
(සුජිත් හේවාජුලිගේ)
කොළඹ මහ නගර සභාවේ හෝ වෙනත් ඕනෑම පළාත් පාලන ආයතනයක අයවැය දෙපාරක් පරාජය වුවත් ඒවායේ පාලන බලයට කිසිදු ගැටලුවක් ඇති නොවන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
මේ සම්බන්ධයෙන් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සදහන් කළේ පළමු අවස්ථාවේ මෙන්ම දෙවැනි අවස්ථාවේ අයවැය පරාජය වුවත් පළාත් පාලන ආයතනයක ප්‍රධානියාට පාලන බලය ගෙන යෑමට කිසිදු ගැටලුවක් ඇති නොවන බවයි.
කෙසේ වෙතත් තුන්වැනි අවුරුද්දේදී අයවැය සම්මත නොවුණහොත් ගැටලුවක් මතුවන බවත් සියලු දේශපාලන පක්ෂවලට අයවැය යෝජනාවේ සාධාරණ ඉඩක් ලබා දී නොමැතිව තුන්වැනි අවුරුද්දේ දී අයවැය පරාජයට පත් වුවහොත් නගරාධිපතිවරයාගේ හෝ සභාපතිවරයාගේ හෝ තනතුර අහිමි වන බවත් ඔහු ප්‍රකාශ කළේය.
මුලින් පැවැති නීතිය අනුව අයවැය පරාජය වීමේදී තනතුරු අහිමිවීමක් සිදුවුණු බව කී හෙට්ටිආරච්චි මහතා නව නීතිය අනුව එනම් 2012 අංක 21 පළාත් පාලන සංශෝධන පනත අනුව එවැන්නක් සිදු නොවන බව ද සඳහන් කළේය.
මේ පනත සංශෝධනය වන්නේ වන්නේ ද එම ගැටලුව නිසා බව ඔහු කීවේය.
ජාතික ජන බලවේගයට බලය හිමි වූ කොළඹ මහ නගර සභාවේ 2026 මංගල අයවැය පෙරේදා (22) පරාජයට පත්විය.
අයවැයට විපක්ෂව ඡන්ද 60ක් හිමිවූ අතර ඊට පක්ෂව හිමිවූයේ ඡන්ද 57ක් පමණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුජිබර් රහමන් දැන් මොනවද කරන්නේ...?
අනේ ඉතිං දේශපාලනයට එන හැමෝගේම අර ලැජ්ජා නහරය නැහැනේ. මීට පෙර නම් ඔය වගේ ලැජ්ජා නැතිවැඩ සිදුවෙලා නැහැ...
විස්වාස භංග යෝජනා ගෙන ආ යුතුයි.
කොළඹ මහ නගර සභාව කියන්නේ දූෂිත ආයතනයක්ව පැවැති බව දන්නෝ හොන්දාකාරවම දන්නවා. මුජිබරයාගේ සිහින ලෝකේ බිද වැටුණු නිසා අවුලෙන් ඉන්නේ?
ආණ්ඩුවේ ලජ්ජා නැතිකම ගැන ඔරලෝසු කතන්දරෙන් එලිවුනා. දැන් දෙපාරක් අයවැය පැරදිලාත් එල්ලීගෙන ඉන්නවා නීතියෙන් බාධාවක් නෑ ගගා. හරි නම් අස්වෙලා බහුතරය ඉන්න නගරාධිපති කෙනෙක් පත්කරගන්න ඕන
මුජිබරයාට දැන් චූබර වෙලා, රෙද්දේ රෙවිලා.
කොළඹ මහ නගර සභාව පාලනය කරන්නේ මුජිබර් රහමන්ද ?
සිල්වො, මේ අහන්න, ඕවාට විශ්වාස භංග ගේන්න බැහැ, ඒවා පාර්ලිමේන්තුවේ පමණයි. සිල්වා දන්නවාද පළමුවර පරාජය වූ ගාල්ල අය වැය ඊයේ නැවත දැම්මාම මාලිමාව දිනුව බව. මාධ්‍ය ඕවා දමන්නේ නැහැ. කොලඹත් වෙන්නේ ඕකම තමයි...