(අංජුල මහික වීරරත්න)

කිරුළපන, කොළඹගේ මාවතේ නිවාස ඒකක 615ක් සහිත නිවාස ව්‍යාපෘතියේ ඉතිරි වැඩ සැලසුම් කිරීම සහ ඉදි කිරීම් සඳහා කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

අතරමඟ නැවතී තිබූ කිරුළපන, කොළඹගේ මාවතේ නිවාස ඒකක 615ක් සහිත නිවාස ව්‍යාපෘතියේ ඉතිරි වැඩ සැලසුම් කිරීම සහ ඉදිකිරීම් සඳහා කොන්ත්‍රාත් කරුවෙකු තෝරා ගැනීමට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීම පිණිස 2024-12-30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. 

ඒ අනුව, නාගරික සංවර්ධන අධිකාරිය විසින් ලංසු කැඳවන ලදුව ලංසු 04 ක් ලැබී ඇත. එකී ලංසු සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපක් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව අදාළ කොන්ත්‍රාත්තුව ඇක්සස් ඉංජිනියරින් පීඑල්සී වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.