රන්ජන් රෝහලෙන් යළි බන්ධනාගාරයට දණහිසේ ආබාධයක් හේතුවෙන් රෝහල් ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ප්රතිකාරවලින් පසු අගුනකොලපැලැස්ස බන්ධනාගාරයට රැගෙන ගිය බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය. 18 July 2021
කැබ්රිය පාළමකින් පෙරැළි 7 ක් රෝහලේ යාපනය මුතූර් ප්‍රදේශයේදී කැබ් රියක් පාළමකින් පෙරැලී යාම හේතුවෙන් එහි ගමන්ගත් 07 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බවට චාවකච්චේරි පොලීසිය පවසයි. 18 July 2021
කොරෝනා වැළඳුණු යාපනයේ ව්‍යාපාරිකයන් හයක් අතුරුදහන් යාපනය පේදුරුතුඩුව වඩමාරච්චි ප්‍රදේශයේ කොවීඩ් 19 වයිරසය වැළඳුනු ව්‍යාපාරිකයන් 06 දෙනකු ප්‍රදේශයෙන් අතුරුදහන් වී ඇතැයි යාපනය සෞඛ්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 18 July 2021
ඡන්ද නීති හදන මැතිසබා කමිටුවට පක්ෂ 21 කින් යෝජනා මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යූහයේ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට පිළිගත් දේශපාලන පක්ෂ 21 කින් යෝජනා ලැබී ඇතැයි එම කාරක සභාවේ ලේකම්, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීතිඥ කුෂාණි රෝහණදීර මහත්මිය පැවැසුවාය . 18 July 2021
ඇමැති තුන්කට්ටුවක් සීගිරියට මොඩර්නා දෙති සිගිරිය ප්‍රදේශයේ දී සංචාරක ව්‍යාපාරයේ නියැලී සිටින සියලු දෙනාට විදේශවලට සිට මෙරටට ආ සංචාරකයන් පිරිසකට ද මොඩර්නා එන්නත් ලබා දීම සීගිරිය මධ්‍යම අරමුදල් භූමියේදී අද පෙරවරුවේ ආරම්භ විය. 18 July 2021
මහාචාර්ය ඒකකය ගෙනියනවාට කුලියාපිටියේ විරෝධතා කුලියාපිටිය ශික්ෂණ රෝහලට ලැබී ඇති මහාචාර්ය ඒකකය කුරුණෑගලට රැගෙනයාමට එරෙහිව සර්ව ආගමික නායකයින් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් හා ප්‍රදේශවාසී ජනසහභාගීත්වයෙන් කුලියාපිටිය ශික්ෂණ රෝහල ඉදිරිපිටදී දැවැන්ත උද්ඝෝෂණයක් කළහ. 18 July 2021
මුජුබුර්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් වත්මන් ආණ්ඩුව පැමිණි පසු රටේ දියුණු වූ එක ක්ෂෙත්රයක් හෝ තිබේ නම් පෙන්වන්නැයි ආණ්ඩුවට විවෘත අභියෝගයක් කරන බව සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා අද(18) පැවසීය. 18 July 2021
‘විශ්ව විද්‍යාල පනතට අත තියන්න එපා‘ ජනතා විරෝධි අරමුණු ඉටුකරගැනීම සඳහා විශ්වවිද්‍යාල පනතට අත නොතබන ලෙසත් ජනතාව දශක ගණනාවක් බුක්ති විඳි නිදහස් අධ්‍යාපනයේ වරප්‍රසාදය කප්පාදු කිරීමට කටයුතු නොකරන ලෙසත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 18 July 2021
ඔන්ලයින් පන්තියට බඹරු පනිති:සිසුන් 24ක් රෝහලට මුලතිව් පුදුකුඩිඉරිප්පු විශ්වමඩු ප්‍රදේශයේ පැවති ඔන්ලයින් පංතියකට සහභාගී වූ සිසුහු 24 දෙනෙක් බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් රෝහලගත කරනු ලැබූහ. 18 July 2021
පැය 24 කදී නිරෝධායන නීිති කැඩු 368 ක් අත්අඩංගුවට නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 368 දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 18 July 2021
ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයට ශ්රීලනිපය විරුද්ධයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට විරුද්ධව පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කරන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය . 18 July 2021
ගැඹුරු මුහුදේදී අනතුරට පත් ධීවරයා නිරුපද්‍රිතව ගොඩබිමට ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් මහා රාවණා ප්‍රදීපාගාරයේ සිට (Great Basses) නාවික සැතපුම් 610 ක් පමණ දුර ගැඹුරු මුහුදේදී සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් තුවාල ලබා අසාධ්‍යව සිටි, මෙරට බහුදින යාත්‍රාවක ධීවරයකු බේරාගෙන නාවික නෞකා ‘සයුරල’ නෞකාව මගින් අද (18) හම්බන්තොට වරාය වෙත රැගෙන ආ බව නාවික හමුදාව පවසයි. 18 July 2021
සැරයන්වරුන් දෙදෙනා හොර වැලි ටැක්ටරයට යට වෙයි මඩාටුගම,බරාවිල ප්‍රදේශයේදී හොරෙන් වැලි ප්‍රවාහනය කළ ට්‍රැක්ටරයක් අත්අඩංගුවට ගැනීමට ගිය කැකිරාව පොලිසියේ සැරයන්වරුන් දෙදෙනකු එම ට්‍රැක්ටරයට යටකර පළාගිය රියදුරකු පසුව අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය පවසයි. 18 July 2021
මත් මුද්දර සමඟ තිදෙනකු අත්අඩංගුවට මත් මිශ්‍ර මුද්දර 275 හා හෙරොයින් මෝටර් රථ දෙකකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනකු හෝමාගම පිටිපන ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන ඇත. 18 July 2021
‘තරුණ ව්‍යවසායකයින් 50,000 ක් බිහි කිරීමේ වැඩසටහන අරඹයි තරුණ ප්‍රජාව ව්‍යාපාරවලට යොමු කරමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට වසරකදී තරුණ ව්‍යවසායකයන් 50,000 ක් බිහිකිරීමේ ‘හෝප් ෆෝ ශ්‍රී ලංකා’ වැඩසටහන මහරගම ජාතික තරුණ සේවා සභාවේදී පසුගියදා ආරම්භ විය. 18 July 2021
විපක්ෂයේ සර්ව පාක්ෂික සමුළුව පවත්වයි විරුද්ධ පක්ෂයේ කටයුතු කරන දේශපාලන පක්ෂවල එකමුතුව ලෙස විපක්ෂයේ සර්ව පාක්ෂික එකමුතුවක් සඳහා වූ සමුළුවේ ආරම්භක සැසිය කොළඹදී පැවැත්විණි. 18 July 2021
මන්නාරම වෙරළට කැස්බෑ සිරුරු හයක් මන්නාරම වංකාලෙයිපාඩු මුහුදු වෙරළට ගොඩ ගසා තිබූ කැස්බෑවුන් 06 දෙනකුගේ සිරුරු සොයාගත් බව මන්නාරම වනජීවි නිලධාරී කාර්යාලය පවසයි. 18 July 2021
පොලිසියට චණ්ඩිපාට් දමා වැලි ගොඩදැමු අයෙක් අත්අඩංගුවට පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් බලපත්‍රයක් නොමැතිව වැලිපටවමින් සිටි වැලි ජාවාරම්කරුවකු වැලිපැටවු ට්‍රිපර් රථය සමග අත්අඩංගුවට ගත්බැව් උඩුගම පොලීසිය පවසයි. 18 July 2021
වදක පියෙක් බුත්තලින් අල්ලයි බුත්තල උඩගම ප්‍රදේශයේ අවුරුදු හයක් වයසැති දියණියකට සහ අවුරුදු හතරහමාරක් වයසැති පුතුට අමානුෂික ලෙස පහරදුන් බව කියන එම දරුවන් දෙදෙනාගේ පියා අත්අඩංගුවට ගත් බව බුත්තල පොලීසිය කියයි. 18 July 2021
හක්කපටස් කෑ අලියා මරුට මුලතිව් ඔඩ්ඩුසුඩාන් පෙරියකුලම් වෙල්යායේදී හක්කපටස් බෝම්බයක් පිපිරී යාම හේතුවෙන් මිය ගිය වන අලියෙකුගේ සිරුරක් සොයාගත් බවට මුලතිව් වනජීවි කාර්යාලය පවසයි. 18 July 2021
හික්කඩුව සතිපොලේ උද්ඝෝෂණයක් කොරෝනා මර්දන එන්නත්කරණයේ ප්‍රමුඛත්වය තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලා අද (18) උදේ හික්කඩුව සතිපොළ වෙලෙන්දෝ සති පොළේදීම උද්ඝෝෂණයක නිරතවූහ. 18 July 2021
‘වසංගතයෙන් ආරක්ෂා වී රටට ගෞරවයක් ගේන්න‘‘ කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වෙමින් රටට ගෞරවයක් ලබා දීමට ක්‍රියා කරන්නැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ ටෝකියෝ නුවර ඔලිම්පික් උළෙලට සහභාගී වන ශ්‍රී ලාංකික කණ්ඩායමට සුබ පතමින් සඳහන් කරයි. 18 July 2021
පුවත්පත් කලාවේදී ක්රිෂ්ණ විජේබණ්ඩාර දිවි සැරිය නිමා කරයි ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වූ ක්රිෂ්ණ විජේබණ්ඩාර මහතා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී අභාවප්‍රාප්ත විය. 18 July 2021
ඇත් පහරින් තිදරු මව නිවසේදීම මරුට සිය නිවසේ සාලයේදී ඇතෙකුගේ පහරදීමකට ලක් වු තිදරු මවක් මියගොස් ඇතැයි මහව පොලිසිය කියයි . 18 July 2021
කෝටි එකහමාරක් කොට්ටාවේ ගෙවත්තකින් ගොඩගනි ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවකු වන චරිත් සඳකැලුම් නොහොත් ’’රන් මල්ලි’’ නැමැත්තාගේ මත්කුඩු ජාවාරමේ රුපියල් කෝටි 1 1/2 ක් කොට්ටාව හිරිපිටිය ප්‍රදේශයේ නිවසක වල දමා තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සොයාගනු ලැබීය. 18 July 2021
නයිලෝන් නූලෙන් ආ මරුවා මවත් සිඟිති පුතාත් ඩැහැ ගනී කැඩිගිය සරුංගලයක නයිලොන් නුලක් ධාවනය වූ යතුරු පැදියක පැටලි එහි ගමන් ගත් මවක් හා වයස අවුරුදු එකහමාරක දරුවකු මියගොස් යතුරුපැදිය පැදවු පියා සහ හය හැවිරිදි දරුවකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කළ බව රත්ගම පොලීසිය පවසයි. 18 July 2021
දුමින්ද සිල්වාට සභාපති පුටුවක් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා පත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. 18 July 2021
මත් කුඩු කිලෝ 12ක් ආදුරුප්පු වීදියෙන් අල්ලයි කොළඹ ආදුරුප්පු වීදිය ප්‍රදේශයේදී නිවෙසක බංකරයක් තුළ සඟවා තිබූ මත් කුඩු කිලෝ 12ක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 18 July 2021
පොලිසිය සමග වෙඩි තබා ගත් පාතාල සාමාජිකයා මරුට ප්‍රබල මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල සාමාජිකයකු බව කියන ලලිත් පිංතු නැමැත්තකු සීදූව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය සමග ඇතුවූ වෙඩි හුවමාරුවකු දි මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 18 July 2021
නින්ජා ගේම් දුන් 16 සිසුන් තුනක් අල්ලයි අගුරුවාතොට,හොරණ සහ ඉංගිරිය යන පොලිස් බල ප්‍රදේශවල වෙළඳසල් හතරක් කඩා රුපියල් ලක්ෂ 40කට වඩා වටිනා භාණ්ඩ සොරාගත් හොරණ අධ්‍යාපන කලාපයට අයත් ප්‍රසිද්ධ පාසල් තුනක සිසුන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව අගරුවාතොට පොලිසිය පවසයි. 17 July 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026