
(තිලකරත්න දිසානායක)
පසුගිය ගංවතුර සහිත ආපදා තත්ත්වයේදී ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි සත් මහල් ගොඩනැගිල්ලෙහි බිම් මහල අඩි කිහිපයකින් යටවීම මත රෝහලට ඇතුළුවීම නොහැකිවීම සැලකිල්ලට ගනිමින් පැරණි ගොඩනැගිල්ල අසල සිට මහල් ගොඩනැගිල්ලේ පළමු මහලට යාමට හැකි සේ පාලමක් , ඉදිකර දීමට ව්‍යාපාරිකයෙක් කටයුතු කළේය.
රෝහලෙහි ප්‍රාථමික දැඩි සත්කාර ඒකකය , බාහිර ප්‍රතිකාර අංශය ඇතුලු රෝහලෙහි බිම් මහල ජලයෙන් යටව තිබීම දුටු ආර්.එස්.ප්‍රොජෙක්ට්ස් ආයතන අධිපති රවීන්ද්‍ර සන්දනායක මහතා, රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ධනංජය වනිගරත්න සහ වෛද්‍ය සම්පත් කුලතිලක යන මහත්වරුන් සහ සැලසුම් අංශය සමග සාකච්ඡා කිරීමෙන් පසුව , පළමු මහලේ එක්ස්රේ අංශයද ඇතුලුව රෝගී නේවාසික වාට්ටු සහ සත් මහල් ගොඩනැගිල්ලට ගමන් කළ හැකි ලෙසින් රුපියල් ලක්ෂ 20 ක පමණ මුදලක් වැය කොට යකඩ පාලම සකස්කර දීමට පියවර ගෙන තිබිණි.
ගම්පහ ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලයේ අනුමැතිය ඇතිව ඉදිකරන ලද පාලම රෝහලෙහි පරිහරණය පිනිස බාරදීමේ අවස්ථාවට , රවීන්ද්‍ර සන්දනායක මහතාගේ ආරාධනය පරිදි තුම්මෝදර සමිතසෝම නාහිමි , ගම්පහ පුරපති එරික් එදිරිවික්‍රම මහතා , සන්දනායක මහතාගේ පවුලේ සාමාජිකයන්ද සමග රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ධනංජය වනිගරත්න, වෛද්‍ය සම්පත් කුලතිලක යන මහත්වරු සහ රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් සහභාගිවී සිටියහ.
2025 දෙසැම්බර් මස 18
520
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගම්පහ රෝහලේ පැරණි සහ අලුත් වාට්ටු සම්බන්ධකර පාලමක්