
බංග්ලාදේශයේ මීළඟ අගමැති ධුරයට පත්වීමේ ඉදිරියෙන් සිටින අපේක්ෂකයා වන තාරික් රහ්මාන්, වසර 17ක පිටුවහල් ජීවිතයෙන් පසු, ඓතිහාසික මහ මැතිවරණයට පෙර නැවත සිය රටට අද (25) දින පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පිටුවහල් කිරීමෙන් පසු 2008 සිට ලන්ඩනයේ ජීවත් වු 60 හැවිරිදි රහ්මාන්, හිටපු අගමැතිනි කලීඩා සියාගේ පුත්‍රයා ද වන අතර බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ (BNP) වත්මන් වැඩබලන සභාපතිවරයා ද වන බව විදෙස් මාධ්‍ය පවසයි.
ඔහු නායකත්වය දෙන පක්ෂය වන බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP), නව වසරේ බංග්ලාදේශ මැතිවරණයේදී බලයට පත්වීමේ අපේක්ෂාවෙන් සිටී.
රහ්මාන්ගේ නැවත පැමිණීම සිදුවන්නේ පසුගිය වසරේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහ කිරීමෙන් පසුව බව විදෙස් මාධ්‍ය පවසයි.
හසීනාගේ අවාමි ලීග් පක්ෂය බලයේ සිටියදී දියත් කරන ලද විවිධ අපරාධ පරීක්ෂණවලට රහ්මාන් ලක් වූ නමුත් ඇගේ පාලනය බිඳ වැටුණු විට සියලු චෝදනාවලින් ඔහු නිදහස් වී ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
රහ්මාන් පිළිගැනීම සඳහා ඩකා අගනුවරට මිලියන පහක පමණ ආධාරකරුවන් රැස්කරවීම තම අරමුණ බව BNP පක්ෂය පවසා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.
තාරික් රහ්මාන්ව උත්සවාකාරයෙන් පිළිගැනීමට ගුවන් තොටුපළේ සිට පිළිගැනීමේ ස්ථානය දක්වා මාර්ගය දිගේ ආධාරකරුවන් පෙළ ගැසී සිටි බව විදෙස් මාධ්‍ය පවසයි.

අන්තර්ජාලය ඇසුරෙන් හසිනි නවෝද්‍යා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ ඕනෑම රටක වුවද, ඕනෑම පුද්ගලයෙකුට එක් කාලසීමාවකට වඩා පාලකයා වීමට නොහැකියි. දෙවන කාලසීමාව සාමාන්‍යයෙන් බලලෝභී සාදන උත්සාහයක් වේ. මෙම තත්ත්වය යුරෝපය, ඇමරිකාව හෝ ඕනෑම ආසියානු රටකද එකසේය. එබැවින්, අනුර කුමාරද දෙවන කාලසීමාවට ආණ්ඩුකාරයා විය නොහැක. ඊළඟ කාලසීමාව වෙනත් පුද්ගලයෙකුට, උදාහරණයකට, නාමල් හෝ සජිත්ට ලබා දිය යුතුය. ශ්‍රී ලාංකිකයන් මෙය ගැන සිතිය යුතුයි...
ලංකාවේ හෙනේට හිටියේ ඔය වගේ අය, චන්ද්‍රිකා, ඊටපස්සේ ගෝඨාභය, දැන් ඉන්න ජනාධිපති, මේ කවුරුවත් පොළොවේ පයගහලා නොවෙයි හිටියේ, හීන ලෝකෙක. රනිල් වුනත් මේ අයට වඩා ප්‍රායෝගිකයි. අන්තිමට රට අලුත් වටයකින් වැටෙන එකත් ප්‍රපාතයට යන එකත් නවතින්නේ නැහැ. ඔය ආනයනය කරන මිනිස්සු මුරුංගා අත්තේ තියන තරු දේශපාලනඥයෝ නෙවෙයි... සැබෑ තත්වය ගැන මිනිස්සුන්ට රිදෙන්න කියන අය තමයි රටට සේවයක් කරන අය....