතික ගුවන් සේවය කෙරේ විශ්වාසය තිබ්බා. සුනාමි හෝ ත්‍රස්තවාදී ප්‍රහාරයක් වූවත් අභියෝගය කුමක් වුවත් ඊට මුහුණ දෙන්න අපි පසුබට වන්නේ නෑ“ යයි ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා පැවසීය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත චීනයේ වූහාන් නුවර බලා මෙම විශේෂ ගුවන් යානය පිටත්කර හරින ලදි.

කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ වූහාන් නගරය මේ වන විට ලෝකයෙන් හුදෙකළා කරනු ලැබ  තිබේ. එහෙත් වූහාන් නුවර සිටි සිසුන් 33 දෙනා කැඳවාගෙන ඒමට ශ්‍රී  ලන්කන් ගුවන් සේවයේ 16 දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් ස්වේඡාවෙන්ම ඉදිරිපත් විය.

“අපේ ගුවන් නියමුවන් මෙන්ම ගුවන් යානයේ කාර්ය මණ්ඩලය තමන්ගේ නියමිත සේවා වගකීම් සීමාවෙන් එපිටට යමින් මේ අවස්ථාවේදී ගුවන් සේවයේත් ශ්‍රී ලංකාවේත් කීර්තිනාමය රැකගැනීමට ඉදිරිපත් වීම අගය කරනවා. ඒ එක්කම අපි ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලයටත් ස්තුති කරනවා“ යයිද අශෝක් පතිරගේ මහතා වැඩිදුරටත් පැවසීය.

වූහාන් සිට මෙම සිසුන් 33 දෙනා අපසු කැඳවාගෙන ඒමේදී බොහෝ අංශ වල සහයෝගය ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ලැබිණ. ජනාධිපති කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යංශය,  චීන රජය, බීජිංහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා යුද හමුදාව, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්යවරයා, චීනයේ වැඩ බලන තානාපතිවරයා,  ශ්‍රී ලංකා රේගුව මෙන්ම ආගමන විගමන දෙපාර්තමේන්තුව මෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයද මෙහිදී විශේෂ මෙහෙයක් කළහ. 



අදහස් (12)

යූ.එල්. 1423 කාර්ය මණ්ඩලයට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රණාමය

WGS RUKMAN Saturday, 01 February 2020 10:18 AM

සියලු දෙනා ගැනම ආඩම්බරයි.. ස්තුතියි...!!! 

:       0       116

Raveendra Saturday, 01 February 2020 10:31 AM

ඔබලාගේ සේවය අප අගයන්නෙමු....

:       0       107

hema Saturday, 01 February 2020 10:31 AM

නියමයි ශ්‍රී ලංකා දේශප්‍රේමීන්....!!! අපට අපේ මව්බිමට නුඹලා අවශ්‍යයි.

:       0       269

විජිත් Saturday, 01 February 2020 12:09 PM

ආඩම්බරයි... ඔබ සැමටම සුබ පැතුම්...!!!

:       0       22

රවින් Saturday, 01 February 2020 01:59 PM

බෙල්ල ගහලා ගියත් කමක් නැහැ කියලා උරදුන්නු සියලු දෙනාටම රටේ ප්‍රණාමය. දැන් හැබැයි අට පාස් නැති දේශපාලුවන් ටිකනම් බොරු වීර ටෝක් දායි. පුරසාරම් වමාරයි. ගණන් ගන්න එපා තඹ දොයිතුවකට ඒ අයව. තම යුතුකම් හරිහැටි ඉටුකළා කියලා නිහතමානීව සතුටු වෙන්න...

:       1       37

perera Saturday, 01 February 2020 02:01 PM

ඔබ වැනි අය රටකට අවශ්‍යයි. සැමදෙනාට තුණුරුවන් සරණයි... නිදුක් නීරෝගි වේවා..

:       0       19

Champa Saturday, 01 February 2020 03:01 PM

ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මේ සියලුදෙනාට රටේම ගෞරවය හිමිවිය යුතුයි...

:       20       95

kule Sunday, 02 February 2020 12:42 AM

අති විශිෂ්ටයි ලක් දරුවනේ !

:       0       42

vernon Sunday, 02 February 2020 02:16 AM

සියලු දෙනා ගැනම ආඩම්බරයි.. ස්තුතියි...!!!

:       1       32

janahitha Sunday, 02 February 2020 03:13 AM

අපට අපේ මව්බිමට නුඹලා අවශ්‍යයි. ශ්‍රීලන්කන් රැකගනිමු.

:       2       27

Harith Gunasekara Sunday, 02 February 2020 10:09 AM

අපේ මව්බිමට මේ වගේ අය තවතවත් ඉපදේවා...!!! ශ්‍රීලන්කන් ෆ්රන්ක්ෆුර්ට් වලට ඒවා යුරෝපා ජාතිකයන්... එමගින් ලංකාවට ගෙන්වා ගන්න ඉක්මණටම ක්‍රියාකරයි යැයි මගේ පැතුමයි...!!

:       0       40

sharm warn Monday, 03 February 2020 08:55 AM

මේ තමයි අපේ කාලයේ වීරයෝ. අර වෛද්‍යවරුන්ගේ කිව්වා මේ අර්බුදයේදි එයාලට විශේෂ දීමනාවක් ඕන කියලා. අපිට තවම ජාතික මට්ටමින් ආසාදනයක් වෙලා නැතුවම මේ කට්ටියත් එහෙම විශේෂ දීමනා ඉල්ලුව නම් අද කොහොම වෙයිද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site