චීනයේ වූහාන් නගරයේ සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒම සඳහා ස්වේඡාවෙන් ඉදිරිපත් වෙමින් ඔවුන් කැඳවාගෙන ඒමට ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලයට ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිය කෘතඥතාව පළකර සිටී.
යූ.එල්. 1423 අංකය යටතේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් චීනයේ වූහාන් බලා ඊයේ (31 වැනිදා) පිටත්ව ගිය මෙම කාර්ය මණ්ඩලය වූහාන් නගරයේ සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනකු රැගෙන අද (1 වැනිදා) උදෑසන මත්තල ගුවන් තොටුපොල වෙත ගොඩබැස්සාහ. පසුව මෙම සිසුන් 33 දෙනා දියතලාව යුද හමුදා කඳවුරේ සථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත බස්රියකින් ගෙනයනු ලැබිණ.
“අර්බුදකාරී අවස්ථාවලදී අපි නිරන්තරයෙන් අපේ ජාතික ගුවන් සේවය කෙරේ විශ්වාසය තිබ්බා. සුනාමි හෝ ත්‍රස්තවාදී ප්‍රහාරයක් වූවත් අභියෝගය කුමක් වුවත් ඊට මුහුණ දෙන්න අපි පසුබට වන්නේ නෑ“ යයි ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා පැවසීය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත චීනයේ වූහාන් නුවර බලා මෙම විශේෂ ගුවන් යානය පිටත්කර හරින ලදි.
කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ වූහාන් නගරය මේ වන විට ලෝකයෙන් හුදෙකළා කරනු ලැබ තිබේ. එහෙත් වූහාන් නුවර සිටි සිසුන් 33 දෙනා කැඳවාගෙන ඒමට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ 16 දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් ස්වේඡාවෙන්ම ඉදිරිපත් විය.
“අපේ ගුවන් නියමුවන් මෙන්ම ගුවන් යානයේ කාර්ය මණ්ඩලය තමන්ගේ නියමිත සේවා වගකීම් සීමාවෙන් එපිටට යමින් මේ අවස්ථාවේදී ගුවන් සේවයේත් ශ්‍රී ලංකාවේත් කීර්තිනාමය රැකගැනීමට ඉදිරිපත් වීම අගය කරනවා. ඒ එක්කම අපි ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලයටත් ස්තුති කරනවා“ යයිද අශෝක් පතිරගේ මහතා වැඩිදුරටත් පැවසීය.
වූහාන් සිට මෙම සිසුන් 33 දෙනා අපසු කැඳවාගෙන ඒමේදී බොහෝ අංශ වල සහයෝගය ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ලැබිණ. ජනාධිපති කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යංශය, චීන රජය, බීජිංහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා යුද හමුදාව, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්යවරයා, චීනයේ වැඩ බලන තානාපතිවරයා, ශ්‍රී ලංකා රේගුව මෙන්ම ආගමන විගමන දෙපාර්තමේන්තුව මෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයද මෙහිදී විශේෂ මෙහෙයක් කළහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු දෙනා ගැනම ආඩම්බරයි.. ස්තුතියි...!!!
ඔබලාගේ සේවය අප අගයන්නෙමු....
නියමයි ශ්‍රී ලංකා දේශප්‍රේමීන්....!!! අපට අපේ මව්බිමට නුඹලා අවශ්‍යයි.
ආඩම්බරයි... ඔබ සැමටම සුබ පැතුම්...!!!
බෙල්ල ගහලා ගියත් කමක් නැහැ කියලා උරදුන්නු සියලු දෙනාටම රටේ ප්‍රණාමය. දැන් හැබැයි අට පාස් නැති දේශපාලුවන් ටිකනම් බොරු වීර ටෝක් දායි. පුරසාරම් වමාරයි. ගණන් ගන්න එපා තඹ දොයිතුවකට ඒ අයව. තම යුතුකම් හරිහැටි ඉටුකළා කියලා නිහතමානීව සතුටු වෙන්න...
ඔබ වැනි අය රටකට අවශ්‍යයි. සැමදෙනාට තුණුරුවන් සරණයි... නිදුක් නීරෝගි වේවා..
ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මේ සියලුදෙනාට රටේම ගෞරවය හිමිවිය යුතුයි...
අති විශිෂ්ටයි ලක් දරුවනේ !
සියලු දෙනා ගැනම ආඩම්බරයි.. ස්තුතියි...!!!
අපට අපේ මව්බිමට නුඹලා අවශ්‍යයි. ශ්‍රීලන්කන් රැකගනිමු.
අපේ මව්බිමට මේ වගේ අය තවතවත් ඉපදේවා...!!! ශ්‍රීලන්කන් ෆ්රන්ක්ෆුර්ට් වලට ඒවා යුරෝපා ජාතිකයන්... එමගින් ලංකාවට ගෙන්වා ගන්න ඉක්මණටම ක්‍රියාකරයි යැයි මගේ පැතුමයි...!!
මේ තමයි අපේ කාලයේ වීරයෝ. අර වෛද්‍යවරුන්ගේ කිව්වා මේ අර්බුදයේදි එයාලට විශේෂ දීමනාවක් ඕන කියලා. අපිට තවම ජාතික මට්ටමින් ආසාදනයක් වෙලා නැතුවම මේ කට්ටියත් එහෙම විශේෂ දීමනා ඉල්ලුව නම් අද කොහොම වෙයිද ?