IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඇත් පහරින් තිදරු මව නිවසේදීම මරුට

(නිහාල් ජයවීර )

සිය නිවසේ සාලයේදී ඇතෙකුගේ පහරදීමකට ලක් වු තිදරු මවක් මියගොස් ඇතැයි මහව පොලිසිය කියයි .

 මහව , දළදාගම , උල්ලලපොළ පදිංචිව සිටි පී.එච් .නන්දාවති ( අවුරුදු 47) නමැති මව මෙසේ මරණයට පත්ව ඇතැයි පරීක්ෂණවලදි අනාවරණය වු බව පොලිසිය පවසයි .

පාදෙණිය - අනුරාධපුරය ප්‍රධාන මාර්ගයේ දළදාගම හන්දියට ආසන්න අතුරු මාර්ගයක මීටර් 100ක් පමණ දුරකින් ඔවුන්ගේ නිවස පිහිටා තිබෙන බව ද සිද්ධිය වු දා දළ ඇතා ගෙවත්තට කඩා වැදී ඇතැයි පොලිසිය කියයි .

ඇතාගේ ශබ්දය ඇසි නිවැසියන් අවදි වී ඇතාව පලවා හැරිමට උත්සාහ කොට ඇති බවත් ,ඇතා ඒ අවස්ථාවේ අල්ලපු වත්තට ගොස් ඇති බවත් පොලිසිය පවසයි .

මේ තිදරු මවත් ,ඇගේ සැමියා හා ලේලිය මිදුලට පැමිණ ඇතාව පලවා හරිමින් සිටියදී යාබද වත්තට ගිය ඇතා ක්ෂණයෙන් ආපසු හැරි ඔවුන් වෙතට පන්නාගෙන පැමිණ ඇති බවත් ,සැමියා හා ලේලිය කුස්සිය පැත්තේ දොරින් නිවසට ඇතුළු වී ඇති බවත් ,තිදරු මව ඉදිරිපස දොරෙන් ඇතුළු වීමේදී  ඇතාගේ ග්‍රහණයට හසුව මෙලෙස  මියගොස් ඇතැයි පරීක්ෂණවලදි අනාවරණය  වු බව පොලීසිය පවසයි

 



අදහස් (0)

ඇත් පහරින් තිදරු මව නිවසේදීම මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site