(මහින්ද නිශ්ශංක)
අලෙවි කිරීම සඳහා නීත්‍යානුකූල නොවන අයුරින් ඉන්දියාවෙන් ආනයනය කර තිබූ ප්‍රමිතියෙන් තොර මුඛ ආවරණ 36,400 ක් පිටකොටුවේ පිහිටි ගබඩාවක සහ වෙළඳ සැලක තිබී පාරිභෝගික සේවා අධිකාරිය විසින් ඊයේ (30) සහ අද (31) අත්අඩංගුවට ගනු ලැබීය.
මේ සම්බන්ධව ව්‍යාපාරිකයන් දෙදෙනෙකුට විරුද්ධව පාරිභෝගික සේවා අධිකාරිය නඩු පැවරීමට කටයුතු යොදා ඇතැයි එහි අධ්යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන්ගේ විපතකදී තම මඩිය තරකර ගන්න සැමවිටම මාන බලන මෙවැනි පාපතරයන්ව දුටුතැන දඬුවම් දිය යුතුය... එවන් ක්‍රියාවන් සමාජයට සෙතක් මිස පවක් නොවේ.
මේ අයට නඩු දාලා වැඩක් නැහැ. ඔය ආවරණ ඒ අයටම පළන්දලා අර කොරෝනා වෛරස් රෝගියා එක්කල කාමරේක තියන්න ඕනෑ... එක දවසක් උන්ගේ ලේ වතුර වෙන්නම...
අපේ රටේ මිනිස්සු මොනතරම් පිරිහිලාද? මිනිස්සු කියලා කිව්වාට තිරිසනුන්ටත් වඩා අන්තයි.. තමන්ගේ අතට කීයක්හරි වැඩිපුර ලැබෙනවා නම් ඕනෑම පහත් වැඩක් කරනවා. ඇත්තටම කොරෝනා හැදෙන්න ඕනෑ මේ වගේ තිරිසන් මිනිස්සුන්ට මිසක් අර අහිංසකයින්ට නෙවෙයි. මේ අයට නඩුදාලා පොඩි දඩ මුදලක් නම් ගහලා වැඩක් නැහැ.
මුඛ ආවරණ වලට අවශ්‍ය ප්‍රමිතිය මොකක්ද කියලා අපිට කියාදෙන්න.
මහත්වරුනි, ඔය ආවරණයේ ප්‍රමිතියට සහ ප්‍රමිතියක් නැති බව හඳුනාගන්නේ කෙසේද? දන්නේ නැති නිසයි අහන්නේ?