කෝටි 31ක මත්ද්‍රව්‍ය කූරියර් තැපෑලෙන් කටුනායකට ඇවිත්
රුපියල් තිස් එක් කෝටි විසි ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් ඔස්සේ කූරියර් පාර්සල් ලෙස කටුනායක , සීදූව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බන්ධිත ගුදමක් වන කළම්බු කාර්ගෝ එක්ස්ප්‍රස් වෙත ලැබී තිබියදී , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (03) දින පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ .