වැඩ වල ප්‍රගතිය අහන්න දිසාපතිලා ජනපති කාර්යාලයට කැඳවයි
සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්රතිලාභ සමාජයේ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා රජයේ ප්රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහන ආරම්භ කිරීම සහ මේ වන විටත් ක්‍රියාත්මක රජයේ ප්රමුඛ සංවර්ධන වැඩසටහන් වල දිස්ත්‍රික් මට්ටමේ ප්‍රගති සාමාලෝචනය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.