ලංකාවේ සමූහ මිනිවළවල් ගැන ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි
මෙරටින් සොයා ගෙන ඇති සමූහ මිනී වළවල් සම්බන්ධයෙන් විශ්වසනීය, විනිවිදභාවයෙන් යුත්, ස්වාධීන පරීක්ෂණයක් වහාම අවශ්‍ය බවත් සමූහ මිනීවළවල් වලින් ගොඩගෙන ඇති ඇටසැකිළි සහ පුද්ගලික බඩුබාහිර ආදියෙන් මෙරට මානව හිමිකම් අතීතයේදී දරුණු ලෙස උල්ලංඝනය වී ඇති ආකාරය මතක් කර දෙන බවත් මෙරට එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.