හරක්කටාගේ නඩුවකට දින දෙයි
මීතොටමුල්ලේ නිවසකට කඩා පැන රුපියල් 26,000 මුදලක් සහ ත්රීරෝද රථයක් හා කොල්ලකෑ බවට පාතාල අපරාධකරුවකු බව කියන නදුන් චින්තක වික්රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට එරෙහි වැඩිදුර නඩු විභාගය ඔක්තෝබර් මස 29 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය අද (01) තීරණය කළාය.