(බිඟුන් මේනක ගමගේ)
ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය මඟින් ගුරු පුහුණුව ලබා දුන් 1300කට රැකියා ලබාදීමේ හැකියාවක් නැතැයි ජනාධිපති ලේකම් කාර්යාලය ඔවුන්ට දැනුම් දී තිබේ. එහෙත් අතරමග නතර කර ඇති පුහුණුව සම්පූර්ණ කිරීමට පහසුකම් සලසා දිය හැකි බව ජනාධිපති ලේකම්වරයා ඔවුන්ට දැනුම් දී ඇත.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ගේ මූලිකත්වයෙන් පසුගිය වසරේ සැප්තැම්බර් 10 වැනිදා ගුරු පුහුණුව සඳහා පත්වීම් ලිපි ලබා දී ඇතැයි ද තමන් සේවයෙහි ස්ථිර කරන බවට පැවති රජය පොරොන්දු දී ඇතැයි ද එහි දී භාෂා පුහුණු ගුරුවරු ජනාධිපති ලේකම්වරයා දැනුවත් කර ඇත. එහෙත් නීතියට අනුව අගමැතිවරයා ලබා දුන් පත්වීම් ලිපියක් මත පිහිටා සේවය ස්ථිර කිරීමකට අවස්ථාව නැති බව ජනාධිපති ලේකම්වරයා ඔවුන්ට පෙන්වා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ලඟදි දවසක පුවතක් දැක්කා වගේ මතකයි නැගෙනහිර පළාතට පමණක් ගුරුවරුන් 6000 කගේ පුරප්පාඩු තියනවා කියලා. දැන් මේ ගහන්නේ දේශපාලන ටෙනිස්ද? නැතිනම් අනාගත පරපුරට ටෙනිස්ද? නූගතුන් බිහිකරන තරමට තමයි දේශපාලුවන්ගේ පැවැත්ම තියෙන්නේ නේද? උපාධිය පමණක්ම මදි. ළමයාට තේරෙන පරිදි ඉගැන්වීමත් අත්‍යවශ්‍යයි. පුහුණුව ලැබුවේ උගන්වන්න නම් දේශපාලු ගේම් නොගහ ඒ පුහුණුවෙන් ප්‍රයෝජන ගන්න. නැතිව තවත් නූගතුන් ටිකක් රටට බිහිකරලා අනාගත ලංකාවේ ප්‍රගතියට අකුල් හෙලන්න එහෙම එපා. ඕවා පරම්පරා ගණනාවකට සහගහන අපරාධ..
ඉගෙනගෙන දැන් මේ රටට වැඩක් නෑ දරුවනේ.. රිංගන්න බලපල්ලා පාර්ලිමේන්තුවට... බාර්, වැලි පර්මිට් ටිකක් අරන් ඉන්න පුළුවන්. එක්කෝ දුමින්ද වගේ වෙයන් නැතිනම් රන්ජා වගේ...
අද අපේ රටේ තැනක් තියෙන්නේ හොරට ලියලා විභාග පාස් වෙච්චි අයට, 8වත් පාස් නැති දූෂිත දේශපාලුවන්ට.. කිසිම උගත් කමක්, සුදුසුකමක් නැති දේශපාලුවන්ගේ නෑදෑයින්ට, ඔවුන්ගේ හෙන්චයියන්ට තමයි.
ඔය දැන් යන විදියට රස්සාවක් ලැබෙන්නේ නැහැනේ... දේශපාලන හේතු තමයි. කලින් ආණ්ඩුවේ ඒවට මේ ආණ්ඩුවෙන් දෙන්නේ නැහැ. දුක් විඳින්නේ අපේම දරුවො නේද? අවුරුදු ගණනක් දුක් මහන්සිවෙලා ඉගෙන ගත්තත් "දේශපාලන ගිරයට අහුවුණාම" ඔහොම තමයි දරුවෝ...
පුලුවන් නම් අම්මවයි, තාත්තවයි, යාලුවො ටිකයි සර්ප්‍රයිස් කරන්න පුලුවන් විදියට "ආචාර්ය උපාධියක්" කරලා ඒ ගොල්ලන්ටත් පත්තරෙන්ම දැනගන්න ඉඩදෙන්න...
පුහුණුව දෙන්න කලින් ඔය වගක් දැනගෙන හිටියේ නැද්ද? එක ඇමතියෙක් නම් කියලා තිබුණා ගුරු පත්වීම් දහදාහක් දෙනවයි කියලා. දේශපාලුවන් කවදත් කෙරුවේ ජනතාව ගොනාට අන්දවපු එක තමයි..
ගිය ආණ්ඩුවට තිබුණු එකම විකල්පය ගුරුරක්ෂා දීමයි. ඒගොල්ලෝ කලේ ගුරුවරුයි, ශිෂ්‍යයෝයි බෝ කිරීමයි. රටේ කර්මාන්ත හා නිෂ්පාදන විජාතිකයින්ට ගියා. එමනිසා මේ ගුරුපුහුණුව ලැබූ අයට සුදුසු වෙනත් රැකියා දීම රටට යහපතක්. නැතිනම් මේගොල්ලෝ කරන්නේ පාසලේ ඉගැන්වීම කොහොම වුණත් ටියුෂන් පන්ති පටන් ගැනීමයි.
තමන්ගේ පන්දම්කාරයින්ට දෙන්න ඉතිරිකරගන්න එපායැ. පුහුණුකළ අය වැඩිපුරම එන්න ඇත්තේ පොළොන්නරුවෙන් වෙන්න ඇති...
ඒ එජාප කාලේනේ. උපාධි වුනත් කොළ පාට අයට විතරයි දුන්නේ. දැන් අපේ ගෝඨා මහත්තයා එහෙම කරන්නේ නෑ. පේනවා නේද දැන් බඳවාගන්න යන විදිය. එජාපයට රැකියා දුන්නානම් ලකෂයම කොළපාට අයට තමයි.
උපාධියකුයි, පොල් වත්තකුයි හිමි මම පොල් කඩන මිනිහා ඉදිරියේ නොවදිනා වැදුම් වැඳලා මගේ වැඩේ කරගන්න මට, මේ වගේ රස්සා ඉල්ලා පාලකයන් ඉදිරියේ දනින් වැටෙන එවුන් පිළිබඳ කවර කතාද? ඔලු ගෙඩිය උඩ අං පැළ කර ගත්තට පලක් නැහැ අත පය හතරේ හයිය නැත්නම්.
උස නම් සිකුරිටි කොට නම් කම්කරු වල විපාක තමයි මේවා. ඡන්දෙ ඔන්න මෙන්න කියලා දුන්න දේශපාලන රැකියා.
පුහුණුව අවසන් කරන්න හොඳම තැන බන්ධනාගාර රැඳවියන්ට ඉගැන්වීම කියායි මට හිතෙන්නේ. උගන්වන කාලය තුළදී ඔවුන්ගේ වියදම් වලට ගෙවීමක් රජය විසින් සිදු කළොත් හොඳයි කියල හිතනවා.
මටත් ඩිග්රියක් තියෙනවා. හැබැයි පොල්වතු නම් නෑ. ඒක හින්දා තමයි ඩිග්රි කරන්න ගියේ.. පොල්වතු තිබුණා නම් ඩිග්රි තිබුණත්, නැතත් මම පොල්ගස් බඩගාලා ජීවත් වෙනවා.
ජාතික භාෂා පුහුණු අායතනය ගුරු පුහුණු අායතනයක් නාෙවෙයි. එ් පුහුණුවෙන් ලැබෙන සහතිකයට ගුරුවරුන් ලෙස පත්වීමක් ගන්න බැහැ. මේ තනිකර වංචනික ක්‍රියාවක්. රැවටීමට ලක්කිරීමක්...
ඔය ජනාධිපති ලේකම් කියන්නේ වීරවංස ඇමතිවරයා විසින් ආර්ථික ඝාතකයා කියා හංවඩු ගැසූ නැවත රජයේ රැකියාවකට එන්නේ නැහැ කියා දිව්රුම් ප්‍රකාශයකුත් ඉදිරිපත්කල පුද්ගලයා නොවේද? මම නම් අහලා තියෙන්නේ ඔය නිලධාරියා ලංකරගත්ත හැමෝම ඉවරයි කියා.