(අංජුල මහික වීරරත්න)

නත්තල් උත්සවය පාසල් නිවාඩුව සහ වසර අවසානයේ පවතින දීර්ඝ නිවාඩුව සලකා අමතර දුම්රිය ධාවනයට එක් කිරීමට සැලසුම් කර ඇතැයි දුම්රිය අධිකාරී (ගමනාගමන) G.D.A සමරසිංහ මහතා පවසයි.

ඒ අනුව අද (24) ප.ව. 3.00 ට මරදාන සිට මාතර දක්වා විශේෂ ශිඝ්‍රගාමී දුම්රියක් ධාවනයට සැලසුම් කර ඇත. එම විශේෂ දුම්රිය 29 දින මාතර දුම්රිය ස්ථානයෙන් පෙ.ව.5.00 ට කොළඹ කොටුව දක්වා පිටත් වී කොළඹ කොටුවට පෙ.ව. 8.30 ට ළඟා වීමට සැලසුම් සකස් කර ඇත.

කොළඹ කොටුව - කන්කසන්තුරය නගරාන්තර දුම්රිය හෙට (25) සහ 28 දිනවල ධාවනයට සැලසුම් කර ඇත. (මෙම දුම්රිය පළමු පංතියේ වායු සමනය කළ මැදිරි 9 කින් සමන්විත වේ.