(ඩයනා උදයංගනී)
පාස්කු ඉරිදා දිනයේදී කොච්චි කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා රාගම, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 26 හැවිරිදි තරුණියක් පෙරේදා (29) මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ පදිංචි නීරීන් ෆ්ලොරීඩ් නැමති 26 හැවිරිදි අවිවාහක තරුණියක් බව පාස්කු ඉරිදා බෝම්බ ප්රහාරයන්ගෙන් පීඩාවට පත්වූ පවුල්වල සුභසාධන කටයුතු සිදුකරන, කොළඹ අගරදගුරු පදවිය මගින් පාලනය වන ‘සෙත් සරණ’ ආයතනයේ ප්‍රකාශකයෙක් පැවසීය.
ප්‍රහාරයට ලක් වී මාස නවයකට පසු ඇය මෙසේ මියගොස් තිබේ.
ඇය කොටහේන ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක සේවය කරමින් සිට ඇතැයි ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
බෝම්බ ප්‍රහාරයෙන් ඇගේ දෑස්වලට ද දැඩි හානි සිදුව ඇති අතර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇයව පසුව උතුරු කොළඹ ශික්ෂණ රෝහල වෙත මාරු කර එවා තිබේ.
එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙසේ මියගොස් ඇත.
ඇගේ මරණයත් සමඟ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 260 දක්වා ඉහළ ගොස් ඇති අතර කොච්චිකඬේ දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 55 ක් බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
මෙම බෝම්බ ප්‍රහාරවලින් බරපතල තුවාල ලැබූ තවත් කිහිපදෙනෙකු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටින බව ද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලකන්නි දේශපාලුවන් 225 ට සහ හිටපු කොඳුපණ නැති නිලධාරින්ගේ පව් ගිණුමට තව අහිංසක පුරවැසියකුගේ නැතිවුණු වටිනා ජීවිත කතාව එකතුවෙනු ඇත. අප රටේ මුල් පුරවැසියාට මෙම අදහස් පුද්ගලිකවම කියවීමට හැකි වේවා..!!! එලෙසම දියවන්නා අනාත මඩුවේ ඉන්න කාලකන්නි මී හරකුන් 225ටත් මෙම අදහස් පුද්ගලිකවම කියවීමට හැකිවේවා!!! ලංකා මාතාවට මෙවන් විපත්වලින් තොර යහපත් අනාගතයක් ලැබේවා.. !!!
ඉස්ලාමය සාමයේ ආගමයි. අපේ අරමුණ ලෝකයේ සාමය ඇතිකිරීමයි.
දේශපාලු අඹුදරුවන් යහතින් සැපෙන් ඉන්නවා නම් ඒ ඇති. රටේ අනෙකුත් පුරවැසියන්ට හෙන ගහලා ගියත් කමක් නැහැ. කොයි ආණ්ඩුව ආවත් ගෙදර උදවිය , හෙන්චය්යන් සහ වන්දි භට්ටයන්ගේ සුභ සාධනය පමණක් ඉහලින්ම සිදුවේ. මේ මියගියේ ආර්ථික ස්වාධිනතාවක් ඇති රටට බරක් නැති තරුණියෙකි. රටේ මිනිස්සුන්ගේ බදු මුදලින් යැපෙන දේශපාලු දුවෙක් නෙවෙයි. තරුණියගේ පවුලට අපේ බලවත් කණගාටුව !
මේ පාස්කු ප්‍රහාරයට හිටපු ආරක්ෂක ඇමති මෙන්ම හිටපු ජනාධිපති ඍජුවම වගකිව යුතුයි. ඇයි ඔහුට දඬුවම් ලබා නොදෙන්නේ?
මේ කුරිරු අපරාධයට ඉඩදුන් හිටපු ලොක්කන්ට ජාති ජාතිත් මේ පව ගෙවන්න සිදුවේවා...!!!
කොළඹ ජාතික රෝහලේ තියාගත්තම ඔය මනුස්සයා අදටත් ජීවත් වෙනවා. රාගම ඉස්පිරිතාලයට ගෙනාපු හින්දා තමයි අහිංසක ජීවිතයක් නැතිවුනේ.. රාගම ඉස්පිරිතාලේ කාර්යමණ්ඩලය නම් රෝගීන් ගැන කිසිම තැකීමක් නැහැ වගේ..
තමන්ගේ රාජකාරිය මගෑරලා පාස්කු ප්‍රහාර ඇතිවෙන්න ඉඩසැලසූ ලොකු පොඩි සියලු දෙනාටම ශාපවේවා...!!!
තාම කිසිම ආණ්ඩුවකට බැරිඋනා මේක කරපු අය අල්ලලා දඬුවම් දෙන්න. ඔන්න ආණ්ඩු.