හෙට පූර්ණ චන්ද්‍රග්‍රහණයක්: බලන්න කොළඹ කඳවුරක් ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් ගණනාවකට හෙට(7) පොහෝ දින පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැක බලා ගත හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ අංශාධිපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය. 06 September 2025
තැන තැන වෙඩි නතර කරන හැටි මහාචාර්ය ප්‍රතිභා කියයි බන්ධනාගාර ගත කෙරුණු දරුණු ගණයේ පාතාලකරුවන්ට ජංගම දුරකථන සහ ඒ ආශ්රිත උපාංග ලැබෙන තාක් සංවිධානාත්මක අපරාධ මැඩලීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසීය. 06 September 2025
සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාද කරන්න එපා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාද වීම වළක්වා ගනිමින් එහි ප්රතිලාභ නියමිත කාලයේ ජනතාවට ලබා දීම අදාළ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. 06 September 2025
මරදාන වෙඩිතැබීමේ පැදිකරු මාට්ටු මරදාන පංචිකාවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට අද අලුයම වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියේ පැදිකරු ලෙස කටයුතු කළ පුද්ගලයා විනාඩි කිහිපයක් තුළදී අත්අඩංගුවට ගැනීමට මෝදර පොලිසියේ නිලධාරීන් සමත් වී ඇත 06 September 2025
පද්මේලා ගැන මැතිසබේටත් ප්‍රකාශයක් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාලකරුවන් සහ රටේ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් රජය එන සතියේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. 06 September 2025
ජනපති “රිවිදනවි” සූර්ය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් අරඹයි වසර 2030 වන විට මෙරට ජාතික විදුලිබල අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ ප්‍රධාන පියවරක් ලෙස මෙරට ඉදි කෙරෙන විශාලතම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය වන සියඹලාණ්ඩුව “රිවිදනවි” සූර්ය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) ආරම්භ කෙරිණි. 06 September 2025
ඇල්ල අනතුරේ බස් රියැදුරුගේ රිධිර සාම්පල වැඩිදුර පරීක්ෂණවලට ඇල්ල 15කනුව ප්‍රදේශයේදී 15කට මරු කැදවමින් 18 කට තුවාල සිදුකර රාවණා ඇල්ල රක්ෂිතයේ අඩි දහසක පමණ ප්‍රපාතයකට පෙරලී ගිය විනෝද චාරිකා බස් රථය පැදවූ රියදුරුගේ රුධිර සාම්පල හෙට (7) වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන බව ඇල්ල පොලිසිය පවසයි . 06 September 2025
විජයදාසගෙන් ජනපතිට ලියුමක් කොළඹ වරාය නගරයට අයත් හෙක්ටයාර් 446.61 ක් විශාල භූමිය ශ්‍රී ලංකාවේ භූමියට ඇතුළත් කර නව සිතියමක් සකස් කර සම්මත කරන ලෙස හිටපු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කරයි. 06 September 2025
පද්මේගේ බඩු තියාගත්ත පියල් මනම්පේරි අත්අඩංගුවට පාතාල කල්ලි නායක කෙහෙල් බද්දර පත්මේ නුවරඑළිය ප්‍රදේශයේ ආරම්භ කර ඇති අයිස් මත්ද්‍රවය නිෂ්පාදන කම්මල සඳහා රැගෙන ආ රසායනික ද්‍රව්‍ය තොගය තම ගෙවත්තේ වල දමා සඟවාගෙන සිටි අගුණුකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි 06 September 2025
’’පොඩි කොල්ලන්ට බස් එලවන්න දෙන්න එපා’’ පළපුරුද්ද නැති පොඩි කොල්ලන්ට බස් එලවන්න දෙන්න එපා යැයි තමා බස් හිමිකරුවන්ගෙන් ඉල්ලීමක් කරන බව ලංකා පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. 06 September 2025
ඩඩ්ලි වැට ගලවන්න යයි සුදු අරලිය හෝටලයට යාබදව නිත්‍යානුකූල නොවන ඉඩම් කෑල්ලක් තිබෙන්නේ යැයි පිළිගන්නා බවත් එම ඉඩමේ වැට ගලවා දැමීමට තමා සූදානම් බවත් ප්‍රසිද්ධ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පැවසීය. 06 September 2025
අයිස් නිෂ්පාදනයට සම්පත් ලග තබාගත් “සම්පත්“ පක්ෂයෙන් දොට්ට මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින සම්පත් මනම්පේරිගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 06 September 2025
පද්මේලා එක්ක හාදකම් පෑ හිටපු මැති ඇමති රොත්තක් ගැනත් විමර්ශන කෙහෙල් බද්දර පද්මේ සහ කුඩු සළිඳු ඇතුළු පාතාලකරුවන් පස්දෙනා සමග මුල් කාලයේදී සබඳතා පැවැත් වූ බව පැවසෙන හිටපු ඇමතිවරුන් මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලනඥයන් අට දෙනෙකු සහ කලාකරුවන් කිහිප දෙනෙකු පිළිබඳවද විමර්ශනවලදී තොරතුරු අනාවරණයවී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය. 06 September 2025
ශෂීන්ද්‍ර බන්ධනාගාර රෝහලට හිටපු රාජ්‍ය අමාත්‍ය සහ ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රී බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ජගත් චන්දන වීරසිංහ මහතා පැවසීය. 06 September 2025
ඇල්ල අනතුරින් මිය ගිය අයගේ දේහයන් තංගල්ල නගර ශාලාවට රාවණා ඇල්ල රිය අනතුරින් මියගිය තංගල්ල නගර සභාවේ කාර්ය මණ්ඩලය සහ දරු දෙදෙනා ඇතුළු 15 දෙනාගෙන් දේහයන් 12ක් තංගල්ල නගර ශාලාවේ මහජන ගෞරවය සදහා අද (06) උදෑසන තැන්පත් කළේය. 06 September 2025
අළුබෝමුල්ලෙත් කටපුංචෙක් පත්තුවෙයි පානදුර අළුබෝමුල්ල සඳගල වත්ත ප්‍රදේශයේ වෙළඳසැලකට පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් අද (06) පෙරවරුවේ වෙඩි තැබීමක් සිදුකර ඇතැයි අළුබෝමුල්ල පොලිසිය කියයි 06 September 2025
මැතිසබේ වහලත් හිල්වෙලා පාර්ලිමේන්තුවේ වහලය ස්ථාන ගණනාවක හිල් පැවතීම හේතුවෙන් වර්ෂා කාලවලදී සභා ගර්භයේ යම් යම් ස්ථානවලට පවා ජලය කාන්දුවන බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පෙන්වා දෙති. 06 September 2025
15ක් බිලි ගත් ඇල්ලේ බසය හොර පාරේ ගිය එකක් පහළොස් දෙනෙකුගේ ජීවිත අහිමි කරමින් ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී අනතුරටපත් බස් රථය පොදු ප්‍රවාහනය සඳහා ලියාපදිංචියෙන් ඉවත් වූ එකක් බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය 06 September 2025
O.I.C 4ක් සාමාන්‍ය රාජකාරිවලට මහියංගණය ,මීගමුව බඩල්ගම ,කුලියාපිටිය කඳානේගෙදර සහ රත්නපුර පනාමුර පොලිස් ස්ථානාධිපති තනතුර දැරූ නිලධාරීන් සිව් දෙනා සාමාන්‍ය රාජකාරී සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර යවා ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 06 September 2025
වීසා නැති ශ්‍රී ලාංකික 5000ක් ඊශ්‍රායලයේ විසා බලපත් නොමැති ශ්‍රී ලාංකිකයන් පන්දහසක් පමණ ඊශ්‍රායලයේ රැඳී සිටින බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවැසිය. 06 September 2025
පංචිකාවත්තේ වෙඩි තැබීමක් මරදාන, පංචිකාවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව මරදාන පොලිසිය පවසයි. 06 September 2025
ග්‍රෑන්ඩ් පාස් වෙඩි තැබීමක්: අයෙක් මරුට ග්‍රෑන්ඩ් පාස් මහවත්ත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් කළ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. 06 September 2025
නාමල්ගේ පද්මේ කතාවට මහජන ආරක්ෂක ඇමතිගෙන් පිළිතුරක් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාලකරුවන් සමග සබඳතාවක් තිබුණා නම් එය නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ හෘද සාක්ෂිය එය හොඳාකාරවම දන්නවා ඇති යැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. 05 September 2025
ආනන්දේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව රැස්වෙයි කොළඹ ආනන්ද විද්‍යාලයේ සිව්වන ශිෂ්‍ය පාර්ලිමේන්තුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිත්වයෙන් ඊයේ (03) දින එම විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 05 September 2025
ඇල්ලේදී ජීවිත බේරන්න කළ මෙහෙවරට නාමල් හිස නමයි ඇල්ල අනතුරේදී ජනතාවගේ ජීවිත බේරා ගැනීමට දායක වූ සියලු දෙනා පෙන්වූ මනුෂ්‍යත්වයේ උත්තරීතර බවට තම හෘදයාංගම ගෞවරය පිරිනමන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 05 September 2025
පාරේ යන මිනිසුන්ගේ ගිණුම්වලින් සල්ලි ඇද්ද පි.සී මාට්ටු කොළඹ ප්‍රදේශයේ ස්ථාන තුනකදි සිවිල් පුද්ගලයන් කිහිප දෙනකුද සමග එක්වී මාර්ගයේ ගමන් කරන පිරිස් නවතා පරීක්ෂා කර ඔවුන්ගේ ජංගම දුරකථනවල අන්තර්ජාල බැංකු සේවා මගින් සිය ගිණුම්වලට බලහත්කාරයෙන් මුදල් බැරකර ගත්තේ යැයි කියන පොලිස් කොස්තාපල්වරයකු ඊයේ (4) සැකපිට අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය සඳහන් කරයි. 05 September 2025
ඇල්ලේ අනතුර ගැන ජනපති ඇතුළු රජයේ සංවේගය ඇල්ල බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ සියලුදෙනාගේ පවුල් වෙත ජනාධිපතිවරයා ඇතුළු රජයේ සංවේගය පළ කරන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ජාතික මීලාද් - උන් - නබි සැමරුම් උත්සවය අමතමින් පැවසීය. 05 September 2025
උණුසුම් කාලගුණය ගැන අවධානයෙන් ඉන්න මෙරටට බලපා ඇති උණුසුම් කාලගුණ තත්වය පිළිබඳ ප්‍රදේශ රැසක ජනතාව හෙට (6) දිනයේ අවධානය යොමුකළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 05 September 2025
අරුණගේ විශ්වාසභංගය: ලේකම්වරුන්ගෙන් වාර්තාව කතානායකට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් බාර දෙනු ලැබූ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ලේකම්වරුන්ගේ මතය ඇතුළත් වාර්තාව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට ඊයේ ( 4) බාරදී ඇත. 05 September 2025
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026