
(ලක්මි කුඩලිගම සහ නයදුල සෙන්ද නායක)
අගුරුවාතොට,හොරණ සහ ඉංගිරිය යන පොලිස් බල ප්‍රදේශවල වෙළඳසල් හතරක් කඩා රුපියල් ලක්ෂ 40කට වඩා වටිනා භාණ්ඩ සොරාගත් හොරණ අධ්‍යාපන කලාපයට අයත් ප්‍රසිද්ධ පාසල් තුනක සිසුන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව අගරුවාතොට පොලිසිය පවසයි.
සැකකරුවන් වයස අවුරුදු 16 වියෙහි පසුවන අගුරුවාතොට දොබගොඩ සහ බටගොඩ යන ප්‍රදේශවල පදිංචි සාමාන්‍ය පෙළ සිසුන් බව පොලිසිය පවසයි.
අගුරුවාතොට දොබගොඩ ප්‍රදේශයේ පැවති මෙහෙයුමක් අතරතුර යතුරු පැදියක් පරික්ෂා කිරීමේදී අත් පොරවක් සහ නිංජා කැප් එකක් හමුවීමෙන් පසු සුදුකළ විමර්ෂණයකදී හොරකම පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.
සැකකරුවන් දෙමාපියන්ට හොර රහසේ රාත්‍රිකාලයේ වරින් වර මෙම සොරකම් සිදුකරගෙන ගොස් ඇති බව පොලිසිය පැසීය.
සැකකරුවන් සොරකම් කිරීමට භාවිතා කරණ ලද යතුරු පැදි තුනක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් සොරකම් කරන ලද භාණඩ වැඩි මිලට විකුණා නොයෙක් විනොද කටයුතුවල යෙදී ඇති බව පොලිස් පරික්ෂනවලදි අනාවරනය වී ඇත.
ඔවුන් සොරකම් කරන ලද ලැප්ටොප් පරිගණක තුළ තිබි ඔවුන් විසින් පටිගත කරන ලද අසභ්‍ය වීඩියෝ දර්ශන රැසක්ද පොලිසිය සොයාගෙන ඇත.
2025 නොවැම්බර් මස 04
584
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2276
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නින්ජා ගේම් දුන් 16 සිසුන් තුනක් අල්ලයි