
(අංජුල මහික වීරරත්න)
මරුවැල් පන්න නම් වූ ධීවර පන්න ක්‍රමය සඳහා ඇම වශයෙන් යොදාගන්නා වේක්කයා මසුන් ආනයනය සඳහා බදු සහන ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ගැඹුරු මුහුදේදී ටුනා විශේෂයට අයත් මසුන් ඇල්ලීම සඳහා බහුදින යාත්‍රා හිමියන් විසින් මරුවැල් පන්න නම් වූ පන්න ක්‍රමය භාවිතා කරනු ලබයි. ඒ සඳහා ඇම වශයෙන් දැල්ලන් හා වේක්කයා, සාලයා, පියාමැස්සා වැනි කුඩා මසුන් භාවිතා කරනු ලැබේ.
මත්ස්‍ය සම්පත තිරසර ලෙස පරිභෝජනය කිරීමේ ක්‍රමවේදයක් වශයෙන් මරුවැල් පන්න ක්‍රමය භාවිතයෙන් අල්ලා ගනු ලබන මසුන් ඉහළ ප්‍රමිතියකින් යුක්ත වන බැවින් ඒ සඳහා ජාක්‍යන්තර වෙළෙඳ පොළ තුළ ඉහළ මිලක් පවතී.
මෙරට බහු දින ධීවර යාත්‍රා 2,200 ක් පමණ මරුවැල් පන්න ක්‍රමය භාවිකා කරන අතර, ඒ සඳහා වාර්ෂිකව ඇම මසුන් මෙට්‍රික්ටොන් 8,000 ක් පමණ අවශ්‍ය කෙරේ.
එහෙත්, එම ප්‍රමාණයෙන් දේශීයව සපයා ගැනීමට හැකියාව පවතිනුයේ මෙට්‍රික්ටොන් 4,000 ක් පමණ වු ප්‍රමාණයකි. එබැවින්, පුද්ගලික අංශයේ සහාය ඇතිව ඉදිරියේදී ඇම සඳහා වේක්කයා මසුන් දේශීයව නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව, එම දේශීය නිෂ්පාදන භාවිතයට ගත හැකි වන තෙක්, වේක්කයා මසුන් ආනයනය කිරීමේදී තීරුබදු සහනයක් ලබා දීම සම්බන්ධයෙන් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, වේක්කයා මසුන් ආනයනය කිරීමට අදාළව නව සංයෝජිත වර්ගී කරණ සංකේතාංකයක් හඳුන්වා දී ලියාපදිංචි ධීවර සමිති හරහා අවශ්‍ය වේක්කයා මසුන් ආනයනය කිරීමටත්, දැනට ක්‍රියාත්මක තීරු බදු ක්‍රමවේදය වෙනුවට ආනයනය කරනු ලබන වේක්කයා මසුන් කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 180/- ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් හඳුන්වා දී එම බද්දෙන් රුපියල් 130/- ක බදු සහනයක් වේක්කයා මසුන් ආනයනය කරනු ලබන ධීවර සමිති වෙත ලබා දීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
427
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1029
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ටූනා අල්ලන්න වේක්කයා රටින් ගෙනෙයි