
(අංජුල මහික වීරරත්න)
කොළඹ කොටුව, වැතම් වීදියේ ඉඩම් කොටසක් 99 අවුරුදු බදු පදනම මත බැහැර කිරීම සඳහා ආයෝජන යෝජනා කැඳවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .
කොළඹ කොටුව, වැතම් වීදියෙහි පිහිටි නාගරික සංවර්ධන අධිකාරිය සතු රූඩ් 02 පර්චස් 14.7 ක ඉඩම් කොටසක් 99 අවුරුදු බදු පදනම මත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා 2024 වර්ෂයේදී ආයෝජන යෝජනා කැඳවීමට කටයුතු කරනු ලැබ ඇතත්, ඒ සඳහා කිසිදු ආයෝජකයෙකු ඉදිරිපත්ව නොමැත.
එබැවින්, ප්‍රශස්ත භාවිතයක් මඟින් මෙරට ආර්ථික සංවර්ධනය සඳහා දායකත්වයක් ලබා දීමේ අරමුණින් එකී ඉඩම් කොටස සඳහා පෞද්ගලික අංශයේ ආයෝජකයන් වෙතින් නැවත සංවර්ධන යෝජනා කැඳවීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කර ඇත.
ඒ අනුව, එකී ඉඩම් කොටස, රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ තක්සේරුව මත පදනම්ව, මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා වසර 99 ක කාලයකට බදු පදනමින් ලබා දීමට හැකි වන පරිදි රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කරමින් ආයෝජන යෝජනා කැඳවීම පිණිස ප්‍රවාහය, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
427
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1029
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චැතම් පාරේ ආණ්ඩුවේ ඉඩමක් බදු දෙන්න කෙනෙක් හොයයි