
(අමදෝරු අමරජීව සහ උපාලි මනුසංක)
මහවැලි ගඟේ ජල මට්ටම යළිත් ඉහළ යාම නිසා පිටාර ගලන ජලකඳින් නීලපොළ සිට දෙහිවත්ත මංසන්ධිය දක්වා වූ ප්‍රධාන මාර්ගයේ කොටසක් අද ගැලවී ගිය බව ගම්වාසීහු පවසති.
ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ නීලපොළ පොම්පාගාරයට ඇති මෙම ගොඩබිම් පිවිසුම් මාර්ගය මෙලෙස බිඳී යෑමත් සමග ගොඩබිම් සබඳතාව ගිලිහී ගොස් ඇති බවත් කින්නියා, මූතූර්, කිළිවෙඩ්ඩි ප්‍රදේශවලට පානීය ජලය සපයන ප්‍රධාන නළ පද්ධතිය මේ නිසා අවදානමේ පවතින බවත් ගම්වාසීහු පෙන්වා දෙති.
මෙම මාර්ගය මීට සති කිහිපයකට පෙර ඛාදනය වෙමින් තිබියදී ගම්වැසියන් හා ආරක්ෂක අංශ එක්ව වැලි ගෝනි ගසා තාවකාලිකව පිළියම් කර තිබුණි. මෙම මාර්ගය මෙලෙස කඩාගෙන යාම නිසා පොම්පාගාර සේවකයන්ගේ ගමනාගමන කටයුතුවලට ද බලපෑම් එල්ල වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැලි කොට්ට ගොඩගහල හැදුවම එහෙම තමයි, ඒවා හේදිලා යනවා. ආණ්ඩුවේ ඡන්ද පදනම වගේ තමයි, මොන නාට්‍ය දැම්මත් දවසින් දවස පිරිහිලා යනවා