අතහැර දැමු ගමන් මල්ලකින් කුෂ් තොගයක්
රුපියල් විසි කෝටි අනූ ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ගමන් මලු පථයක් අසළ අත්හැහැරදැමූ ගමන් මල්ලක් තුළ තිබී, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අනුයුක්තව සේවය කරන ’’ මැක්ස් ’’ (Max ) නැමති නිල සුනඛයා විසින් සොයා ගැනීමෙන් පසු එම ගමන් මල්ල රැගෙන ආ ගුවන් මගියා ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අද (6) අත්අඩංගුවට ගනු ලැබීය.