(ගයාන් සූරියආරච්චි,බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

නුගේගොඩ සහ කොහුවල අතර ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි පුද්ගලයකුට යතුරුපැදියකින් පැමිනි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් අද (22) රාත්‍රී 8.30 ට පමණ කළ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියැදුරු කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව කොහුවල පොලිසිය පවසයි.

තුවාල ලැබූ පුද්ගලයා කඩිනමින් රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.